(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
තෙල් පිරිපහදු සංකීරණය වසා දැමුවද ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශයේ එම නිලධාරියා අවධාරණය කළේය.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි
දාස Thursday, 30 December 2021 03:50 PM
සෞබාග්‍යයේ දැක්ම, ගෝඨාභය ක්‍රමය....
fairoos Thursday, 30 December 2021 03:57 PM
කොච්චර හොඳට තිබිච්චි රටක්ද මෙහෙම බංකොලොත් කරන්නේ.. දැන් ඉතින් ඉන්න හිටින්න රටක් ඇති කියපු අයට නම් සැප තමයි.
Ranjit Thursday, 30 December 2021 04:13 PM
ඊයේ දහවල් ලොකු මහත්තයා අර නුගේගොඩ ජුබිලිකණුව අසල තියෙන පැලවත්ත කිරිහල පසුකරගෙන යන වෙලාවේ එතන පෝලිමේ හිටිය සෙනඟ මහ හයියෙන් හූ කීවාලු. පස්සේ පොලිසියෙන් 50ක් විතර ඇවිත් එතන හිටපු සෙනඟ එළවා දමා කිරිහල වසා දැම්මාලු. ක්‍රිකට් පිටියේදී අනාගත නායකයාට හූ කිව්වා. ගෙදර ළඟදී ඉන්න නායකයාටත් හූ කිව්වා. කමින් කලර් නෝ ගුඩ් නේද?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 30 December 2021 04:33 PM
එක රටක්... එක නීතියක්.... අනේ..!!! අපේ රටකට ගිය කලක්...
Bamunuarachchi Thursday, 30 December 2021 09:25 PM
බාබර් සාප්පු දොරක් වෙන්න ඇති හයිකරලා ඇත්තේ...
Sunil Friday, 31 December 2021 07:10 AM
පොහොර නැතිවුණත් අස්වනු සරුවෙයා... ඩොලර් නැති වුණත් බඩු තිබෙයි.. පිරිපහදුව වැසුවත් ඉන්ධන හිඟ නොවෙයි. මේ රජයේ ක්‍රියා පිළිවෙත අතිශයින් විශිෂ්ඨයි.
ඇත්ත Saturday, 01 January 2022 04:08 AM
අරක මේක නෑ කියලා හිතාගෙන හිටියාට ලංකාවේ තරම් ආතල් එකේ ඉන්න අය පේන්නේ පිටරට දුක් විඳින අපිට...!
Perera Saturday, 01 January 2022 06:58 AM
ඩඩ්ලි සේනානායක ඇතුළු එජාප රජය විසින් 1969 ඇරඹූ සපුගස්කන්ද පිරිපහදුව ගෝඨාභය ජනාධිපති ඇතුළු පොහොට්ටු රජය විසින් 2021/ 22 වසා දැමුණු බවයි.