IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සප්ත ස්වරයේ අසිරිය මවන ‘වියපත් බඹරා’

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න.

අමරසිරි පීරිස්

ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ හැඟුම්බර හඬ දෙසවන සිපගනියි. මීදුම් රොටුවෙන් වැසී ගත් හන්තාන කඳු මුදුනට පායන පුර සඳ පේරාදෙණිය සරසවි බිමේ කිසියම් නේවාසිකාගාරයක හුදෙකලා වූ යුවතියකට පෙනෙනු ඇත්තේ බොඳ වූ ලෙසකින් විය යුතුය. එහෙත් හැමදාමත් මීඳුම් රොටුව හන්තාන වැළඳ ගන්නේ නැත. එබැවින් සරසවි ජීවිතයේ කිසියම්ම දවසක හන්තානට පායන සඳ ඇය දැකගනු ඇත. ඒ පුරහඳ අතිශයින්ම අලංකාර විය යුතුය. මම ද අහස බලමි. එහෙත් මට පෙනෙන්නේ කොළඹ ආනන්දයේ කුලරත්න ශාලාවේ සිවිලිම පමණි. මා මේ සිටින්නේ ”සදානන්දය” නම් වූ ගීත ප‍්‍රසංගය, නරඹමින් බව මට අමතකව ගොසිනි. අමරසිරි පීරිස් නම් වූ ගායන ශිල්පියා ඔහුගේ භාවාත්මක හඬින් මා හන්තාන කරා රැගෙන ගොසිනි. ඔබ ආයෙමත් ඇවිදින් හිත හදා ගත්තා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින් ඔහුම යළිත් ගයන්නේය. බොහෝ කලකට පසුව ගෙවී ගිය දවසක මුණ ගැසුණු ඇගේ රූපකාය හිතේ මවාගෙන මම යළිත් දැහැන්ගත වෙමි. ඉනික්බිති ඔහු ගැයුවේ මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන් වත් නොපතන කුමරා කියාය. එකී ගී පද තුනෙහිම රචකයා වන ධම්මික බණ්ඩාර මට ඉදිරියෙන් වාඩිවී සිටියේය. කුලරත්න ශාලාවෙන් නික්ම නිවෙසට එන කාලය පුරාවටම මා ජීවත්වූයේ හන්තානෙන් ආයෙමත් ආ යුවතියත් සමගමය. අමරසිරි පීරිස් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් නොපවත්වන්නේ ඇයි යන ප‍්‍රශ්නය මගේ හිතේ වද දුන්නේ ඉනික්බිතිවය. එහෙත් ඒ ප‍්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ගෙනෙමින් අමරසිරි පීරිස් නැවත වතාවක් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් පවත්වන්නට සූදානම්ය. ”සත්සැරි අසිරිය මගෙ මේ ඒක පුද්ගල ප‍්‍රසංගයේ නමයි. ඒ කියන්නේ සප්ත ස්වරයේ අසිරිය. මේ නම මට හදල දුන්නේ අරිසෙන් අහුබුදු ශූරීන්.” අමරසිරි පීරිස් තම නවතම ගීත ප‍්‍රසංගය පිළිබඳව මා සමග දොඩමලූ වෙයි. ”සත්සැරි අසිරිය ගී ප‍්‍රසංගයක් වාර පහලොවක් පමණ පැවැත්වුවා. ඒත් මේ වගේ ප‍්‍රසංගයක් තනිවම හිතුමතේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්ද මමම ඒ ප‍්‍රසංගය අත් හැරල දැම්මා. ඒත් දැන් වසන්ත රෝහණගෙ ලොකු පෙළඹවීමක් මත ආයෙමත් මේ ප‍්‍රසංගය පවත්වන්න මං තීරණය කළා. දැන් මට සහයෝගයට කණ්ඩායමක් ඉන්නවා. අනිත් පැත්තෙන් මේ වගේ සුභාවිත ගීත ප‍්‍රසංගයක අවශ්‍යතාවය දැන් තදින් මතුවී තිබෙනවා. අපි මේ වගේ ප‍්‍රසංගයක් නොතියා හිටියොත් සුභාවිත ගීතය ඉතා ඉක්මණටම පිරිහිලා යන බව අප තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ලබන සෙනසුරාදා මහනුවරින් ආරම්භ කරන සත්සැරි අසිරිය රටපුරාවටම අරන් යන්නයි මගේ බලාපොරොත්තුව.  

කිංස්වුඞ් විද්‍යාලීය 94 ආදිශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන විශාරද අමරසිරි පීරිස් සත්සැරි අසිරිය ”හන්තානට සඳ” ප‍්‍රසංගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදී අගෝස්තු 25 සෙනසුරාදා සවස 6.30ට

  අමරසිරි පීරිස් ඔහුගේ ජනප‍්‍රියම ගීතාවලියට මෙම ප‍්‍රසංගයේ දී පණදීමට බලාපොරොත්තු වෙයි. ඔහු සංගීත ජීවිතය ආරම්භ කළේ ගුවන් විදුලියේ වයලීන වාදකයකු ලෙසිනි. ඉනික්බිතිව එකල අතිශය ජනප‍්‍රිය වූ ඒකපුද්ගල ගී ප‍්‍රසංග ගණනාවක වයලීන වාදකයකු ලෙස කටයුතු කළේය. පණ්ඩිත් අමරදේවයන්ගේ ශ‍්‍රවණ ආරාධනා මෙන්ම ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනිය වැනි ශිල්පීන්ගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංග රැසක වයලීන වාදකයකු ලෙසින්, ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක පැවතිය යුතු ප‍්‍රාසාංගික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගත්තේය. ඔහු ගායකයකු වීමට කවදාවත් සිහින මැව්වේ නැත. සංගීත ලෝකයට පිවිස වසර විසිපහකට පමණ පසු එකෝමත් එක දවසක ඔහුට ගායන වරම් හිමිවිය. ”මට ඒ අවස්ථාව ලබාදුන්නේ කේමදාස මාස්ටර්... අමරසිරි මේක කියනව බලන්න කියල මට ලඳුනේ ගීතය දුන්නා ඉතිං මං ගායනා කළා. ගීතය සාර්ථක වුණා. ඊට පස්සෙ චිත‍්‍රපටවල, ටෙලි නාට්‍යවල ගීත ගායනා කරන්න අවස්ථා ලැබුණා. හැබැයි මං ගොඩාක්ම ජනතාව අතරට ගියේ ඔබ ඇපල් මලක් වගේ ගීතයෙන්. අමරසිරි පීරිස් අතීතය සිහිපත් කරන්නේ සතුටිනි. මේ වනවිට ඔහු වඩාත්ම ජනප‍්‍රියව ඇත්තේ වියපත් බඹරා, හන්තානට පායන සඳ හා ඔබ ආයෙමත් ඇවිදින් යන ගී ත‍්‍රිත්වය හරහාය. ඒ ගී වලින් එකක් හෝ ප‍්‍රචාරය නොවන දවසක්, ප‍්‍රචාරය නොවන ගුවන් විදුලි නාලිකාවක් නැති තරම්ය. අමරසිරි පීරිස් ඒ තරමටම ජනප‍්‍රියය. ඔහුගේ ගීතාවලිය ඒ තරමටම ජනප‍්‍රියය. ඉතින් මේ ගීතාවලිය රස විඳින්නට රසිකයනට ලැබෙන අවස්ථාව මහඟු අවස්ථාවක් බව නොලියා සිටිය නොහැකිය. නාලක අංජන කුමාර හා සුසිල් මුණසිංහ සංගීත අධ්‍යක්ෂණයෙනුත්, නිරෝෂා විරාජිනී උරේෂා රවිහාරි හා ජනනි පීරිස් යුග ගායනයෙනුත් වසන්ත රෝහණ ගේ පිටපතින් සහ කථනයෙනුත් විචිත‍්‍ර වන සත්සැරි අසිරිය රැගෙන එන ගාන්ධර්වයාණනි, ඔබ ආයෙමත් ඇවිදින්ය. ලස්සන වසන්ත කාලයක පිපි ඇපල් මලක් වන් සත්සැරියක අසිරියක් රැගෙන ඔබ ආයෙමත් ඇවිදින්.
සටහන -  ශාන්ත කුමාර විතාන



අදහස් (0)

සප්ත ස්වරයේ අසිරිය මවන ‘වියපත් බඹරා’

ප්‍රසාද් Wednesday, 22 August 2012 11:38 PM

“මට මගේ නොවන ආදරයක්” සිංදුව අපිට එදාට අහන්න ලැබෙයිද? (නි)

:       0       0

දිනේෂ් Friday, 24 August 2012 08:15 AM

ඔබ වැනි උසස් පුද්ගලයන් ගැන කීමට වදන් නැත. ඔබට නිදුක් නිරෝගී සුව පතමි. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 22 August 2012 11:39 PM

සිසිර, ඔයා අහලා තියෙනවද "මට මගේ නොවන ආදරයක්" සිංදුව? (නි)

:       0       0

චානක Wednesday, 22 August 2012 11:56 PM

ඔබට පින්! (නි)

:       0       0

අශාන් Thursday, 23 August 2012 01:41 PM

තව ටික දවසකින් නූතන රැල්ලේ ගායකයෙක් ඇවිල්ලා මේ වටිනා සිංදු ටිකත් විනාශ කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

තුසිත Thursday, 23 August 2012 01:42 AM

මෙන්න නියම මිනිස්සු. (නි)

:       0       0

කුරුප්පු Thursday, 23 August 2012 01:51 AM

අපගේ කලාකරුවාණෙනි, ඔබ‍ට දීර්ඝායුෂ! (නි)

:       0       0

ගනේෂි Thursday, 23 August 2012 07:22 PM

නිදුක් නීරෝගී සුව ලැබේවා! ඔබේ හඩ සදා අමරණීයයි. (නි)

:       0       0

නිපුල් Thursday, 23 August 2012 02:57 AM

අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලීය වේදිකාවේදී "හන්තානට සඳ" පායන දිනය විගස ළඟා වේවා! (නි)

:       0       0

රුක්ෂලා Thursday, 23 August 2012 07:41 AM

ඔබතුමාගේ ගීත වලට මම ගොඩක් කැමතියි. ඔබට දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

athula Friday, 24 August 2012 06:34 PM

ඔබට පුළුවන්නම් ඔබ වැනි ගායකයන් එක් කෙනෙක් හිරි හදන්න සංගීතයට ප්‍රේශ්ෂකයනට කරන ලොකුම දායාදයක් ජයවේවා. නිරෝගී සුවය පතමි (අ)

:       0       0

උපාලි Saturday, 25 August 2012 07:02 PM

'' සඳ ඇවිත් මගේ මිදුලට " මේ ගීතය අපගේ හිත් වලින් නොමැකෙන ගීතයක්..ඔබට දිඝාසිරි.(ස)

:       0       0

ජනක Thursday, 23 August 2012 02:55 PM

ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ප්‍රණාන්දු Sunday, 26 August 2012 02:18 PM

සුභ පැතුම්...(ස)

:       0       0

කරූ Thursday, 23 August 2012 08:40 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා ..දැන් ඇසෙන කබල් සංගීතය වගේ නෙමෙයි නෙමෙයි ඔබතුමන්ලාගේ ගීතයක් ඇසීමෙන් පුදුම මානසික සතුටක් ඇති වෙන්නේ..ජය වේවා !! (ස)

:       0       0

රන්දීර් Thursday, 23 August 2012 02:54 PM

ඔබ කලා ලොවේ රජෙකි...(ස)

:       0       0

සිසිර Thursday, 23 August 2012 08:56 AM

ප්‍රසාත් මම ඒ ගීතය රස වින්දා ?ඉතාමත් හොද ගිතයක්.. (ස)

:       0       0

යුවාන් Wednesday, 05 September 2012 03:15 PM

ඔබට දිඝාසිරි...! (ස)

:       0       0

ජගත් Saturday, 25 August 2012 08:22 PM

ඔබට තව දිගු කලක් ගී ගැයීමට වරම් ලැබේවා! (නි)

:       0       0

මාලක Thursday, 23 August 2012 09:14 AM

ඔබ විශිෂ්ඨතම ගායකයෙක්...සුභ පැතුම්.. (ස)

:       0       0

සුනිල් Thursday, 23 August 2012 03:09 PM

එකතැනක සමාධිගත වෙලා පැය ගණනක් වුවත් අහගෙන ඉන්න පුලුවන් කටහඩකුයි ඔබට තියෙන්නේ. (නි)

:       0       0

උපුල් Thursday, 23 August 2012 03:09 PM

මම ආසම ගීතය ඔහුගේ,හන්තානට පායන සද සිංදුවයි..(ස)

:       0       0

නිසන්සලා Friday, 24 August 2012 11:40 AM

සුභ පැතුම්..!!!! (ස)

:       0       0

වනිතා Friday, 24 August 2012 11:49 AM

මගේ ප්‍රියතම ගායකයා ඔබයි..ඔබ‍ට දිඝාසිරි. දරුමල්ලන්ගෙන් ඈත්ව දුර රටක තනිව සිටින අපිට ඔබගේ ගීත ආනන්දනීයයි..(ස)

:       0       0

සඳා Thursday, 23 August 2012 09:44 AM

"සොදුරිය කාලය කොතරම් නපුරුද ?" ගීතයට මම ගොඩක් කැමති.. නමුත් ඒ ගීතයේ තේරුම මම තාම හොයනවා.. ඔබ‍ට දීර්ඝායුෂ! (ස)

:       0       0

k.h.chandana jinapriya de siva Thursday, 23 August 2012 09:41 PM

ඔබ මගේ මනසට සුවය ගෙන දෙන සුන්දර අරනක්. ඔබ මටත් වඩා ජිවත් වේවා. (අ)

:       0       0

ම‍හගේ Sunday, 02 September 2012 01:01 PM

ඔහුගේ ගීතයන්ට සවන් දීම භාවනාවකි. (නි)

:       0       0

කමල් Saturday, 25 August 2012 10:04 PM

අපේ නූතන ගායක දෙපළට දැන් මොනවා හිතිලද දන්නේ නැහැ. (නි)

:       0       0

පෙරේරා Thursday, 23 August 2012 10:22 AM

සිංහල ගීත රැක ගන්නට දරණ වෑයමට අපගේ ප්‍රණාමය... (ස)

:       0       0

දම්මි Thursday, 23 August 2012 03:52 PM

අමතක කරන්න එපා කියන්න මතක ඇතිව "ඉකිගසා හඬන අතීතයක කදුළු බිංදුවක් ගණුදෙනු කරන්න මට මගේම.....................‘‘ ඔබට හැමදාමත් ජය. (ස)

:       0       0

මධූර Saturday, 25 August 2012 10:50 PM

වියපත් අපගේ දෙසවන් සනහන වියපත් නොවූ කොවුලා ඔබයි. (නි)

:       0       0

කමල් Wednesday, 22 August 2012 07:28 PM

දැන් ඇසෙන ඝෝෂාකාරී සංගීතය පරදා තවත් බොහෝ කලක් ගී ගැයීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සරා Wednesday, 22 August 2012 07:43 PM

සිත් පහන් කරන ඔබතුමාට දීර්ඝායු වේවා! (නි)

:       0       0

අසින්ත Friday, 31 August 2012 11:11 AM

අශාන්, මටත් තියෙන බය ඒකමයි. (නි)

:       0       0

මැටිල්ඩා Thursday, 23 August 2012 04:57 PM

අමරසිරි පීරිස් ගාන්ධර්වයාණෙනි, ඔබ "අමරණීය සිරියක්"මැයි. (නි)

:       0       0

Samare Wednesday, 22 August 2012 09:26 PM

අපගේ අවංක සුබපැතුම් ඔබට තව දිගු ගමනකට.(අ)

:       0       0

අසින්ත Wednesday, 22 August 2012 09:24 PM

අතිවිශිෂ්ඨ කලාකරුවාණෙනි, ඔබට දීර්ඝායුස පතමි. (අ)

:       0       0

ලාල් Saturday, 25 August 2012 02:42 PM

හදවතින්ම සුභ පැතුම්..(ස)

:       0       0

සුජිත් පිරිස් Thursday, 23 August 2012 12:52 PM

ඔබට දීර්ඝායු..(ස)

:       0       0

sisira Wednesday, 22 August 2012 10:10 PM

හන්තානෙට පායන සඳ ගේ ගීතයක් යළිත් කිරීමට දෛරිය ලැබේවා. (අ)

:       0       0

තරුෂ Friday, 24 August 2012 02:44 PM

කොමන්ට්ස් ටික නියමයි අපේ අමරසිරි මහත්මාගේ ගීයක් වගේ(ස)

:       0       0

දමින්ද Monday, 03 September 2012 06:10 AM

හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආසයි, ඇය ගායනා කරන ගීත. (නි)

:       0       0

පියල් Wednesday, 22 August 2012 11:08 PM

මගේ වියපත් බඹරිදු ඔබයි. නිදුක් නිරෝගී හෙට දිනයක් පතමි. (නි)

:       0       0

සේනානායක Wednesday, 22 August 2012 11:23 PM

සුභාවිත ගීත කෙතට මල් වැස්සක් රැගෙන වඩිනු මැන බඹරාණෙනි. (නි)

:       0       0

සේනානායක Wednesday, 22 August 2012 11:26 PM

දෙනෝ දහසකගේ හදවතට අමතන ඔබ දිගුකල් දිනේවා! (නි)

:       0       0

මාලක Friday, 24 August 2012 08:03 AM

ඔබගේ "මලක් වුණේ ඇයි නුඹ" ගීතය අපට දහස් වරක් වුවද ඇසිය හැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 514 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site