දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදූව අතර අද අළුයම වෑන් රියක් කේබල් කණු 17 ට හානි සිදුකරමින් අනතුරකට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි. වාහනයට හානි සිදුව ඇතත් එහි ගමමන් කළ කිසිවෙකුටත් අනතුරක් වී නැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදූව අතර අද අළුයම වෑන් රියක් කේබල් කණු 17 ට හානි සිදුකරමින් අනතුරකට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි. වාහනයට හානි සිදුව ඇතත් එහි ගමමන් කළ කිසිවෙකුටත් අනතුරක් වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටවල අධිවේගි පාරවල් ප්‍රමිතියට තිබෙනවා.වාහනේ යනකොට තේරෙන්නේ නැහැ. ඒකට ලංකාවේ අධිවේගේ යනකොට ඇග රිදෙනවා. වාහනයට අනතුරු. පාරේ වතුර පිරෙනවා. පාර ලිස්සනවා. රට වැසියාට හැමදාම දුක තමයි. (නි)
ඔක්කොටම කලින් රියදුරා දැනගන්න ඕනෑ තමුන්ට පාලනය කරගන්න පුළුවන් වේගෙකින් වාහනේ එලවන්න. ඒ එක්කම ටිකක් සොයාබලන්න ඕනෑ එලවන වාහනේට කෙතරම් වේගයකින් තමාගේ පාලනයට යටත්ව ධාවනය කරවන්න පුලුවන්ද කියන එක. පාරේ ප්‍රමිතිය හොඳද නැද්ද කියන එක සළකලා බලන්න ඕනෑ ඒ ඔක්කොටම පස්සේ. (නි)
අධිවේගී නම් පැයට සැතපුම් 120,140 වේගයකින්නේ යන ඕනෑ. (නි)
අධිවේගී මාර්ගය කෙසේවෙතත් අපේ රටේ රියදුරු බලපත් ලබාගන්න අයගෙන් 50% කටවත් ගමේ පාරකවත් අනුන්ගේ උපකාරයක් නැතුව වාහනයක් පදවන්න බැහැ (නි)
හයියද කියල බැලුවේ කේබල් කණුද ? වාහනයද? කියලා පැහැදිලි නැහැ. (නි)
චමල්, අධිවේගී පාර සහ දේශප්‍රේමය අතර සම්බන්දය මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් අධිවේගී මාර්ගයක යන්න බහුතරයක් මිනිස්සු පටන් ගත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වුනාට පස්සේ. මම නම් දන්නේ නැහැ ඔයතරම් බරපතල වංගු තියෙනවා කියලා. නමුත් මම දන්නා තරමට ජාත්‍යන්තර ප්‍රමිතියට තිබිය යුතු මං තිරුවක ප්‍රමාණය තියෙනවා. චූලා ගේ අදහසට මම ටිකක් විතර එකඟ වෙනවා. මැද තිබෙන සිමා වැටත් මං තිරුවේ ඇති සිමා ඉරත් අතර තිබෙන දුර පොඩ්ඩක් අඩුයි වගේ. නමුත් මාර්ගයේ එකවරකට ධාවනය වන(නිතර මංතීරු දෙකෙහිම මාර්ගය පුරා වහන ධාවනය වීම) වාහන ප්‍රමාණයත් එක්ක ඒක ඒ තරම් ගැටළුවක් නැහැ වගේ. ලෝගේෂ්වරන් ගේ වාහනේ ටයර් හොඳ මදි ඇති. ඒකයි ලිස්සන්නේ. පුද්ගලිකව මම දැකපු අඩුපාඩුව මාර්ගය පුරාවටම වීථි පහන් නොමැතිකම (නි)
නිකනුත් පාරේ යන්න බැරි එකේ අධිවේගයේ කොහොමද යන්නේ? මේවා ප්‍රමිතියකට අනුව පරිපාලනය කළ යුතු දේවල්, ඔන්න හැදුවා දැන් දුවන්න කියලා වැඩක් නැහැ (නි)
අධිවේගී මාර්ගයේ මැද තිබෙන බා එක සහ පාරේ කෙළවර අතර පරතරය මදි නිසා අනතුරු වළක්වා ගැනීම අමාරු බව මගේ අදහසයි (නි)
වේගේ වැඩි නොවෙයි. අපේ ලංකාවේ රියැදුරන්ට අධිවේගී මාර්ග වල එලවන්න වෙනම පුහුණු වක් දෙන්න ඕන.(ස)
දිනපතාම රිය අනතුරැ ජීවිත සහ දේපළ හානි. රියදුරෙක් ඉතා සුපරික්‍ෂාවෙන්න් ක්‍රියා කළයුතුමයි. අධිවේගී මග සීමාව ඉක්මවා යන මගක්නොවේ. අවශ්‍ය තැන නතර කරගන්න අවධානයන් සිටිය යුතුයි. රියදුරුගේ වැඩේ, රියට කරන්න ඉඩ නොදෙන්න (අ).
අධිවේගී පාරවල් දැකලා නැති අපේ දේශප්‍රේමීන්ට මේවා මැජික් තමයි. අධිවේගී පාරක මෙච්චර වංගු තියෙන්නේ කොහොමද ? මංතීරු පටු වුනේ කොහොමද ? ප්‍රමිතියෙන් තොර අධිවේගී පාරක්. (ස)
ලෝගේෂ්වරන්, මම ලංකාවට ආපුවහම නිතර නිතර මේ අධිවේගී මාර්ගය භාවිතා කරනවා. පැයට කිලෝමීටර් 100 ක වේගයකින් යන්න (හොද තත්වයේ වාහනයකින්) මේ මාර්ගයේ ප්‍රමිතිය හොඳටම ඇති. ඇගට අපහසුවක් දන්නේ නැහැ. කරුණාකර රජය මැදිහත්වී රක්ෂණ සමාගම් සමග සකච්ඡා කර අධිවේගී මාර්ගයේ යන වාහන වලට රක්ෂණ ආවරණය ලබාදෙන්න කටයුතු කරන්න (නි)
දිනපතාම රිය අනතුරු ජීවිත සහ දේපළ හානි. රියදුරෙක් ඉතා සුපරික්‍ෂාවෙන් ක්‍රියා කළයුතුමය. අධිවේගී මග සීමාව ඉක්මවා යන මගක් නොවේ. අවශ්‍ය තැන නතර කරගන්න අවදානයෙන් සිටිය යුතුයි. (නි)
මේ රියැදුරා අනුමත වේගයට රිය පදවා ඇත්නම් , රියේ කාර්මික තත්වය ගැන සෑහීමකට පත් විය හැකි නම් , රියැදුරා බීමත්ව සිට නැත්නම්, මේ අලාභය රක්ෂණ සමගම මඟින් දැරිය යුතුයි , අධිවේගී මාර්ගය කියන්නේත් ලංකාවේ තිබෙන අනිත් මහා මාර්ග වගේම මාර්ගයක් , හරි නම් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දිය යුතුයි , දැන් තව තවත් අධිවේගී මාර්ග රටේ ඉදිවෙමින් පවතිනවා. රක්ෂණ සමාගම් මේ මාර්ග වල ප්‍රමිතිය ගැන සෑහීමකට පත්වෙන්නේ නැති හේතුව ගැන සොයා බලන්න. (ස)
ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්නේ නැහැ නේද ? වෑන් එක විකුනන්න වෙයි අලාබෙ ගෙවන්න (නි)
දැන් මොකද කරන්නේ? තවත් වේගේ වැඩියි වගේ! 80 ක් වත් කරයිද දන්නේ නැහැ (නි)
යුරෝපයේ නගරය තුල සාමාන්‍ය වේගය පැයට කි.මි. 30 ක් වනවා. සමහර මාර්ග වලටත් මේක අදාල වනවා. අධිවේගයේ වේග සීමාවක් නැති කලාපත් තියනවා. අධිවේගයට වඩා හොද විනයක් සහ නීති ක්‍රියාත්මක කිරීමක් තියනවා. මානසික තත්තවය තමයි බලපාන්නේ (නි)
නිපුන, කියනවා වගේ වෑන් එක විකුනන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කණු 17 ට ගෙවන්න. අධිවේගී කණු නොවැ. එහෙම නොකරත් බැහැ පොදු දේපළ නොසැලකිල්ලෙන් වනසන හැටියට. (ස)
මේ වෙන සෑම අනතුරකටම රියදුරු මහතුන්ට වැරද්ද පැටවිම වැරදි දෙයක්.මෙය අධිවේගී මාර්ගයකට උචිත විධියට නෙවෙයි සාදා ඇත්තෙ.කිසිම ප්‍රමිතියක් නැහැ.චිනාගෙ වැඩ දිහා බලපුවාම,මේ දේවල් වලට අපට මුහුණ දෙන්න වෙනවා. (ස)
අන්න අශේන් බොරු කියනවා. මොන රටේවත් නගරාසන්නව කි.මී.100 යන්න දෙන්නේ නැහැ.... (ස)
මේ සියල්ලටම වැරැද්ද ඉවසීම නැතිකම.එදා පැය දෙකහමාරෙන් ගිය ගමන අද පයෙන් යන්න පුළුවන්කම තියෙද්දිත්. (ස)
දැන් අලාභය ගෙවන්න වෑන් එකත් විකුණන්න වේවිද? (ස)
හෙමින් වරෙල්ලා... හෙමින් වරෙල්ලා.... (ස)
අනේ රියදුරු මහත්වරුනේ පරිස්සමින් රිය පදවන්න. ඔය ගොල්ලන්ගේ ජීවිත වලටත් මහජන දේපළ වලටත් හානි වෙනවා.(ස)
අධිවේගී කිව්වම හිනාත් යනවා, අනෙක් රටවල කි.මී. 100 කියන්නේ, සාමාන්‍යයෙන් නගරාසන්න ප්‍රදේශ වල වේගය. (ස)
වේග සීමා කරනවා කීවට තාම කෝ...... (ස)
මේ මාර්ගය ප්‍රමිතියෙන් තොරයි කියලා හැමෝම කියන නිසා එම රියදුරා ප්‍රමිතිය පරීක්ෂා කරලා.කිසිවෙකුට අනතුරක් නැති එක ගැන සතුටුයි. (ස)
වෑන් රිය පදවපු පුද්ගලයා මේ අලාභය ගෙවාවී. (නි)
කේබල් කණු වල අලාබ ඇස්තමේන්තුව එනකොට වාහනේ පදවපු කෙනාට හිතේවිද දන්නෙ නැහැ මළා නම් මීට හොදයි කියලා (නි)