IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුපිරි මගේ කේබල් කණු 17 ක් කඩයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදූව අතර අද අළුයම වෑන් රියක් කේබල් කණු 17 ට හානි සිදුකරමින් අනතුරකට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි. වාහනයට හානි සිදුව ඇතත් එහි ගමමන් කළ කිසිවෙකුටත් අනතුරක් වී නැත.



අදහස් (0)

සුපිරි මගේ කේබල් කණු 17 ක් කඩයි

කුමාර් Monday, 19 August 2013 04:35 PM

වේගේ වැඩි නොවෙයි. අපේ ලංකාවේ රියැදුරන්ට අධිවේගී මාර්ග වල එලවන්න වෙනම පුහුණු වක් දෙන්න ඕන.(ස)

:       0       0

තිලක් Monday, 19 August 2013 09:47 AM

මේ මාර්ගය ප්‍රමිතියෙන් තොරයි කියලා හැමෝම කියන නිසා එම රියදුරා ප්‍රමිතිය පරීක්ෂා කරලා.කිසිවෙකුට අනතුරක් නැති එක ගැන සතුටුයි. (ස)

:       0       0

කපිල Monday, 19 August 2013 09:55 AM

වේග සීමා කරනවා කීවට තාම කෝ...... (ස)

:       0       0

අශේන් Monday, 19 August 2013 10:33 AM

අධිවේගී කිව්වම හිනාත් යනවා, අනෙක් රටවල කි.මී. 100 කියන්නේ, සාමාන්‍යයෙන් නගරාසන්න ප්‍රදේශ වල වේගය. (ස)

:       0       0

විජේ Monday, 19 August 2013 10:33 AM

අනේ රියදුරු මහත්වරුනේ පරිස්සමින් රිය පදවන්න. ඔය ගොල්ලන්ගේ ජීවිත වලටත් මහජන දේපළ වලටත් හානි වෙනවා.(ස)

:       0       0

රූමි Monday, 19 August 2013 10:41 AM

හෙමින් වරෙල්ලා... හෙමින් වරෙල්ලා.... (ස)

:       0       0

චූලා Monday, 19 August 2013 05:55 PM

අධිවේගී මාර්ගයේ මැද තිබෙන බා එක සහ පාරේ කෙළවර අතර පරතරය මදි නිසා අනතුරු වළක්වා ගැනීම අමාරු බව මගේ අදහසයි (නි)

:       0       0

නිපුන Monday, 19 August 2013 10:50 AM

දැන් අලාභය ගෙවන්න වෑන් එකත් විකුණන්න වේවිද? (ස)

:       0       0

නිහාල් Monday, 19 August 2013 11:49 AM

මේ සියල්ලටම වැරැද්ද ඉවසීම නැතිකම.එදා පැය දෙකහමාරෙන් ගිය ගමන අද පයෙන් යන්න පුළුවන්කම තියෙද්දිත්. (ස)

:       0       0

නෙතුමි Monday, 19 August 2013 06:44 PM

නිකනුත් පාරේ යන්න බැරි එකේ අධිවේගයේ කොහොමද යන්නේ? මේවා ප්‍රමිතියකට අනුව පරිපාලනය කළ යුතු දේවල්, ඔන්න හැදුවා දැන් දුවන්න කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ජයන් Monday, 19 August 2013 12:02 PM

අන්න අශේන් බොරු කියනවා. මොන රටේවත් නගරාසන්නව කි.මී.100 යන්න දෙන්නේ නැහැ.... (ස)

:       0       0

ක්ලෑරන්ස්--ඉතාලිය Monday, 19 August 2013 12:10 PM

මේ වෙන සෑම අනතුරකටම රියදුරු මහතුන්ට වැරද්ද පැටවිම වැරදි දෙයක්.මෙය අධිවේගී මාර්ගයකට උචිත විධියට නෙවෙයි සාදා ඇත්තෙ.කිසිම ප්‍රමිතියක් නැහැ.චිනාගෙ වැඩ දිහා බලපුවාම,මේ දේවල් වලට අපට මුහුණ දෙන්න වෙනවා. (ස)

:       0       0

උපාලි Monday, 19 August 2013 12:11 PM

නිපුන, කියනවා වගේ වෑන් එක විකුනන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කණු 17 ට ගෙවන්න. අධිවේගී කණු නොවැ. එහෙම නොකරත් බැහැ පොදු දේපළ නොසැලකිල්ලෙන් වනසන හැටියට. (ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Monday, 19 August 2013 06:52 PM

චමල්, අධිවේගී පාර සහ දේශප්‍රේමය අතර සම්බන්දය මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් අධිවේගී මාර්ගයක යන්න බහුතරයක් මිනිස්සු පටන් ගත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වුනාට පස්සේ. මම නම් දන්නේ නැහැ ඔයතරම් බරපතල වංගු තියෙනවා කියලා. නමුත් මම දන්නා තරමට ජාත්‍යන්තර ප්‍රමිතියට තිබිය යුතු මං තිරුවක ප්‍රමාණය තියෙනවා. චූලා ගේ අදහසට මම ටිකක් විතර එකඟ වෙනවා. මැද තිබෙන සිමා වැටත් මං තිරුවේ ඇති සිමා ඉරත් අතර තිබෙන දුර පොඩ්ඩක් අඩුයි වගේ. නමුත් මාර්ගයේ එකවරකට ධාවනය වන(නිතර මංතීරු දෙකෙහිම මාර්ගය පුරා වහන ධාවනය වීම) වාහන ප්‍රමාණයත් එක්ක ඒක ඒ තරම් ගැටළුවක් නැහැ වගේ. ලෝගේෂ්වරන් ගේ වාහනේ ටයර් හොඳ මදි ඇති. ඒකයි ලිස්සන්නේ. පුද්ගලිකව මම දැකපු අඩුපාඩුව මාර්ගය පුරාවටම වීථි පහන් නොමැතිකම (නි)

:       0       0

කමල් Monday, 19 August 2013 12:18 PM

යුරෝපයේ නගරය තුල සාමාන්‍ය වේගය පැයට කි.මි. 30 ක් වනවා. සමහර මාර්ග වලටත් මේක අදාල වනවා. අධිවේගයේ වේග සීමාවක් නැති කලාපත් තියනවා. අධිවේගයට වඩා හොද විනයක් සහ නීති ක්‍රියාත්මක කිරීමක් තියනවා. මානසික තත්තවය තමයි බලපාන්නේ (නි)

:       0       0

ලෝගේස්වරන් Monday, 19 August 2013 12:18 PM

පිටරටවල අධිවේගි පාරවල් ප්‍රමිතියට තිබෙනවා.වාහනේ යනකොට තේරෙන්නේ නැහැ. ඒකට ලංකාවේ අධිවේගේ යනකොට ඇග රිදෙනවා. වාහනයට අනතුරු. පාරේ වතුර පිරෙනවා. පාර ලිස්සනවා. රට වැසියාට හැමදාම දුක තමයි. (නි)

:       0       0

රනිල් Monday, 19 August 2013 12:55 PM

ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්නේ නැහැ නේද ? වෑන් එක විකුනන්න වෙයි අලාබෙ ගෙවන්න (නි)

:       0       0

මුණසිංහ Monday, 19 August 2013 08:03 PM

හයියද කියල බැලුවේ කේබල් කණුද ? වාහනයද? කියලා පැහැදිලි නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 19 August 2013 01:15 PM

මේ රියැදුරා අනුමත වේගයට රිය පදවා ඇත්නම් , රියේ කාර්මික තත්වය ගැන සෑහීමකට පත් විය හැකි නම් , රියැදුරා බීමත්ව සිට නැත්නම්, මේ අලාභය රක්ෂණ සමගම මඟින් දැරිය යුතුයි , අධිවේගී මාර්ගය කියන්නේත් ලංකාවේ තිබෙන අනිත් මහා මාර්ග වගේම මාර්ගයක් , හරි නම් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දිය යුතුයි , දැන් තව තවත් අධිවේගී මාර්ග රටේ ඉදිවෙමින් පවතිනවා. රක්ෂණ සමාගම් මේ මාර්ග වල ප්‍රමිතිය ගැන සෑහීමකට පත්වෙන්නේ නැති හේතුව ගැන සොයා බලන්න. (ස)

:       0       0

ද සිල්වා Monday, 19 August 2013 08:23 PM

අධිවේගී මාර්ගය කෙසේවෙතත් අපේ රටේ රියදුරු බලපත් ලබාගන්න අයගෙන් 50% කටවත් ගමේ පාරකවත් අනුන්ගේ උපකාරයක් නැතුව වාහනයක් පදවන්න බැහැ (නි)

:       0       0

රත්න Monday, 19 August 2013 01:28 PM

දිනපතාම රිය අනතුරු ජීවිත සහ දේපළ හානි. රියදුරෙක් ඉතා සුපරික්‍ෂාවෙන් ක්‍රියා කළයුතුමය. අධිවේගී මග සීමාව ඉක්මවා යන මගක් නොවේ. අවශ්‍ය තැන නතර කරගන්න අවදානයෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

සමන් Monday, 19 August 2013 08:55 PM

අධිවේගී නම් පැයට සැතපුම් 120,140 වේගයකින්නේ යන ඕනෑ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 19 August 2013 02:01 PM

ලෝගේෂ්වරන්, මම ලංකාවට ආපුවහම නිතර නිතර මේ අධිවේගී මාර්ගය භාවිතා කරනවා. පැයට කිලෝමීටර් 100 ක වේගයකින් යන්න (හොද තත්වයේ වාහනයකින්) මේ මාර්ගයේ ප්‍රමිතිය හොඳටම ඇති. ඇගට අපහසුවක් දන්නේ නැහැ. කරුණාකර රජය මැදිහත්වී රක්ෂණ සමාගම් සමග සකච්ඡා කර අධිවේගී මාර්ගයේ යන වාහන වලට රක්ෂණ ආවරණය ලබාදෙන්න කටයුතු කරන්න (නි)

:       0       0

මධුශාන් Monday, 19 August 2013 10:39 PM

ඔක්කොටම කලින් රියදුරා දැනගන්න ඕනෑ තමුන්ට පාලනය කරගන්න පුළුවන් වේගෙකින් වාහනේ එලවන්න. ඒ එක්කම ටිකක් සොයාබලන්න ඕනෑ එලවන වාහනේට කෙතරම් වේගයකින් තමාගේ පාලනයට යටත්ව ධාවනය කරවන්න පුලුවන්ද කියන එක. පාරේ ප්‍රමිතිය හොඳද නැද්ද කියන එක සළකලා බලන්න ඕනෑ ඒ ඔක්කොටම පස්සේ. (නි)

:       0       0

චමල් Monday, 19 August 2013 02:54 PM

අධිවේගී පාරවල් දැකලා නැති අපේ දේශප්‍රේමීන්ට මේවා මැජික් තමයි. අධිවේගී පාරක මෙච්චර වංගු තියෙන්නේ කොහොමද ? මංතීරු පටු වුනේ කොහොමද ? ප්‍රමිතියෙන් තොර අධිවේගී පාරක්. (ස)

:       0       0

සරත් Monday, 19 August 2013 08:24 AM

දැන් මොකද කරන්නේ? තවත් වේගේ වැඩියි වගේ! 80 ක් වත් කරයිද දන්නේ නැහැ (නි)

:       0       0

රත්න Monday, 19 August 2013 03:31 PM

දිනපතාම රිය අනතුරැ ජීවිත සහ දේපළ හානි. රියදුරෙක් ඉතා සුපරික්‍ෂාවෙන්න් ක්‍රියා කළයුතුමයි. අධිවේගී මග සීමාව ඉක්මවා යන මගක්නොවේ. අවශ්‍ය තැන නතර කරගන්න අවධානයන් සිටිය යුතුයි. රියදුරුගේ වැඩේ, රියට කරන්න ඉඩ නොදෙන්න (අ).

:       0       0

වරුණ Monday, 19 August 2013 08:47 AM

කේබල් කණු වල අලාබ ඇස්තමේන්තුව එනකොට වාහනේ පදවපු කෙනාට හිතේවිද දන්නෙ නැහැ මළා නම් මීට හොදයි කියලා (නි)

:       0       0

ලුම්බිණි Monday, 19 August 2013 08:49 AM

වෑන් රිය පදවපු පුද්ගලයා මේ අලාභය ගෙවාවී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 804 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 918 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1641 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2058 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1071 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site