දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුත්‍රා කළ ව්‍යාපාරිකයකුට හා ඔහුගේ රියදුරාට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් දහස බැගින් දඩ නියම කළේය.
ව්‍යාපාරිකය පැළවත්තේ ආර් ජී වසන්ත හා රියදුරු ආර් ජී මයිකල්ට එම දඩ නියමවූයේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ මංමාවත් අපවිත්‍ර කිරීමේ වගන්ති යටතේය.
ඔවුන් වරද පිළිගන්නා බව නීතීඥවරිය ද මහේස්ත්‍රාත් වරයාට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ට ගහක් ගලක් පෙන්නන්න බැහැ. (නි)
හේවාවිතරණ, හොද ප්‍රශ්නයක්? ඒ ගොල්ලෝ ඒ වාද කරනකොට පොලිසියේ අය සැලියුට් ගහ ගහ බෝතලයකට ඉව එකතු කරනවා ගෙදර ගිනියන්න. නැත්නම් උසාවියෙන් හම්බවෙන්නේ නැහැනේ.(නදී)
පිිටගලට කවදාවත් මෙහෙම හදිස්සියක් වෙලා නැතුව ඇති. නැත්නම් ලැජ්ජාවට උපන් ඇදුමෙම කරගන්නවා ඇති. (නි)
අනේ අපොයි! මේකටත් මෙහෙම දඩ ගැහුවා නම් අර ස්ප්‍රීතු ගෙනාපු අයට දෙන දඩේ මොකක් වෙයිද කියලා මට හිතාගන්නවත් බැහැ. (නි)
අඩුමගානේ කි.මී. 40න් 40ට වත් ව්‍යාපාරික නැවතුම්පළවල් ස්ථානගත කළයුතුයි. අධිවේගී මගට ආදායමක් ලැබෙන අතර ඕනෑම දියවෑඩියා රෝගියෙකුට සහනයක් ලබෙනු ඇත. අඩුමගානේ මුදල් දමන වැසිකිළිවත් දමන්න. ඒකයි මානවහිතවාදිකම. (නි)
මේ වගේ වැඩ කරන්නෙ නැද්ද අපේ දේශපාලඥයෝ? (නි)
මෙවැනි ශාරීරික අවශ්‍යතා සමහර උදවියට විදදරාගන්න අමාරුයි. ඉතින් මෙතරම් මුදලක් වියදම්කර හදපු සුපිරි මාර්ගයේ අඩුතරමින් කිලෝමීටර් 20කට එක බැගින් වත් වැසිකිලි පහසුකම් සළසනවා නම් යහපත්. (නි)
මග දෙපස නවාතැන් පළවල් ඇත්තෙම නැද්ද? (නි)
අපේ ලොක්කෝ රට අපවිත්‍ර කරන්නේ මෙහෙමද ? සුලු දිය කියන්නේ වැස්සක් ආපුවහම නැතිවෙලා යන දෙයක්. (නි)
කෝච්චියේ දාන සුළුදිය රේල් පාරට වැටෙනවානේ. එතකොට ඒකටත් නඩු දාන්න ඉඩ තියෙනවා නේද? මම දැකල තියෙනවා පොලිසියේ අයත් පාර අයිනේ ගස් වලට සුළුදිය දානවා. (නි)
අයියෝ සල්ලි! (නි)
ගමන පිටත් වෙන්න නම් ඉතින් ඕවා බැහැර කරගන්න එපායෑ. (නි)
සුපිරි මඟේ යනවිට පෙර සුදානමින් යන්න. (නි)
කතා පුරුදු පුරුදු වෙන්න එපා (දී)
රුපියල් දහසකට මෙතරම් ප්‍රසිද්දියක් ??? (දී)
ඒ වැඩ වලට නැද්ද නිසි තැන් (දී)
අයියෝ සල්ලි (දී)
ඔය වගේම බුලත් කෙළ හැමතැනම ගහන අයටත් දඩ ගහන්න ඕනෑ. කොළඹ අලුතෙන් හදපු පදික වේදිකාවල හැමතැනම බුලත් කෙළ. (නි)
අඩිවේගී මාර්ගයේ සුළු දිය දාන්නත් 1000 ක් ගෙවන්න වෙලා. (නි)
ඒ මගේ ඒ සඳහා නිසි තැන් නැද්ද (දී)