දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුංහඬහේන ගුවන් පාළමේ සිට පෝරේ ගුවන් පාළම දක්වා අධිවේගී මාර්ගය දෙපස වෙන් කරන යකඩ වැට හා සතුන් මාර්ගයට ඒම වැළක්වීම සඳහා සවි කැර ඇති දැල් හොරෙන් කැපු සහෝදරයින් දෙදනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි.එම යකඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හැටකියි කියති.යකඩ බඩු මිලට ගත් පුද්ගලයෙක් ද ඒ අතර වෙයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩබිමකින් බිම් තලනයක හා කුඩා ලොරියක කොටස් ද ඔවුන් විසින් ගලවා ඇතැයි කියති


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රටට ආදරයක් නැති අය මොකට ද ? (ස)
මේ වගේ අය ඉන්න කොට රටක් කොහොමද දියුණු වෙන්නේ. නීතිය නෙවෙයි දැන් අවනීතියයි රජ කරන්නේ. ඒකයි බය නැතුව හැම දෙයක්ම හොරකම් කරන්නේ. (ස)
මාලි, සාක්කි ඇතුවද ඔය කියන්නේ (නි)
ආ මේක ජේවීපී සහෝදරයින්ගෙ වැඩක්ද (නදී)
අර යකඩ හොරාට මොකද උනේ (නදී) .
මෙන්න දේශ ද්‍රෝහීන්. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ඕණා. (නදී)
සෑම් මෙතන ගිහාන් ල දෙන්නෙක් ඉන්නවා වගේ. මම ලිව්වේ නඩු දැම්මට වැඩක් නැති බව. වැරදි වැටහීම ඇති වෙන්න ඉඩ ඇති නිසා ලිව්වේ. (නදී)
සෑම්, යමක් ගැන කතා කරන කොට බුද්ධිමත්ව කතා කරන්න. ඔබ කියන විදිහට යකඩ වල අද වටිනාකම එහෙම මයි කියමුකෝ. මෙතන ඊළඟ ප්‍රශ්නය එය ප්‍රතිසංස්කරණය කිරීමට වැයවන මුදල නොවෙයිද? අද මිල ගණන් හැටියට එයට ලක්ෂ 100 ට එහා මුදලක් වැය නොවෙයිද..? සොරුන්ට දඬුවම් දෙනවා නම් මේ අලාභය අය කර ගැනීමට කටයුතු කල යුතුය. හොරු කූඩු වෙයි. නැත්නම් එලියට යයි. අන්තිමේට අපේ සල්ලි වලින් ආණ්ඩුව වැට හදයි. එකෙන් පාඩුව කාටද''? ඒ වගේම ලාභය කාටද..? (නදී)
මේවාට නඩු දැම්මත් වැඩක් තියේවිද ? අන්තිමේ පැමිණිල්ලේ සාක්කි දුර්වලයි කියාවි. (නදී)
මහා එවුන් කෝටි ප්‍රකෝටි ගණන් ගහනව කොන්ත්‍රාත් කාරයෝ එහෙන් කනවා බලන් ඉන්න පොඩි එවුන්ටත් නිකමට වගේ හිතෙන්න ඇති , මොනවා උනත් ඉතින් වැරදි වැඩක් (ස)
උපරිම දඩුවම් ලබා දෙන්න මේවා ජාතික අපරාද. (ස)
`මේවා විකුණලා හරි මිනිස්සු ජීවත් වෙන්න එපායැ (නදී)
මේ හැට ලක්ෂයක බඩුද? ලක්ෂ 6 ක බඩුද? (ස)
මෙවැනි ජාතික සම්පත් විනාශ කරමින් ගහකොළ විනාශ කරමින් හෝ තවත් මනුස්සයෙක් මුලාවේ දමමින් මුදල් හොයන අයට ඒවගේ ඵල විපාක මෙලොවදිත් එලොවදිත් අත්විදින්න වෙනවාමයි .... . (ස)
මේවාට උපරිම දඩුවම් දෙන්න ඕනේ. මේවා පිටිපස්සේ ලොකු මොළ කාරයෝ ඉන්නවනම් ඒ අය අල්ලාගැනීමත් කල යුතුයි (ස)
මේ යකඩ බඩු අධිවේගයට මිලදී ගන්න කොට නම් ලක්ෂ හැටක් වියදම් වෙන්න ඇති. නමුත් ඒවායේ සැබෑ වටිනාකම ලක්ෂයකට වැඩිය නැතිව ඇති.(ස)
මෙයාලව ෆොටෝස් එක්කමනේ දාන්න ඕනේ. මිනිසුන්ට දැන ගන්න. (ස)
මෙවැනි මිනිසුන් මුළු රටටම නින්දාවක්. (ස)
මිනිස්සු දැන් ඕනෑම අපරාධයක් කරන්න කිසිම බයක් නැහැ. ඒ මොකද අන්තිමේදී "පැමිණිල්ලේ සාක්ෂි දුර්වලයි" නඩුව එතැනින්ම ඉවරයි. (ස)
මෙච්චර ඒවා හොරකම් කරගන්නකන් පොලිසියෙන් නිදාගත්තද? පැය 24ම ක්‍රියාත්මක පොලිස් සේවයක් ගැන උන්ට පඩි ගෙව ගෙවා තියාගන්නේ අහවල් මගුලකටද.???? මේ හොරකම පිටිපස්සේත් මොකෙක් හරි දේශපාඥයෙක් ඇති. මෙච්චර ලොකු හොරකමක් කරන්න...... (ස)
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය යුතුයි (නදී)