IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සාපෙළ අවසානයේ ප්‍රායෝගික සැසියක් බස් පොළේ

ඇල්පිටිය පාසලක සිසුන් දෙපරිසක් ඇල්පිටිය බස් නැවතුම් පොළේදී බයිසිකල් චේන්ද, අතැතිව ගුටි බැට හුවහාරු කර ගත්හ. බාහිර පිරිසක් ද ඊට එක් වූ බව නගර වැසියෝ කියති. අපොස සමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් කර සිටි සිසුන් මීට එක් වූ බව ඇල්පිටිය පොලීසිය කියයි. පොලීසි මැදිහත් නොවූයේ නම් සිද්ධිය බරපතල වන්නට තිබූ බව ද පොලීසිය කියයි.



අදහස් (0)

සාපෙළ අවසානයේ ප්‍රායෝගික සැසියක් බස් පොළේ

සුසන්ත - ඉතාලිය Thursday, 20 December 2012 02:15 PM

අපි පාසල් ගියපු කාල වලත් වාර විභාගයක් හරි වෙන විභාගයක් හරි ඉවරවෙනකම් බලාගෙන ඉන්නේ වලියක් දාගන්න. ඒක කොලු කාලේ හැටි. හැබැයි අපිනම් පොලිසියට අහුවෙලා නෑ...පොලිසිය එනවනම් දුවනවා...(නු)

:       0       0

සමන් ගීත් Thursday, 20 December 2012 02:17 PM

දැන් මේ පොලිසියේ කස්ටිය මොකද මෝල් ගස් වගේ පොලු තියාගෙන ඉන්නේ? ඉස්කෝලේ යන පොඩි උන්ට ගහන්නද? මෙයාලටත් පුළුවන් ඔය අහිංසකයන්ට ගහන්න තමයි. ලැජ්ජාවේ බැහැ ලංකාවේ පොලිසිය ගැන.(නු)

:       0       0

දයා Thursday, 20 December 2012 02:21 PM

දෙමාපියෝ වියදම් කරනවා , මෙයාලට ගානක්වත් නෑ (ස)

:       0       0

සම්පත් Thursday, 20 December 2012 02:22 PM

වැඩ බැරි වුණත් ගම දකුණේ (ස)

:       0       0

සිල්වා Friday, 21 December 2012 09:46 AM

දරුවන් මේ තරම් නරක විදියට‍ හැසිරෙනනේ ඇයි (ස)

:       0       0

ජානක Thursday, 20 December 2012 02:36 PM

මේවා පාසල් කාලෙ වැඩ.. අපිත් ඕහොම තමයි.. කොල්ලොනේ..!(නු)

:       0       0

මුනසිංහ Thursday, 20 December 2012 02:33 PM

දෙමව්පියන්ගේ වගකීම හරියට වෙනවානම් මේවා වෙන්නේ නැහැ.. දෙමාපියන් නිතරම තමන්ගේ දරුවා කරන දේවල් ගැන සෝදිසියෙන් ඉන්න ඕන..!(නු)

:       0       0

සිල්වා Thursday, 20 December 2012 02:40 PM

වයසේ වැරැද්ද ??ආදර සම්බන්ධයකට වෙන්න ඇති (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 20 December 2012 07:52 PM

කමල්, අපේ කොල්ලොත් බයිසිකල් චේන් අරගෙන ගියා. හැබැයි ඒවාගෙන් ගහන්නනම් බැරි වුණා. (නි)

:       0       0

මංජුල Thursday, 20 December 2012 07:54 PM

දකුණට බැණලා සතුටක් ලබන්නේ කොහොම අයද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 20 December 2012 02:41 PM

ළමයි නෙමෙයි තාත්තලා (ස)

:       0       0

මුතුකුඩ Thursday, 20 December 2012 08:34 PM

හැම කොල්ලාම ඔහොම නැහැ. මේ ඔවදන් ගුරුතමෙක් එහෙම දුන්නානමි එයාටත් ගහයි. (නි)

:       0       0

නාරද Thursday, 20 December 2012 08:44 PM

ඉස්සර උතුර... දැන් දකුණ... (නි)

:       0       0

හර්ෂණ Thursday, 20 December 2012 02:58 PM

හැමෝම ඔහොම නෑ (ස)

:       0       0

වරුණ Thursday, 20 December 2012 02:59 PM

උදළු මිටක් තියාගෙන ඉන්නෙ කාට ගහන්නද?(නු)

:       0       0

පහන් Friday, 21 December 2012 10:40 AM

අර ගාල්ලේ මනුස්සයෙක්ව මරද්දී පොලිසිය මොකද කළේ? ඒත් ‍ මෙතන නම් එහෙම නැහැ. (නි)

:       0       0

නොයෙල් Thursday, 20 December 2012 03:08 PM

මෙයාලට උගන්වන්න දෙමාපියන් මොන තරම් දුකක් විදිනවාද?(නු)

:       0       0

මාර්ක්ස් Thursday, 20 December 2012 03:09 PM

සම්පත් ළමයෝ නරක දෙයක් කලාම අනුවන විදියට ආඩම්බර වෙන්න එපා

:       0       0

කුමාර Thursday, 20 December 2012 03:08 PM

අයියෝ සම්පත් , ඔයා ගම්පහද .? වැඩ බැරි අය ඉන්නේ දකුණෙන් පිට . දකුණේ කොල්ලොන්ගේ වැඩ ඔයාලා දන්නේ නෑ (ස)

:       0       0

සරත් Thursday, 20 December 2012 03:46 PM

මේ වගේ කොල්ලන්ව නිකම්ම යවන්න හොඳ නෑ ,නිසි දඩුවම් දෙන්න ඕන. අනිත් ළමයින්ටත් ආදර්ශයක් වෙන්න (ස)

:       0       0

මෝරාළ Thursday, 20 December 2012 03:56 PM

ලොකු වුණහම වැඩ ටික කොහොමට තියෙයිද? (නි)

:       0       0

කමල් Thursday, 20 December 2012 04:02 PM

සුසන්ත,සමන් සහ ජානක ඕගොල්ලෝ ගැන දුක හිතෙනවා. පොඩි රණ්ඩුවක් නෙමේ මෙතන ඇති වෙලා තියෙන්නේ. බයිසිකල් චේනුත් අරන් ඇවිත් තියෙන්නේ. අවුරුදු 16 දී ඔහොම නම් ..... (ස)

:       0       0

බන්දු Thursday, 20 December 2012 04:03 PM

දුක්වෙන්න එපා. චාරයක් නැති අයගේ සාමාන්‍යය හැසිරිම මෙයයි. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 21 December 2012 11:37 AM

මෙයාලා වගේ අය තමයි ලොකු මහත් වුණහම පාතාලයෝ වෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Thursday, 20 December 2012 04:08 PM

දකුණේ ලේ නේ..පොඩි කාලේ ඉඳන්ම මැරකමටමයි හිත. මොනවා උනත් අර පොලීසියේ රාළහාමි අලි එලවන්න වගේනේ ඇවිත් තියෙන්නේ (ස)

:       0       0

පුබුදු Thursday, 20 December 2012 04:05 PM

අනිවාර්යයෙන් ගෑනු ළමෙක් ගෑවිලා ඇති. (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 20 December 2012 04:27 PM

දැන් ඉන්නේ ළමයි නෙමෙයි යක්කු (ස)

:       0       0

රොකී Thursday, 20 December 2012 04:30 PM

දැන්මම ‍මෙයාලව හදාගන්න ඕනෑ. නැත්නම් බැහැ. (නි)

:       0       0

සනත් Thursday, 20 December 2012 04:26 PM

මල්ලිලා සාමාන්‍ය පෙළට මෙහෙම නම්, උසස් පෙළ, උපාධි අපේක්ෂක වෙනකොට හොඳ දියුණුවක් වෙලා ඉඳීවි. පොලිසි‍යට දොස් කියන්න එපා. එයාල ආවෙ නැත්නම් විභාග ප්‍රථිඵල බලන්න නැති වෙන්නත් තිබුනා මේ කොල්ලො එකෙක් දෙන්නෙකුට. (නි)

:       0       0

වීරසේකරගේ Thursday, 20 December 2012 04:32 PM

අරන් ගිහින් කූඩුවේ දාන්නයි තිබුණේ. (නි)

:       0       0

චන්දන Friday, 21 December 2012 12:24 PM

ඕවා ඔහොම තමයි. (නි)

:       0       0

කල්පගේ Thursday, 20 December 2012 04:38 PM

බෙන්තර ගගෙන් එහා පැත්ත ගැන නම් ඉතින් කතා කරලා තේරුමක් නැහැ. (නි)

:       0       0

චානක Thursday, 20 December 2012 11:14 PM

හැම පාසලකම ඔහොම අය ටික දෙනෙක් හරි ඉන්නවා. ඒත් අති බහුතරය ඔහොම නැහැ. අපිට කලින් අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියපු ඔහොමම පිරිසක් හිටියා. හැබැයි ඔහොම අය කවදාවත් සාමාන්‍ය පෙළින් පස්සෙ ආයෙ පාසල් යන්නෙ නැහැ. ජීවිතේම බස් ස්ටෑන්ඩ් එකේම තමයි. (නි)

:       0       0

නිමන්ත Thursday, 20 December 2012 04:47 PM

සුපුරුදු පරිදි මේ පාරත් දකුණ සම්බන්ධ ප්‍රවෘත්තියක් දැක්ක ගමන් සමහරු දකුණට බනින්න පටන් අරගෙන. මේ වාගෙ සිද්ධි ලංකාවෙ අනිත් පළාත් වලින් මීට කලිනුත් ඕනෑ තරම් වාර්ථා වෙලා තියෙනවානෙ. ඕක ලංකාවෙ වෙන පළාතක වුණා නම් සමහර කට්ටියට ගාණක්වත් නැහැ. (නි)

:       0       0

හිල්මි Thursday, 20 December 2012 04:48 PM

කල්පගේ, ඔබ හරි. (නි)

:       0       0

ලක්ෂිත Friday, 21 December 2012 12:09 AM

දෙන්න ඕනෑ හොදට රිදෙන්න. (නි)

:       0       0

ලක්ෂිත Friday, 21 December 2012 12:10 AM

වුණ තැන මොකක් වුණත් කමක් නැහැ. වුණු දෙයයි වැදගත් වෙන්නේ. (නි)

:       0       0

අර්ජුන Friday, 21 December 2012 12:59 PM

බෙන්තර ගගෙන් එහා පැත්ත ගැන කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

රසීල් Thursday, 20 December 2012 04:45 PM

පාසල් යන කාලේ කොච්චර රණ්ඩු කළත් ඒවා ඉක්මණට අමතක කරලා ඉක්මණින් ආයෙත් යාලු වෙනවා. (නි)

:       0       0

සහන් Thursday, 20 December 2012 04:47 PM

සමහරුන්ට පෙනෙන්නේම දකුණේ වෙන වැරදි විතරමයි. (නි)

:       0       0

ජයී තිසර Thursday, 20 December 2012 04:57 PM

රණ්ඩු කෙරුම ලමා වියේ හරි සුරතල් සයිකල් චේන් කුමකට සිසුනට පාසල් ඔයින් ගියා ඇති මැදිහත් වී සිතුවිල් නිව් ටවුන් සසඳන විට සුළු දේවල්... (නි)

:       0       0

උදේශ් Thursday, 20 December 2012 05:07 PM

ළමයි උමාම ඔහොම තමයි (දී)

:       0       0

මරික්කාර් Thursday, 20 December 2012 05:12 PM

මේවා සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයාබලා යමක් කළ යුතුයි. (නි)

:       0       0

චන්දරේ Friday, 21 December 2012 01:48 AM

කොල්ලන් යනු කොල්ලන්ය. ඒ ඔවුන්ගේ හැටිය. (නි)

:       0       0

ප්‍රියන් Friday, 21 December 2012 01:12 PM

තාම පොඩි එවුන්නේ. රාළහාමිට තිබුණේ බයකරලා අතහරින්නනේ. (නි)

:       0       0

සුදේෂ් Thursday, 20 December 2012 05:10 PM

බෙන්තර ගගෙන් එහාපැත්ත ගැන කතාකරන්න බලාගෙන ඉන්න කට්ටියට ඔන්න හොද ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

රංජිත් Friday, 21 December 2012 02:42 AM

දකුණේ වුණත් කොහේ වුණත්, වැරැද්ද වැරදි ලෙසත්, නිවැරදි දේ නිවැරදි ලෙසත් දැකීමට පුරුදු වන්න. (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 03:19 PM

පිරිමි ළමයින්ට ‍හොස්ස ලඟින් මැස්සා යන්න බෑනේ රංචුවක් එකතුකරන් ඇවිත් ඇනකොට ගන්නවා.වයසේ වැරැද්ද නෙමෙයි ආකල්පවලයි වරද තියෙන්නේ (ස)

:       0       0

ජනිත් Thursday, 20 December 2012 06:06 PM

මේ කොලු පොඩ්ඩන්ට හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

අනුර Thursday, 20 December 2012 06:10 PM

දැන් මෙහෙම නම් උසස් පෙළ කරද්දී කොහොමට තියෙයිද? (නි)

:       0       0

සමන් Friday, 21 December 2012 05:54 AM

කොල්ලෝ වුණහම ඔහොම තමයි. මමත් ඒ කාලේ රණ්ඩු හොයාගෙන යන්නේ. (නි)

:       0       0

සමන් Thursday, 20 December 2012 06:17 PM

කොල්ලෝ වුණහම ඔහොම තමයි. (නි)

:       0       0

කපිල Friday, 21 December 2012 06:49 AM

කොලු වයසට ඔහොම තමයි. (නි)

:       0       0

සංජීව Friday, 21 December 2012 07:29 AM

මේ සිදුවෙන දේවල් අනුමත කරන්න බෑ (ස)

:       0       0

රසික Friday, 21 December 2012 07:55 AM

මේවා තමයි නියම වැඩ... (නි)

:       0       0

දකුණේ කෙනෙක් Thursday, 20 December 2012 06:44 PM

බෙන්තර ගගෙන් එහා පැත්තට බනින්න සෑහෙන්න පිරිස් බලාගෙන ඉන්නේ. ඇත්ත,දකුණේ කොල්ලන්ගේ ලේ ටිකක් රත් වෙනවා තමයි.මොකද නිවටයෝ මේ පැත්තේ නැති නිසා. මොන පැත්තක පාසලක ළමුන් වුණත් වැරදි වැඩ වැරදිමයි. (නි)

:       0       0

විභූෂ Friday, 21 December 2012 08:16 AM

පොලිසියට කිසිම අයිතියක් නැහැ ළමයින්ට ගහන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 941 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 811 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 446 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 307 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1198 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site