බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන 18 හැවිරිදි තරුණයෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්වූ ඔහු පාසලේ දී ගොඩ නැගුණු ප්‍රේම සබඳතාවක් මත විවාහ වූ බවත්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටි බිරිය සනසන්නට සොරා ගත් බව කියන භාණ්ඩ බැංකු කිහිපයකට උකස් කර ඇති බවත් පොලිසිය කියයි.
උකස් මුදලින් මිලදී ගෙන තිබූ බව කියන ත්‍රිරෝද රියක් හා ගෘහ භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් කියන්න තියෙන්නේ පව් කියලා තමයි. මේ දරුවා හැදූ දෙමාපියන් මොනතරම් දුකක් විඳිනවා ඇද්ද දැන්? මමත් අම්මා කෙනෙක් නිසයි පව් කිවුවේ....!! (නි)
තමන්ට ලේසියෙන් නඩත්තු කරන්න පුළුවන් පොලවේ පය ගහල ජීවත් වෙන නෝනා කෙනෙක් සොයා ගත්තේ නැති වුනාම මෙහෙම දේවල් වෙනවා . (දී)
සමහර නෝනලාටත් කොච්චර හම්බ කරලා ගෙනත් දුන්නත් මදි. තමන් දන්නා කියන කාන්තාවන්ගේ සැප පහසු ජීවිතේ එක්ක තමන්ගේ ජීවිතේ සංසන්දනය කරමින් සැමියාගේ ඔලුව අවුල් කරනවා. . (දී)
දැන් ඉතින් බැරීයැ සැපවත් ජිවිතයක් ගත කරන්න (දී)
බලාගෙන ගියාම ගැහැණු කියන්නේ මල වාතනේ. පේනවනේ මෙතන කාන්තවන්ම කාන්තාවන් ගැන කියල තියන ඒවා. ලංකික කාන්තාවට මොකද මේ වුණේ?(අ)
මට තේරෙන්නේ නැ ඇයි මේ ඔක්කොම බිරිදට දොස් කියන්නේ කියලා.මෙතන සදහන් වෙන්නේ සැමියාට බිරිදට සැප දෙන්න බැරි නිසා මේ දේ කල කියලයි.නැතිව බිරිඳ සැමියාගෙන් සැප සම්පත් ඉල්ලා කරදර බවක් කියවෙන්නේ නැ. (දී)
බිරිඳගේ දොළදුකක් සංසිදුවන්න යන්ට ඇති. සැමියාට 18 නම් බිරිඳ ඊටත් බාලයි. හිරේ ගිහින් ගෙදර එනකොට ඔය ආදර බිරිඳ ගෙදර ඉදීවිද? (අ)
බිරිය කෙසේවෙතත් දැන් මෙයානම් සැපවත් ජිවිතයක් ගත කරයි.ඔය කොලු පැටියා හිරෙන් එළියට එනකොට බිරියත් වෙන කවුරුහරි එක්ක සැපවත් ජීවිතයක් ගත නොකළොත් තමයි පුදුමේ (නි)
දැන් ඉතින් අහළ පහළ කට්ටියට තමයි හොයන්න දේවල් වැඩිවෙන්නේ (නි)
මිනිපෙ, තව සැරයක් හොඳට පුවත කියවා බලන්න. ඒත් නොතේරුනොත් නැවතත් පාසල් යන්න වෙයි (නි)
දෙමව්පියො කොපමන උත්සහකලත් දරුවන් නිසිමගට යොමුකරන්න මේ සමාජය වෙලාගෙනතියෙන විවිදාකාර මනස කුරුවල් කරන වසන්ගත නිසා දරුවො නොමගට යොමුවෙලා තියෙනව. විසේසයෙන් මේවට සුරන්ගනා ටෙලිනාට්‍යත් වගකියන්නඕන. (දී)
දැන් ලංකාවේ මිනිස්සු හොරකම් කරන්නේ නැතිබැරිකමට නොව "සැපවත්" ජීවිත ගතකරන්නටයි. ලොක්කෝ කෝටි ප්‍රකෝටි වලින්' සැප' හොයද්දි පොඩ්ඩෝත් ලක්ෂ ගණන් වලින් ඒකම කරනවා. (නි)
මම කළමනාකරණ උපාධිධාරියෙක්. ඒත් මට තාම රස්සාවක් නැහැ. අවුරුදු 3ක් වෙනවා (නි)
සංජීව ඔබ පුද්ගලික අංශයේ රැකියාවකට උත්සහ කලේ නැද්ද ? මමත් ඔබේ විෂයන් හදාරපු නිසා කියන්නේ . තව වයස යන්න කලින් පුද්ගලික බැංකු වල කලමානකරණ පුහුණු ධුර සඳහා ඉල්ලුම් කර බලන්න. රජයේ රැකියා ලැබෙන තෙක් ඉන්න එපා. ඔබේ පරිගණක සහ ඉංග්‍රීසි දැනුම හොඳ මට්ටමක නම් මට හිතන්නේ ඔබට පුද්ගලික අංශයෙන් කැඳවීම් ලැබේවි. උත්සාහය අත අරින්න එපා. දැනට සුළු රැකියාවකට හරි ගිහින් අඩිය තියාගන්න . ඉන්පසු ඔබේ ඉල්ලක්කයට යන්න හැකි වේවි. (අ)
තමන් සහකාරියක් තෝරා ගන්නකොට සැලකිලිමත් වුනේ නැතිනම් මෙහෙම අමාරු වල වැටෙනවා. දුර පලාතක මගේ ඥාති සොයුරෙක් , පිට ඔපේට ජීවත් වුන නෝනා කෙනෙක් නඩත්තු කරන්න භාර ගත්ත. සොයුරාගේ රැකියාව නැති වුනා විතරයි දැන් නෝනා එයාගේ කොළඹ අක්කලාගේ ගෙදර ගිහින් සැපට ඉන්නවා. ඒ සොයුරා ගමේ රස්සා සොයමින් දුකින් කල් ගත කරනවා. මේක පුද්ගලික අත්දැකීමක් විතරයි. (අ)
මිනිහගේ උගත් කමෙන් රටට වැඩක් ගන්න බලමු. හොද ආදායම් මාර්ගයක් තියන කොට හොරකම් කරන එකක් නැහැ.. වෙන රටවල් වලනම් එහෙමයි කරන්නෙ.......(අ).....
ඉගෙනීමට දක්ෂ කම කියන්නේ ගුණ යහපත් කම නොවෙයි. මහා මොලකාරයෝ , උගත්තුයි මාෆියා සංවිධාන තුල ඉන්නේ. අද දහම් පාසල් අධ්‍යාපනය පාසල් විෂයයකට සීමා වෙලා. ඉරිදාට දහම් පාසල් නොගොස් උපකාරක පන්ති වලට, ක්‍රිකට් වලට දරුවන් යවන දෙමාපියන්ට මෙම ප්‍රතිඵලය ලැබෙනවා. ඔය දෙමාපියන් දරුවන් ලොකු මිනිස්සු කරන්න හදනවා වගේ දරුවන් හොඳ මිනිස්සු කරන්නත් හිතනවානම් රටට වැඩදායක පුරවැසියන් බිහිවේවි.(නදී)
අනේ අනේ මෙහෙමත් කෙල්ලෝ (අ)
හොරකම කොයි තරාතිරමක කෙනෙක් කලත් හොරකමමයි.(අ)
කෙල්ලෝ කියන කියන විදියට ඉන්න කොල්ලන්ට ඔයිට වැඩි දේවලුත් වෙයි. මොලේ තියනවනම් හිතල වැඩක් කරන්න , කෙල්ලෝ කියන දේවල් නොකර.(අ)
ඔබ ගැහැනියකට ආදරය කළ නිසා මේ ඉරණම අත්විය. ඔබ බිරිඳකට ආදරය කළානම්, බත් ටිකකට ලුණුටිකක් ඉහ ගෙනකා අවංකව ජීවිතය ගැටගහ ගන්නවය. එහි සුන්දරත්වයට දෙවියන් පවා උදවු කරයි. (දී)
අපේ සමහර තරුණියන් විවාහ වෙන්නේ භාර්යාවන් වෙන්න බලාගෙන නෙමෙයි. ආර්යාවන් වේවි කියලා හිතාගෙන. මෙහෙම නෝනලා තෝරාගත්තොත් ඉතින් සොරකමේ ගිහිල්ලා තමයි එයාව නඩත්තු කරන්න වෙන්නේ. ඇයි ඉතින් තියෙන හැටියට කාලා ඇඳලා ජීවත් වෙන්න තමන් එක්ක ආපු කෙනෙක් නෙමෙයිනේ. (නි)
කාන්තාව වනාහි මිනීමරන ආයුධයක් වැන්න (නි)
දැන් පුළුවන් බිරියට සැපවත් ජීවිතයක් ගතකරන්න (නි)
පුතා දුර බලන්න (දී)
සාමාන්‍ය පෙළත් හොරට ලියලද දන්නේ නැහැ (නි)
සමහර තරුණයෝ තරුණියන්ට රැවටිලා ජීවිතේ පුළුවන්තරම් මෝඩ වැඩ කළා. ගෑනු ඕනතරම් ලෝකේ හරිම කරදරේ. ඔලුවෙන් වැඩ කරන එකයි හරිම උත්තරේ. (දී)
නියම ආදරවන්තයෙක් දයාබර සැමියෙක් (දී)
විවාහ වෙන්න තාම මෝරලා මදි.හොරකමටත් එහෙමයි. (දී)
සාපෙළ ඉහළින් සමත් වෙලා කසාද බදින එකද කරලා තියෙන්නේ....??? මේ පෙන්වන්නෙ උගත් කමෙයි බුද්ධිමත් කමෙයි වෙනස(දී)
සමහර කාන්තාවන්ට ඕනෑ විවාහයෙන් පසුව අතක් පයක් හොල්ලන්නෙ නැතුව සැපට ඉන්න මිසක් පවුල් ජීවිතයක වගකීම් ගන්න නෙමෙයි. මම කියන්නේ මේ තරුණ සැමියාව අමාරුවේ දැම්මේ එයාගේ බිරිදම තමා. ඒ පුද්ගලයා ඉගෙනීමට දක්ෂ නම් , අබ ඇටයක මොළයක් තිබෙන ගෑනු පරාණයක් නම් උනන්දු කරන්නේ දිගටම ඉගෙනගන්න. ඉන්පසු සුදුසු රස්සාවක් ලැබුනාම ඔය හිතේ තිබුන සැප සම්පත් ලැබෙන්න තිබුනානේ. (නි)
රස්සාව විදිහට කරන්නේ ඒක (දී)
සැපවත් ජීවිතයක් ගතකිරීමටනම් හොඳට ඉගනගන්න තිබුනනේ.දැන් උපාධියක් කියන්නේ රජයේ ඉහල රැකියාවක් ෂුවර්.ඉගනගන්න කාලේ විකාර කරලා ජීවිතේම අව්ල් කරගත්ත. (දී)
තරුණයාගේ අදහස නම් හොදයි නමුත් කරපු දෙයනම් කොහොමවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නොවී (දී)
වයසේ වැරැද්ද. තව ටිකක් ඉවසල හොදට ඉගනගෙන හොද රස්සාවක් හොයාගෙන විවාහ උනානම් මුදලුත් ප්‍රශ්නයක්ද? වැඩිම උනොත් තව අවුරුදු 6 ක් ඉගන ගන්න වෙයි. (දී)
රුවන් ඔයා ලංකාවෙද ඉන්නෙ උපාධියට කොහෙද රජයේ උසස් රැකියා දෙන්නෙ (දී)
ඉස්කෝලේ යන්න තියෙන කාලේ ඒ දේ නොකර කසාදෙ විතරක් ඕන උනානම් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් හිර ගෙවල් වල ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න පුළුවන්. (දී)
මම මේ නොදන්නා නිසයි අහන්නේ,චන්දයකින් තොරව ගොඩ යන්න ක්‍රමයක් නැද්ද? (දී)
රස්සාවට වැඩිය ප්‍රවේශම් වෙන්න ඕන පරස්තාවේදී. (දී)