IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සබරගමු සබේ සභාපතිගේ විශ්වාසභංගය ලත් තැනම නවතී

(අජිත්ලාල් ශාන්තඋදය)

විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නොගෙන පසුගිය 28 දා පැවති සබරගමු පළාත් සභා රැස්වීම කල් දැමීමට එරෙහිව පළාත් සභා සභාපති කංචන ජයරත්න (එජනිස) මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එක්සත් ජාතික පක්‍ෂ විපක්‍ෂ කණ්ඩායම පැවසුව ද, එය ගෙන එන්නේ පක්‍ෂයේ ඉහළ උපදෙස් මත බවට එජාපයේ පසුපෙළ පළාත් සභා මන්ත‍්‍රීවරු පවසති.

’මේ වෙනකොට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පහළොස් දෙනා විශ්වාස භංගයට අත්සන් කරලා ඉවරයි. නමුත් එය බාරදීමට පක්‍ෂ නායකත්වයෙන් අවශ්‍ය උපදෙස් ලැබිලා නෑ. සබරගමු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු දොළොස් දෙනෙක් මේ විශ්වාසභංගය දිනවන්න අපිට සහාය දීමට මේ වනවිටත් පොරොන්දු වෙලා ඉවරයි.’ යැයි පසුපෙළ එජාප මන්ත‍්‍රීවරයක් පැවසුවේ ය.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු පවසන්නේ පසුගිය 28 වැනි දා ගෙනා මෙම පනත් කෙටුම්පත විවාදයට ගෙන ඡන්දයක් විමුසවේ නම්, සබරගමු පළාත් සභාවේ මන්ත‍්‍රීවරු 44දෙනාගෙන් විසි  හත් දෙනෙකුගේ ඡන්දය ඊට ලැබෙන බවයි. 

එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහ ඇමැති මහීපාල හේරත් මහතාට සහ ආණ්ඩුකාරවර මාර්ෂල් පෙරේරා මහතාට කළ දැනුම් දීමක් මත ඒ දෙදෙනාගේ ලිඛිත සහ වාචික ඉල්ලීම් සැලකිල්ලට ගෙන සභාපතිවරයා එම පනත සම්බන්ධ විවාදය ලබන 12 වැනි දාට කල්තැබීය.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පවසන්නේ සභාපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය කිසිම අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් නොගෙනන බවයි. 

සබරගමු පළාත් සභාවේ නිල කාලය මේ මස 26 දිනින් අවසන් වේ. සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයට මන්ත‍්‍රීධූර 27ක් ද,  එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රීධූර 15ක්ද, ලංකා කම්කරු කොන්ග‍්‍රසයට මන්ත‍්‍රීධූර 2ක් හිමිය. 



අදහස් (0)

සබරගමු සබේ සභාපතිගේ විශ්වාසභංගය ලත් තැනම නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 48 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 249 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 75 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 610 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 295 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1377 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site