සබරගමු සරසවියේ පෞද්ගලික නේවාසිකාගාරයකට අද අලුයම ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවකුට පහර දී කටේ රෙදි පාංකඩ ද ඔතා පළා ගිය බව කියති.
සිසුවා පඹහින්න රෝහලෙන් බලංගොඩ රෝහලට මාරු කැර යවා ඇත.
සබරගමු සරසවියේ පෞද්ගලික නේවාසිකාගාරයකට අද අලුයම ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවකුට පහර දී කටේ රෙදි පාංකඩ ද ඔතා පළා ගිය බව කියති.
සිසුවා පඹහින්න රෝහලෙන් බලංගොඩ රෝහලට මාරු කැර යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රොකි, එතකොට ඔය සරසවි සිසුන්ට අපි යුතුකම් කරන්න විතරද තියෙන්නේ?ඔවුන්ගෙන් මොනවද රටට වෙන්න ඕනෑ යුතුකම්? අතලොස්සක් නේද හරි හැටියට ඉගෙනීම කරගන්නේ? මේ අය සමාජයට ආවට පස්සේ කීයෙන් කීදෙනාද මවු රටට සේවය කරන්නේ? (නි)
ඉගෙන ගන්න කාලෙට ඉගෙන ගන්න ඕනේ (දී)
මේක කමෙන්ට් දාන හැමෝම දැන ගන්න. මම සසරසවී සිසුවෙක් නෙමේ, මම සරසවි ගිහින් රටට වැඩක් කරලා , දැන් වෙන රටක ඉන්නේ , මොකද අපිට ලංකාව ගෙන කලකිරිලා (දී)
හේමාල් මොකද ඔයාල සරසවි සිසුන්ගේ බලපත්‍රයක් ගෙන විතරක් කතා කරන්නේ, ලංකාවේ අනිත් අය විශේෂයෙන් පාලකයෝ, පොලෝසියේ අය , චන්ඩි එතකොට මේ රටේ ඉන්න අනිත් අයටම තියෙනවද විසේස බලපත්‍රයක් සරසවි සිසුන්ට නැති (දී)
සරසවි ශිෂ්‍යයොම සරසව් සිසුන්ට පහර දෙනවා ඕන තරම්. ඒ දේශපාලන අවශ්‍යතාවන්ට සහ ආදර සබදතා වැනි දේවල් වලට.ජයවර්ධනපුර සමන්ත, දයා පතිරන වගේ සිසුවො මරල දැම්මේ කවුද කියලා සොයල බලන්න. (දී)
විශ්ව විද්‍යාල සිසුන් ගැන රටේ වැඩි දෙනෙකුගේ හොඳ පැහැදීමක් නැහැ. හැම උපාධියකටම වඩා ශිෂ්‍යයෙකුට/ශිෂ්‍යාවකට සමාජයෙන් ලැබිය හැකි හොඳම උපාධිය තමයි හොඳින් අධ්‍යාපන කටයුතු වල නියැලී, යහපත් සාර ධර්ම වලින් පරිපුන් ගුණ ගරුක, විනය ගරුක, ප්‍රචණ්ඩකාරී නොවන හොඳ හික්මීමක් ඇති සමාජයට වැඩ දායක අවංක නිහතමානී පුද්ගලයකු වීමට ඇති ලක්ෂණ පෙන්වන හැසිරීම් රටාවක් පෙන්වීම. නැතිනම් චන්ඩින් අතරට අලුත් කණ්ඩායමක් එක්වේවි උපාධිධාරී චන්ඩින් කියල. (දී)
ලංකාවේ උපාධි ධාරීන් කීදෙනෙක් ලංකාවට වැඩක් වෙන දෙයක් කරනවද ? (දී)
ඕක තමයි ලංකා ලාගේ කටේ තියෙන එකම වචනය. උපාධිදාරීන් විතරයි මේ සමාජයේ උගත් බුද්ධිමතුන්. අනෙකුත් කට්ටිය මරි මෝඩයෝ. ලංකා , ඔයාලා උපාධි ලෝගුව අධි තක්සේරු කරන්න යාම නිසා තමයි උපාධිදාරීන් රැකියා වෙළඳ පොලේ පවා අවතක්සේරුවට ලක් වෙන්නේ. සමාජයේ අනුගත වෙන ප්‍රායෝගික දැනුම , රැකියා ස්ථානයේ අත්‍යවශ්‍ය කුශලතා, අන්‍යන් සමග සුහදව කටයුතු කිරීම ආදියෙන් උපාධිදාරීන් තවමත් උසස් පෙළ පමණක් ඇති අයටත් වඩා පසුපසින් කියල ඔයා දන්නවද ? (නදී)
උගත්කම ගැන මම හොඳ කතාවක් කියන්නම්. අපි එක්තරා දුප්පත් සරසවි ශිෂ්‍යයෙකුට මසකට මුදල් දීමනාවක් සහ පොත්පත් ගන්න උදව් ආදියෙන් මාසිකව උපකාර කළා. අවුරුදු 4ක් තිස්සේ. වැල්ලවායේ අන්ත දුප්පත් ඔවුන්ගේ පවුලටත් අපි උදවු කළා. නංගිගේ මඟුල් ඇඳුම් පවා අරන් දුන්නේ මාත් සැමියාත්. නමුත් අන්තිමට මොකද කළේ? උපාධිය ගත් ගමන් ඕස්ට්‍රේලියාවට ගියා. විශ්වාස කරන්න අපිට යනවා කියලාවත් කිව්වේ නැහැ. දැන් ඔයාලා කියන්න අපිට තවත් මේ සරසවි සිසුන්ට උදවු කරන්න කියලා. (නි)
ලංකා මහත්මිය, සරසවි වරම් ලැබෙනවා කියන්නේ, තමන්ට නැති දේවල් ලබාගන්න,සමාජයේ කලබල ඇති කරලා අඩි පොළවේ හප්පලා, උද්ඝෝෂණ කරලා, තමන්ගේ හයිය පෙන්නන්න ලැබෙන බලපත්‍රයක් නෙමෙයි. ඔයගොල්ලෝ හැමදාම කියන්නේ ඔය සරසවි නොගිය අයගේ නුගත්කමේ උපහාසය තමයි. හැබැයි මේ උපාධිදාරීන් විනයක් සංයමයක් නැතුව ලබාගත් උපාධිය ගැන ඔයාලා කතා කරන්නේ නැහැ. (නි)
රෝකීලා අන්තිමට කියයි සරසවි සිසුන්ගේ මඟුල් ගෙවල් වලටත් කරගහන්න ඕනෑ මහජනතාව කියලා. ප්‍රායෝගික ව හිතන්න රොකි. ඉගෙනගන්න ආවා නම් ඒ වැඩේ හරියට කරගන්නේ නැතුව , තිබෙන පහසුකම් වලින් ප්‍රයෝජන ගන්නවා වෙනුවට අතට පයට තවත් දේවල් ඉල්ලලා , පන්ති වර්ජන උද්ඝෝෂණ කරනවා. මේ ළමයින් මහජනයාට අනුකම්පා හිතෙන විදියටද කියන්න වැඩ කරන්නේ? ඉගෙනගන්න දරුවන් මැරයන් වගේ වැඩ කරලා අන්තිමට උපාධි ලෝගුවෙන් ශිෂ්‍ය කාලයේ කාලයේ කළ නොපනත් වැඩ වහගන්න බැහැ. (නි)
අනේ ලංකා, අපි නම් ඔය කියන උපාධිදාරීන් නෙමෙයි. අපිට තියෙන්නේ වෘත්තීය සුදුසුකම්. අපි උපරිම සේවයක් රටට සිදුකරනවා. රටෙන් අපිට නෙමෙයි, අපෙන් රටට වැඩක් වෙන විදියටයි අපි ජීවත් වෙන්නේ. විනයක් හික්මීමක් , ප්‍රායෝගික කුසලතාවක් නැති උපාධියකට වඩා අපේ නුගත්කම අපිට හොඳයි. (නි)
උපාධියක් ගන්න විඳින දුකක්. (නදී)
බන්දුල පෙරේරා කියන්න වගේ මේ සිසුවාට ගහපු එකටත් ඇමතිතුමාව ගාවා නොගත්තොත් තමයි පුදුමේ. ඇයි මිනිස්සු අහිංසක දේශපාලකයින්ට පහර ගහන්නේ මේ වගේ වැඩ වලට? (නි)
සරසවි ගිය නැති අය ඉන්නේ සරසවි සිසුන් එක්ක පුදුම තරහකින්. මේකේ කට්ටිය දාන අදහස් බැලුවහමත් ඒක තේරෙනවා (නි)
විශ්ව විද්‍යාලවලට තේරිලා ඒවාගේ අධ්‍යාපනය ලබන්නේ රටේ අනාගතය බාර ගන්න ඉන්න උගත් බුද්ධිමත් පරපුර. මොන අඩු ලුහුඬු කම් තියෙන්න පුළුවන් වුනත් ඒ අපේම දරුවෝ මිසක් කල්ලතෝනි නොවෙයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් , ආරක්ෂාව ලබා දෙන එක අපේ යුතුකමක් බව අමල් වගේ අය තේරුම් ගත්තොත් හොඳයි.(නදී)
ශ්‍රීපති සුරුආරච්චිගේ මරණය,සෝභිත හිමිගේ රිය අනතුර ,නීතිඥ සංගමයේ සභාපති පසුපස මැරයින් ලුහු බැදීම,අහිංසක සරසවි සිසුන්ගේ නේවාසිකාගාරවලට පැන පහරදීම යන සියල්ලම එකම දම්වැලේ පුරුක්ය. මොලේ ඇති අයට නම් මේවා අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැත. (නදී)
මේනකා සුද්ද කරපු ටිකෙන් තමයි මේ වෙනකනුත් අපි දිවි රැකගන්නේ. සුද්දම කරානම් අපේ රට මේ වන තුරු, එහෙනම් ආසියාවේ අාස්චාර්යමත් ද්වීපය තමයි. මේ පුංචි ශ්‍රී ලංකාව. එහෙම උනානම් අපිටත් යුරෝපා රටක වගේ මරණ බය නැතිව ජීවත් වෙන්න තිබුනා. අග හිග කම් නැතිව නීතියට හිස නමන දැහැමි ශ්‍රී ලාංකිකයෝ දැක ගන්න තිබුනා. කාන්තාවන්ට දරු පැටවුන්ට බයක් නැතිව තම අයිතිවාසිකම් භුක්ති විදගන්න තිබුනා. අපි පව්කාරයෝ මේනකා, යතාර්ථය තේරුම් ගන්න බලන්න. (නදී)
සමහරවිට මේක පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඊළඟට කලබල කරාවි, අපිට ආරක්ෂාව සපයන එක හැමෝගෙම යුතුකමක් කියලා. (නදී)
හෙට අනිද්දා මෙයාලා උපවාස කරාවී. විශ්ව විද්‍යාලය තුල නේවාසිකාගාර හදන තුරු අපි සටනේ කියලා. (නදී)
මට හිතෙන්නේ අරයා මේ වැඩේට සම්බන්දයි වගේ (නදී)
1949 න් පස්සේ රටට වු දේවල් දිහා බලනකොට මට හිතෙනවා සුද්දටම ගිය රට කියලා (නදී)
පළමු වසරේ නම් නාහෙට අහන්නේ නැති අලයෙක් වෙන්න හදන එකෙක් වෙන්න ඇති. දෙවන තෙවන වසර ජේ්‍ය්ෂ්ඨ උත්තමයෝ ගැන ටිකක් හොයල බලන්න.(නදී)
දැන් මේ ළමයා විතරද එතකොට මේ පුද්ගලික බෝඩිමේ ඉඳලා තියෙන්නේ. අඩු ගණනේ මෙහෙම කලබලයක් වෙනකොට පොලිසියට දුරකථන ඇමතුමක් දෙන්නවත් කෙනෙක් අහල පහල ඉඳලා නැද්ද ? (නදී)