ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ලබන 11 වැනි දා තෙක් බාර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට නියෝග කළේය.
අ ද(08) උසාවියේ පෙනී සිටින්නැයි නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි මහතාට නොතීසි නිකුත් කර තිබුණද ඔහු පැමිණ සිටියේ නැත. පොලිසිය අධිකරණයට දැන්වූයේ ලේකම්වරයා විදේශ ගත වී ඇති බවයි.
ලබන 11 වැනි දා උසාවියේ පෙනී සිටින්නැයි ඔහුට සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට නැවත නොතීසි නිකුත් කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ආරක්ෂාව ඕන, මාවත් එස් එස් පී කෙනෙකුට බාර දෙයි නේද? (අ)
මට ඉතාමත් ප්‍රීතියි මට නීතිය උගන්වපු ශ්‍රීනාත් මහතාත් මෙතන ඉන්නවා (අ)
මහජන මුදල් නාස්තියක්. මෙවෙනි රට පාවා දෙන්නන් හට රජයෙන් ආරක්ෂාව දීමෙන් වන්නේ මොවුන් බොරු කියා උපයන මුදල් වලින් මොවුන්ටම ආරක්ෂාව සපයා ගන්නට දෙන්න (නදී)
ඒක නම් හොඳයි (නි)
ලකී ඩොඩන්ගොඩ මහත්තයා කෝප් වාර්තාව ගැන එහෙම අහල නැතුව ඇති නේද? විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව මිහින් එයාර් වගේ සුදු අලි බිලියන ගණන් පාඩු පිට දුවනකොට මහත්තයට හරි සනීපයක් දැනෙනවා ඇති නේද? ඒවා මහජන මුදල් නොවෙයිනේ. අනේ ඉතින් අපි ජීවත් වෙන්නේ ඔයාලා වගේ මිනිස්සු ඉන්න රටකනේ (නදී)
බලන්නකෝ මුහුණු ටිකේ සිරියාව. (නි)
කිඹුල කනවා ඉවසන්න පුළුවන් ..මේ කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි.(අ)
හරිම සතුටෙන් වගෙයි නේද ඉන්නේ? (නි)
මොහු පසුපස එළවන්නේ කවුද? එළවීමට හේතුව කුමක්ද? යම්කිසි දෙයක් සිදුවීමට හේතුවක් තිබෙනවා නේද? දන්නේ නැති නිසයි මේ අහන්නේ. (නි)
කවුරු එලවන්නද ඉන්දික මහත්තයෝ. තමන්ගේ හර්ද සාක්ෂිය මිසක. මොන ආරක්ෂාව ගත්තත් එ්කෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මේ මාධ්‍ය සංදර්ශනය දාන්නේ එන් ජි ඕ වලට වැටුණු තහංචියට විරුද්ධව කතා කරපු පෙනී සිටපු නිසා තමන්ගේ පස්සෙන් ආරක්ෂක අංශ පන්නනවා කියල ලෝකෙට කියන්න. ස්වාමින් සතුටු කරන්නත් එදා වෙලා හොයා ගන්නත් ඉතින් මෙයාලට මේ ඇර වෙන විකල්ප නැහැ. (නදී)
මට නම් තේරෙන්නේ නැහැ අනේ (දී)
නිදහසේ යන්නට ඇති බිය නිසා ආරක්ෂාව පතනවා. ඔවුන් නැතිකරන්නට කොටසක් කටයුතු කරනවා. (නි)