IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සුභසාධක ප්‍රතිලාභ ගෙවන ගැසට් පත්‍රය නිකුත් කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක  ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිතය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ  “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ. 

මෙහිදී  සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වනදා දක්වාද,  අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් 2024 මාර්තු 31 වනදා දක්වාද ලබා දීමට නියමිත අතර,  දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500.00 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000.00 බැගින් 2023 ජූලි 01 වනදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය. 

දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000.00 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000.00 බැගින්ද ලබා දෙනු ඇත.

සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සදහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබී තිබෙන අයදුම්පත් සංඛ්‍යාව 3,712,096 කි.
මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන්  91.5% ක් ඊයේ (08) දිනය වන විට අවසන් කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර,  දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කර ඇත. 

දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 98 % කි.

පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයෙන් 96.5% ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 96% ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 96% ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 95.5% ක් ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් 3,362,040ක තොරතුරු තහවුරු කර ගැනීම මේ වන විට සිදුකර තිබේ.

 



අදහස් (4)

සුභසාධක ප්‍රතිලාභ ගෙවන ගැසට් පත්‍රය නිකුත් කරයි

ධනරින Wednesday, 10 May 2023 05:02 AM

කොහොම කලත් ඇතිහැකි අයට ලැබී නැතිබැරී අයට නොලැබෙන තත්වයක් දකින්නට ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා

:       2       3

විසිල් Wednesday, 10 May 2023 09:10 AM

ලොකුම සුබසාධන අරගන්නේ දියවන්නාවේ සෙට් එක. ලැජ්ජා නැතිද උබලාට අපේ සල්ලිවලින් ජොලි කරන්න .

:       2       1

Mahesh Karunamuni Mahesh Monday, 19 June 2023 09:39 AM

අපි කරපු ගාමන්ට් ජොබ් එකත් නෑ සුභ සාදකත් නෑ

:       0       0

WM sunil dhrmasiri Thursday, 29 June 2023 01:40 PM

අපිට දැන් සුබසාධන මේවා මොකුත්ම නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 48 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 249 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 75 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 611 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 295 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1377 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site