වයස 15 න් ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලේ සමූ අෂාන් පන්දු 79 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 16 ක් සමගින් ලකුණු 175 ක් රැස් කිරීමට සමත් විය. සමූ අෂාන් මෙවර 15 න් පහළ පාසල් කි‍්‍රකට් තරගාවලියේදී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පන්දු 123 කදී නොදැවී ලකුණු 352 ක් රැුස්කරමින් නව පාසල් වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.
ඉසිපතන විදුහල සහ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 305 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ.
ආනන්ද විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 432
(සමූ අෂාන් 175, ශාමල් හිරුෂාන් නොදැවී 110, නිපුන් ද සිල්වා 83, දනුල භාසිත 56/3, කුසල් ඩිල්ෂාන් 62/3)
ඉසිපතන විදුහල ඕවර 38 කදී 127
(නවෝද ප‍්‍රියමන්ත 50, චමෝද් මධුෂාන් 12/3, අභිෂේක් වීරසිංහ 28/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කොල්ලෙක්නේ. ඒත් මෙයත් කුසල් වගේ ගහන ගහන මැච් එකේ 2කෙන් 3නෙන් අවුට් වෙයිද දන්නේ නැහැ නේද..? (නි)
අපි සහ අපි.. අදහස වටිනවා නියමියි. (ස)
නිල්මිණි එතකොට ඔය කියන්න දැන් මිස්බා උල් හක්ට වයස 46ක් කියලද හරි වයස (අ)
ශම්මු: හරි බෝලෙට හරි පාර ගහගෙන යං මල්ලි (නි)
තරිඳු සහ රොහාන්, ආනන්දේ කියන්නේ ඔබේ අපේ , අපි හැමෝගෙම ඉස්කෝලේ. ඕක හැදුවේ ලංකාව වටේ ඉන්න දක්ෂ දුප්පත් ලමයින්ට. ඕක ඇතුලට යන දුප්පත් දක්ෂයෝ එලියට එන්නේ ලෝකෙම ජයගන්න උදාර මිනිස්සු හැටියට. භයානකම ත්‍රස්තවාදියා කිව්ව කෙනාට අමුඩේ ඇන්දෙව්ව යුද්දේ නායකයෝ කව්ද කියලා දන්නවනේ. ලෝකෙටම ගහලා 96 ලෝක කුසලානය ගෙන්න නායකත්වය දුන්නේ කව්ද කියලත් දන්නවනේ. ඔබේ දරුවෝ දක්ෂ නම් ආනන්දේ දොර ඇරලා. ඕක දක්ෂයන්ගේ තෝතැන්න (නි)
සුරේෂ් , දුර දිග බලලා කතා කරන්න පුරුදු වෙන්න බලන්න (නි)
තලල්ලේ,මම කිව්වේ පාකිස්තාන් අය ගැන.සචින් ගෙන නෙමෙයි. දන්නා නිසයි කියන්නේ (නි)
අනේ අයි.පී.එල්. යන්න නම් එපා (නි)
මෙයාව ඉස්සෙල්ලම 19 පහල කණ්ඩායමට දාලා හොද පුහුණුවක් දුන්නනම් හොදා. (ස)
පුතේ ඔබට හොඳ අනාගතයක් තියෙනවා.පරිස්සමින් එදිරියටම යන්න.තරුවක් වෙලා හිස උදුම්මවගන්න එපා. (නි)
මොහුට හොද අනාගතයක් තියෙනවා පැහැදිලිවම . එක මැච් එකකට විතරක් නෙමෙයි මෙයා නිතර නිතර ලකුණු අතර ඉන්න කෙනෙක්. ඒක නිසා මම නම් කියන්නේ දැන්ම ඉඳලම මෙයට ක්ලබ් මැච් දුන්නනම් හොදයි .මොකද සහිඩ් අෆ්රිඩි උනත් වයස 16න් ජාත්යතන්තර මැච් ගැහුවානම් ඇයි අපේ කොල්ලන්ට බැරි . නියමයි ශාමු අශාන්.(නදී)
අන්න දිල්ෂාන් නැතිලු ඊලග තරගාවලියට. ශාමු අශාන් එකට දාමුද බලන්න.(ස)
නිල්මිණි ඔය මොනවද දන්නේ. ඔය කියන විදියට එතකොට දැන් ඉන්න පකිස්තාන් නායකයට වයස 46ක් වෙනවද? එහෙම වුනොත් ඒක ලෝක වාර්තාවක්. එයාට තම 36යි. අෆ්රිඩි 16න් සෙල්ලන් කළේ. එතකොට සචින් පවා 16න් සෙල්ලන් කළේ , ඒවාට මොනවද කියන්නේ ඔයා? (නි)
සමු අශාන්, අම්බලන්ගොඩ දේවනන්දෙන් ගත්තේ. මෙයා අම්බලන්ගොඩ. ආනන්දේ කොහොමත් පිට ක්‍රීඩකයෝ අරන් අපේ කියන්න දක්ෂයෝනේ. උදා: දිනේෂ් චන්දිමාල්.(නදී)
ආනන්දේ උනාට මෙයා අම්බලන්ගොඩ ධර්මශෝකේ කොල්ලෙක්. (ස)
පුතේ නුඹ ගැන ආඩම්බරයි.හොදට හිතල අනාගතේ වැඩ කරන්න.ඉක්මන් කොටයි. (ස)
සුරේෂ් අදහසනම් හොදයි. නමුත් පාකිස්තානේ අයට උපන් දිනය දන්නේ ඉපදිලා අවුරුදු 10ක් විතර ගියාම.(නදී)
කොහොමද ආනන්දේ කොල්ලන්ගේ වැඩ ? ආනන්දයි, ආනන්දයි අපි ආනන්දයි,(ස)
අනාගත සනත් කෙනෙක් බිහිවෙනවා වගේ පෙන්නේ.(නදී)
පුංචි ජයසුරිය කෙනෙක්... (නි)