(තිලකරත්න දිසානායක)
සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම පාලන මිල රුපියල් 85 ක් වශයෙන් නියම කර තිබියදී, සීනි කිලෝවක් රුපියල් 50 ක වැඩි මිලට 135 බැගින් අලෙවි කිරීම මත පාරිභෝගික සේවා අධිකාරිය ගම්පහ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ගම්පහ නගර ශාඛා වෙළදසළ වටලා නඩු පැවරීමට පියවර ගනු ලැබීය.
රජය මගින් නියම කොට ඇති පාලන මිල ඉක්මවා ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඇතැම් වෙළඳසල් මගින් ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කරනු ලබන බවට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය වෙත ලැබී ඇති පැමිණිළි මත අද (19) සිදුකළ පරීක්ෂාවේදී මෙම සමූපකාර ශාඛාව හඳුනාගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබිණි.
පාලන මිල ඉක්මවා මෙලෙස සීනි අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා එම වෙළඳසලෙහි සිට ගම්පහ සමුපකාර සමිතියේ අලෙවි ප්‍රධානියාගෙන් දුරකථනයෙන් විමසූ අවස්ථාවේ දී සදහන් කර සිටියේ පරණ සුදු සීනි තොගයක් මෙලෙස වැඩි මිලට අලෙවි කිරීමට සමූපකාර ශාඛාවලට උපදෙස් ලබාදී ඇති බවය.
රජයට අයත් සමූපකාර දෙපාර්තමේන්තුවෙහි වෙළඳසලක මෙලෙස පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම වරදක් බව විමර්ශන ප්‍රධානීවරයා එම අලෙවි ප්‍රධානියාට පෙන්වා දෙනු ලැබූ අතර, මෙම වරදට අනුව "පාරිභෝගිකයා රවටන සුළු ආකාරයෙන් කටයුතු කිරීම " යන චෝදනාව යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව දැනුම් දෙනු ලැබීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමූපකාරයේත් සීනි ගිනි ගණන්
kamal Friday, 20 November 2020 07:13 AM
85 සීනි තියෙනවාද? බී ළූණු කෑවාද? දැන් සැපද?