දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පක්ෂයේ අරමුදල් තර කර ගැනීම සඳහා ලන්ඩනයට පැමිණ සිටියි.
ඔහු ලන්ඩනයේ වෙසෙන දෙමළ ජනයා සමග සාකච්ඡාවක්ද පැවැත්වීය.
මේ අතර සම්බන්ධන් මහතා ලන්ඩන් විදේශ අමාත්‍යංශයට ගොස් උතුරු පළාත් සභා ඡන්දය සාධාරණව පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටි බවත් දැනගන්නට ඇත.
උතුරේ මෙන්ම දකුණේද සිදුවෙතියි කියන මානව හිමිකම් කඩවීම් ගැන සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ද ඔහු ඉල්ලා ඇතැයි ලන්ඩන් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනපතිගේ තියෙන හොද කම වැඩි කමටයේ මේගොල්ලෝ ලෝකේ වටේ යන්නේ. (අ)
ලංකාදීපේ අදහස් බැලුවහම මේ රටට අපහාස කරන, මේ රට මිනීකන්නන්ගේ දේශයක් කියලා පෙන්නන්න හදන, අරාබි වසන්ත මේ රටට එනකම් බලන් ඉන්න, කොටින්ම කිව්වොත් මේ රටට වරදිනකම් බලා ඉන්න නරුම සිංහලයෝ මේ රටේ වැහි වැහැලා ඉන්නවා කියලා පෙනෙද්දී අපි මේ සම්බන්දන්ලා වෙනුවෙන් අරුමුගන්ලා වෙනුවෙන් වචන නාස්ති කරන එක අපරාදයක්. (නි)
කොටි දුන්නු මානව හිමිකම් මොනවාද? ප්‍රභාකරන්ගේ ළමයි ඉගෙනගනිද්දී,සැප විඳිද්දී අනිත් ළමයින්ට තුවක්කු සයනයිඩ් කරල් නම් දුන්නා මතකයි.මාවිල් ආරු ජලය නොදීම,සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් කරගැනීම,බලෙන් ළමයින් තරුණ තරුණියන් පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බදවා ගැනීම මානව හිමිකමක්ද? අපේ හමුදාව ඔයගොල්ලන්ගේ ජීවිත වලට සැනසීම උදා කළ බව අමතක කරන්න තරම් ගුණමකු වෙන්න එපා.අපි ඕගොල්ලොන්ට අහිමි කරපු මානව හිමිකම් මොනවාද? කොටි ඕගොල්ලොන්ට හිමි කරපු මානව හිමිකම් මොනවාද? (නි)
උතුරේ මෙන්ම දකුණේද සිදුවෙතියි කියන මානව හිමිකම් කඩවීම් ගැන සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලීමේ ඇති වැරැද්ද මොකද්ද? (නි)
අපේ සිංහලයන් ඉවසනවා වැඩියි. දැන් බලන්න ඊයේ පෙරේදා ග්‍රෑන්ඩ්පාස් වල වුණ සිද්ධිය... පුවත් පත් වල තිබෙන ලිපි කියවනකොට අපේ ලේ රත්වෙනවා. ඒ නිසා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේවට ඉක්මනින් පිළියම් යොදන්න කියා. නැත්නම් නැවතත් ලංකාවේ අනවශ්‍ය දේවල් ඇතිවෙන්න පුළුවන්. (නි)
මෙයා කොච්චර හොද මිනිහෙක්ද? තමන්ට ඡන්දෙ දුන්නු මිනිස්සු වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරනවද? එකට අපේ අය? තමන්ගේ මල්ල පුරවගන්න ඡන්දෙ දුන්න මිනිස්සුන්ව අමතක කරලා රිලව් වගේ එහෙට මෙහෙට පනිනවා, (නි)
කව්ද 13 දෙනවා කියලා රැවැට්ටුවේ? (නි)
මේ වගේ අය අපෙන් කකා අපිටම වින කරනවා. මෙයත් කරුණානිධි වගේ මැරෙනකන්ම දේශපාලනේ කරයි වගේ. (අ)
අපේ මිනිස්සුන්ට වෙන අසාධාරනකම්,කෙනෙහිලිකම්, මානව හිමිකම් වෙනුවෙන් වෙන කාගාවට යන්නද කියන්නේ ? (අ)
හැමදාම කළේ සුදන්ට අපිව පවා දෙන එකයි (අ)
මේක දෙමල ජාතික සංවිදානය නෙමෙයි කොටි සංවිදානය.මේ අයටත් දැන් ලංකාවේ නිදහස වැඩිවෙලා වගේ.මානව හිමිකම් උල්ලංගනය කෙරුවේ කව්ද..?ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නැත. (අ)
අපි යුද්ධයෙන් පස්සේ හරියට අපේ රටේ නිතිය ස්ථාපිත කරගත්තා නම්, එක එක් කෙනාගෙන් වචන අහන්නත් ලෝකය ඉදිරියේ බාල්දු වෙන්නත් සිද්ධ වෙන්නේ නැහැ (නි)
සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙන්න ඇති. කොහොමත් කනයා පන්ඩිතයානේ.(නදී)
කාටවුනත් අපේ රටේ අයිතීන් නැති කරන්න බැහැ (නි)
මේ ගොල්ලෝ හැමදාම කළේ ඕකමනේ. (නි)
කොටියන්ට මානව හිමිකම් තිබෙනවා යැයි රජය සිතන්න් නම් ඊටත් වැඩිය මානව හිමිකම් රටේ සාමාන්‍ය මිනිසුන්ට ඇති බව සැලකිය යුතුය. සිව් පා කොටියන්ට වඩා දෙපා කොටියා භයානකය. දෙපා කොටිත් වර්ග දෙකකි. උතුරේ ත්‍රස්තවාදීන් ඉන් එක කොටි වර්ගයකි. කාමුක සල්ලාල පිරිමි අනෙක් වර්ගයේ කොටියන් වේ. මම වැඩිපුර බය කාමුක සල්ලාල කොටින්ටය.(නදී)
ඔබ උතුර දකුණ දෙකම ගැන කතාකරපු එක බොහොම වටිනවා .(නදී)
මානව හිමිනම් නම් කඩවෙනවා තමයි. අපි දැක්කේ වැලිවේරියේ. ඉතින් මොන කතාද.(නදී)
ලන්ඩන් වලින්ම විසදුම් හොයාගන්න. ආපහු මෙහෙ එන්න එපා. (නි)
ජාතියක් ජන්මයක් තියන සිංහලයන් දම්වැලක් වගේ එකට සිටිය යුතුයි. මොකද ඉතිහාසය පුරා පැවති ආක්‍රමණ වලදි විනාශ කරන්න බැරි වුන ජාතියක් එක්ක තිබෙන වෛරය ඔය කිසිවෙක් අමතක කර නැහැ. ඔය ලොක්ක ගියේ එයාලගේ ගෙදරට බව අමතක කරන්න එපා. ගෙදරට ගියේ මහ ගෙදරට ගියායින් පස්සේ බැවි මට ආරංචියි.(නදී)
ඇමරිකාව, එංගලන්තය , වැනි බලවත් රටකට පුරවැසියෙක් වෙනත් රටකට ගොස් තමන්ගේ රටට බලපෑම් කරන්න කිව්වොත් මොකක් සිදුවෙයිද? ,වහාම සම්බන්දන්ගේ පුරවැසි භාවය අහෝසි කරනු.(නදී)
ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟයි ද මේවා? (නි)