IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සීයක් ගිනි පාගති

කතරගම ඇසළ උළෙලේ ගිනි පෑගීමේ උත්සවයේ පළමු අදියර අද උදේ වල්ලිඅම්මා දේවාලය අසලදී පැවැත්විණි.  සියයකට ආසන්න පිරිසක් ගිනි පෑගූහ. කාන්තාවෝද ඒ අතර වූහ.

කතරගම මහ දේවාලය ඉදිරිපිට මහ ගිනි මැලයේ ගිනි පෑගීම බ්‍රහස්පතින්දා (10) අලුයම 4ට සිදු කිරීමට නියමිතය. රාත්‍රී 12ට ගිනි මැලය පත්තු කර අතර මහමැලයේ ගිනි පෑගීම සඳහා 350ක් පමණ සූදානමින් සිටිති.

03 04 05 06 07



අදහස් (0)

සීයක් ගිනි පාගති

තිලක් ඩුබායි Wednesday, 09 July 2014 02:23 PM

විජයබා, ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ "මා දුටු ලෝකය" පොත කියවල බලන්න. (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 09 July 2014 02:29 PM

විජේබා හැම දෙයක්ම විද්‍යාත්මකව විග්‍රහ කරන්න යන්න එපා. (නදී)

:       0       0

කමනි Thursday, 10 July 2014 07:52 AM

උදිත, මාත් ගොඩක් දේවලට ආසයි. ඒත් බයයි. (නි)

:       0       0

ජයනාත් Thursday, 10 July 2014 07:58 AM

ළමයිනේ, දේවාලයක් නැති පන්සලක් දැක තිබෙනවද? අපි බාරහාර වෙන්නේ, වස්කවි සෙත් කවි කියවා ගන්නේ පන්සල් භූමියේම නේද? ඉතින් මේවා බුදුදහමට සම්බන්ධ දේවල් තමයි (නි)

:       0       0

සෝබන Wednesday, 09 July 2014 07:25 AM

මහාචාර්ය කාළෝ පොන්සේකා ගිනි පෑගීම ගැන පරීක්ෂණයක් කළා නේද? (නදී)

:       0       0

ජයන්ත Wednesday, 09 July 2014 07:32 AM

බුද්ධ වචනයෙන් කරන්න කියල කියපු දෙයක්නේ. සාදු සාදු (නදී)

:       0       0

චින්තක Wednesday, 09 July 2014 07:48 AM

ජයන්ත, එහෙම කොහෙදිද කිව්වේ. දන්නේ නැති නිසයි අහන්නේ. (නදී)

:       0       0

සජී Wednesday, 09 July 2014 07:58 AM

ජයන්ත, ගිනි පෑගීම, බිලි පුජා තියන්නේ හින්දු දහමට සම්බන්ධවයි (නි)

:       0       0

කෝසල Wednesday, 09 July 2014 08:06 AM

ජයන්ත වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් හිටියම ඇති (නි)

:       0       0

කලනි Wednesday, 09 July 2014 08:07 AM

හොඳ දසුන් පෙළක් (නි)

:       0       0

අරවින්ද Wednesday, 09 July 2014 08:07 AM

චින්තක, විහිළුවක් විහිළුවක් විදියට තේරුම් ගන්න උත්සහ කරන්න. (නි)

:       0       0

ක්‍රිස්ටි Wednesday, 09 July 2014 08:07 AM

එක් එක් පුද්ගලයින්ගේ ඇදහීම් සහ විශ්වාස පිළිබඳ අපි මධ්‍යස්තව බැලිය යුතුයි (නි)

:       0       0

මාලිකා Wednesday, 09 July 2014 08:07 AM

මේවා එක් එක් ආගම් වල තිබෙන ඇදහීම්.අපි ‍ඒවාට ගරුකළ යුතුයි (නි)

:       0       0

විජයබා Wednesday, 09 July 2014 08:11 AM

මෙහි ඇති විද්‍යාත්මක සත්‍යය ගිනි උඩ ඇති අළු ප්‍රමාණය, විලුඹේ ඇති ඝනකම, කකුල ගිනි මත තිබෙන කාලය, ගිනි ගොඩ කොතරම් නිවුනේද යන්න සහ එහි ඇති අවසාන උෂ්ණත්වය ආදිය මත රඳා පවතී. පොල්කටු අඟුරු මත මෙය කිරීම භයානකය. නමුත් නොදැනුම නිසා හෝ ගිනි පාගන අයගේ ඇදහීමට, අපට අපහාස කරන්නට අයිතියක් නැහැ. (නි)

:       0       0

චන්න Wednesday, 09 July 2014 08:14 AM

දැක්කහම මටත් ආසා හිතුණා (නි)

:       0       0

සමන්ත Wednesday, 09 July 2014 08:17 AM

ගිනි පෑගීම ගැන විවිධාකාර පුද්ගලයින් විවිධ මතයි ප්‍රකාශ කරන්නේ (නි)

:       0       0

ලක්ෂික Wednesday, 09 July 2014 08:18 AM

ඉතා හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

නුවන් Wednesday, 09 July 2014 08:23 AM

ජයන්ත, පුන්නක්කු ලාබෙට තියෙනවලු ඔයාල වගේ අයට (නදී)

:       0       0

උදිත Thursday, 10 July 2014 02:14 AM

මාත් ගිනි පාගන්න ආසයි. ඒත් මට බයයි (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 09 July 2014 08:43 AM

ඡායාරූප වලට ස්තූතියි! (නි)

:       0       0

අමිල ප්‍රභාත් Wednesday, 09 July 2014 08:46 AM

ජයන්තට කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ වගෙයි. වෛරයෙන් වගෙයි අදහස් ප්‍රකාශ කරන්නේ (නි)

:       0       0

සුදේශ් Wednesday, 09 July 2014 08:48 AM

ජයන්ත, කොහෙද එහෙම දෙයක් සඳහන් වෙන්නේ? (නි)

:       0       0

මාලිකා Wednesday, 09 July 2014 08:48 AM

ජයන්ත මහතාගේ අදහසට මම විරුද්ධයි (නි)

:       0       0

ආනන්ද Wednesday, 09 July 2014 08:55 AM

මිනිසා විසින් සිදුකරමින් සිටින බොහෝ ක්‍රියාවන් සහ ඇදහිලි, ඔවුන්ගේ බුද්ධිය හා දියුණුවත් සමඟ වෙනස් වෙනවා. (නි)

:       0       0

කුමාර් Wednesday, 09 July 2014 09:16 AM

යක්ක්ෂ ආරූඩෙන්, යක්ෂ නමස්කාරයට ගිනිපාගන්න කියල මොන බුදු බනේද ලියල තියෙන්නේ ජයන්ත ? (ස)

:       0       0

මේනක Thursday, 10 July 2014 03:28 AM

තාම අනුවන මිනිස්සු ලංකාවේ ඉන්නවා (දී)

:       0       0

දර්ශා Wednesday, 09 July 2014 09:38 AM

මෙහෙමත් මෝඩ වැඩක් (නදී)

:       0       0

උදිත ප්‍රභාත් Thursday, 10 July 2014 11:42 AM

එහෙමද කමනි (දී)

:       0       0

ජයන්ත Wednesday, 09 July 2014 10:10 AM

ළමයිනේ, අපි කතරගම දෙයියෝ, සමන් දෙයියෝ අදහන්නේ බුදු වචනය නිසා නොවේ නම් කාගේ වචනයටද? (නදී)

:       0       0

හෂාන් Wednesday, 09 July 2014 10:26 AM

කුඩා දරුවෙකුත් සමඟ.... මට නම් බයත් හිතෙනවා (නි)

:       0       0

ලසන්ත Wednesday, 09 July 2014 11:05 AM

ජයන්ත, නොදන්නා දේවල් ගැන මත ප්‍රකාශ කිරීමට යාමෙන් වළකින්න (නි)

:       0       0

විජේබා Wednesday, 09 July 2014 11:30 AM

කාලයක් කොල්ලෝ ගමේ පිට්ටනිවල පවා ගිනි පෑගුවා කිසිම දේව කන්නලව්වක් නැතිව. මෙහි ඇති විද්‍යාත්මක සත්‍ය ගිනි උඩ ඇති අළු ප්‍රමාණය විලුඹේ ඇති ගනකම, කකුලේ ගා ඇති දියර ප්‍රමාණය, කකුල ගිනි මත තිබෙන කාලය, ගිනි ගොඩ කොතරම් නිවුනේද යන්න සහ එහි ඇති අවසාන උෂ්ණත්වය ආදියයි. පොල් කටු අඟුරු මත මෙය කිරීම බයානකයි. නමුත් නොදැනුම නිසා හෝ ගිනි පාගන අයගේ ඇදහීමට, අපට අපහාස කරන්නට අයිතියක් නැහැ. (නදී)

:       0       0

නලින් Thursday, 10 July 2014 05:51 AM

ලංකා වෙ හැම දෙනාම ඉන්නෙ ගින්දර උඩ. (ස)

:       0       0

මදුමල් Wednesday, 09 July 2014 01:27 PM

ඉතාමත් අලංකාරයි (නි)

:       0       0

ශානික‍ා Wednesday, 09 July 2014 01:28 PM

ලෝකයේ තියෙන හැම ක්‍රියාවක්ම විද්‍යාත්මකව විග්‍රහ කරන්න තවම හැකියාවක් නැහැ (නි)

:       0       0

අයෝධ්‍යා Wednesday, 09 July 2014 01:55 PM

ඉතා චමත්කාරජනකයි. මටත් යන්න තිබුණා නම්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 116 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 144 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 240 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 838 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 560 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 376 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site