IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සයිටම් ආයතනයට විරෝධය දක්වා ලංගමත් 5 වැනිදා වර්ජනයක

සයිටම් ආයතනය උපාධි පිරිනමන වෛද්‍ය ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරෝධය පළකරමින් ලබන සිකුරාදා(05) වැඩවර්ජනයක් කරන බවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනතුරු අඟවා ඇතැයි ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමට බලවත් අමාත්‍යවරයකු ගන්නා උත්සහය ප්‍රතික්ෂේප කරන බව එම එකමුතුව පවසයි. මෙමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල කඩාකප්පල් වනු ඇතැයිද එම එකමුතුව පෙන්වා දෙයි.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ මහ ලේකම් සේපාල ලියනගේ මහතා පැවසුවේ බස් රියදුරකු හෝ බස් කොන්දොස්තරවරුන් මෙන් වෛද්‍යවරු බිහි කළ නොහැකි බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්වීමට හේතුවත් මෙය බව ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (18)

සයිටම් ආයතනයට විරෝධය දක්වා ලංගමත් 5 වැනිදා වර්ජනයක

Dostara hithahonda Tuesday, 02 May 2017 09:14 AM

තාම හිතාගන්න බැහැ ඇයි ආණ්ඩුව මෙච්චර මෝඩ කියල. සුළු ධනවතු ගොල්ලකගේ ළමයින්ව සහ දේශපාලන ඉහඳ පනුවන්ගේ ළමයින්ව රැකගන්න මුළු ආණ්ඩුවක්ම විනාශ කරනවා

:       238       234

MOHAN Tuesday, 02 May 2017 09:21 AM

දොස්තරලට කොන්දොස්තරලා එකතු වෙලා.

:       35       81

sanjaya Tuesday, 02 May 2017 09:29 AM

මේ මොකද? ලංගම රියදුරු කොන්දොස්තොර මහතුන්ටත් ඒ අයගේ ළමයින් මේ ආයතනයට යවන්න පුළුවන්නේ. උසස් පෙළ ලියන්න එච්චර මහන්සි වෙන්න ඕනෙත් නැත. නිදහසේ සියල්ලන්ටම වෛද්‍ය අද්‍යාපනය දෙන්න නේද මේ ආයතන තියෙන්නේ? පොඩි මිලියන් කීයක්ද විතරයි ඕනේ.

:       5       7

බද්රානි Tuesday, 02 May 2017 09:48 AM

අපේ රටේ දොස්තරලයි,කොන්දොස්තරලයි අතර ලොකු වෙනසක් නැහැ. බස් එකට නගිද්දී කොන්දොස්තරගේ තියන ආදරය බහිද්දී නැහැ වගේ තමයි, පෞද්ගලික රෝහලේ තියන ආදරය, රජයේ රෝහලේදී දොස්තරගේ නැත්තේ. දෙගොල්ලොම මගීන් ගැන හෝ රෝගීන් ගැන කිසිම තැකීමක් නැහැ. එකම පරමාර්ථය මුදල් පමණයි. ප්‍රවාහන සේවය ගැන කොන්දොස්තරලා කතා නොකරන සේම, ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවය ගැන දොස්තරලා කතා නොකරයි.. අලුතෙන් මාර්ග බලපත් දෙනවාට කොන්දොස්තරලා විරුද්ධ වගේම අලුතින් වෛද්‍යවරු බිහිවෙනවාට, දොස්තරලා විරුද්ධයි. ඉතින් දෙගොල්ලොම එකම බෝට්ටුවෙනේ ඉන්නේ. ඒ නිසා එකට එකතු වෙලා වර්ජන කරන එකේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ. රෝගීන් මරුනාවේ..මගීන් මහපාරේ රස්තියාදු උනාවේ..ඉතින් මොකක්ද ප්‍රශ්නය නැද්ද?

:       1761       1933

mangala welarathna Tuesday, 02 May 2017 09:52 AM

ලංගමයේ සේවකයන් එක එකාට ඕන විදියට කඩේ යන්න එපා ලංගම සේවකින්ට ලබාගන්න ඉල්ලීම් තිබියදී කඩේ ගිහින් ලංගමය විනාශ කරන පාපකර්මයට කරගහන්න එපා.

:       13       366

Susil Tuesday, 02 May 2017 10:09 AM

දේශපාලනයෙන් රක්ෂාවට එන කිසිම කළමනාකරණයක් නැති ලංගම වැඩකරන බහුතරය සමාජයේ විද්වතුන් දෙපැත්තක මත පල කරන කොට මේ අය වර්ජනය කරන්නේ ඇයි කියලා ජනතාව දන්නවා.

:       0       5

ලක්සිරි Tuesday, 02 May 2017 10:51 AM

වර්තමාන දොස්තරලට වැඩිය කොලිටි එකක් ලංගමයේ කොන්දොස්තරලට තියනවා නේ.. ඉතින් අපරාදෙනේ මාෆියා දොස්තරලගේ ගානට ලංගමයේ කොන්දොස්තරලා වැටෙන්නේ. අනික කොන්දොස්තර මහත්තය ලෙඩ වෙලා, බැරි වෙලාවත්, චැනල් කඩේකට ගොඩ උන දාට තේරෙයි දොස්තරගේ තරම?

:       52       28

Hafeel Tuesday, 02 May 2017 10:52 AM

ඒවුනාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිකුත්වෘ ත්තීය සමිති සමිතිවල ගණන් ගන්න නැහෙ.

:       2       5

සුමේධ Tuesday, 02 May 2017 10:55 AM

සයිටම් එක තියෙන්‍ෙ දොස්තරලට, කොන්දොස්තරලට නෙමේ. ඇයි එහෙනම් බස් වර්ජන....

:       5       11

අචලFriday, 05 May 2017 01:56 AM

සයිටම් එකෙන් එන දොස්තරලා බෙහෙත් දෙනකොට ලංකාවේ ඕනෙම කෙනෙකුට බෙහෙත් දෙනවනේ... ඒ සුදුසුකම් නැති අය නිසා තමන්ටත් ජීවිත වලින් වන්දි ගෙවන්න බැරි නිසයි ලංගමත් ස්ට්‍රයික් කරන්නේ.. අනිත් එක රියදුරාගේ කොන්දොස්තරගේ පඩියේ හැටියට අනාගතේ ඒ අයගේ දරුවන්ට ඉහළටම ඉගෙනගන්න බැරි තත්වයක් නේ ඇති වෙන්න යන්නේ..දැන් සල්ලි තියන අයට විතරද ඉගෙනීම අයිති... සයිටම් එක ලංකාවේ දේශපාලකයන්ට ඇරෙන්න ඇති නැති හැමෝටම ගැටලුවක්...

:       0       3

channa Tuesday, 02 May 2017 11:12 AM

ඇත්තටම ඒකද හේතුව මහත්තයෝ ....???

:       0       2

nilmini Tuesday, 02 May 2017 11:51 AM

අධ්‍යාපනය ගැන තීරණ වෙනස් කරන්න වර්ජන කරන්න මොන දැනුමක්ද මේ අයට ? මෙවැනි වර්ජන ආයතන සංග්‍රහයට අනුකූල නැහැ. මේ නීති විරෝධී වර්ජන මර්ධනය කල යුතුයි.

:       2       21

දසුන් Wednesday, 03 May 2017 06:26 AM

මෙයාලා හරියට මිනිස්සු ගැන හිතන්නේ මැයි 01 ලංගම බස් මැයි රැලියට ගියා පුද්ගලික බස් පාරේ නැත්නමි අපිට යන්න එන්න එකක් නෑ නිවුස් වලට ලංගම ලොක්කා ලැජ්ජ නැතුව කියනවා මැයි රැලියට සෙනග ඇදලා මිලියන 58ක් හමිබු කලා කියලා එයාට පාරේ ඉන්න මිනිස්සු වැදගත් නෑ මැයි 05 විතරක් මදිනමි දිගටම ලංගම ස්ට්‍රයික් කරන්න මගීන්ට වැඩිය දැනෙන්නේ නෑ

:       0       14

sugath Thursday, 04 May 2017 03:47 AM

මේවා බොරු වැඩ.

:       0       2

Ian Thursday, 04 May 2017 01:20 PM

ජේ ආර් කරපු දේ තමයි කරන්න තියෙන්නේ. රස්සාවල් නැතිව කී දෙනෙක් ඉන්නවද? පඩි අරගෙන මහජනයා අපහසුවට පත්කරන අයව සේවය අතහැරගියා කියල සළකල රස්සාවල් නැති අයට ලංගම වගේ ආණ්ඩුවේ රස්සා දෙන්න.

:       0       1

අචල Friday, 05 May 2017 02:09 AM

මේකේ මේ නිල්මිණි කියන මහත්මිය කියල තියන දේට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන්න ඕනේ. තමන්ගේ දරුවාගේ අධ්‍යාපනයට ප්‍රශ්නයක් කියල දැනෙන්න, තමන් මෙච්චර කල් නොමිලේ ගත්ත බෙහෙත් ටික දැන් සල්ලි වලට ගන්න වෙනවා කියල දැනෙන්න, තමන්ට සුදුසුකම් නැති වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න වෙනවා කියල දැනෙන්න, ලංකාවේ ඕනෙම මිනිහෙක්ට පුළුවන්. මේ ප්‍රශ්නේ දැන් එච්චරටම මිනිස්සු අතරට ගිහින් ඉවරයි. ඔබතුමිය ඒ දේවල් ගැන මුලින් හිතුවනම් ගොඩක් හොඳයි.

:       0       0

Sunila Friday, 05 May 2017 07:52 AM

ලංගම තරහ මොකද දන්නවද ? බස් ගැමුණු ගේ ළමයි දෙන්නත් ඉන්නවනේ සයිටම් එකේ. සයිටම් දොස්තරලා එනවට දේශීය දොස්තරලා ඉරිසියයි . පුද්ගලික බස් කාරයෝ එක්ක ලංගම අයියල ඉරිසියයි.

:       0       1

Kumari Saturday, 06 May 2017 01:30 AM

මොකද? මේ ලංකාවේ ඉන්න මිනිස්සු මේ හැටි ඉරිසියා කරන්නේ. සල්ලි හුඟක් තියන කෝටිපතියන්ගේ ළමයි රුසියාවට, එංගලන්තයට ගිහින් MBBS කරලා එනකොට කවුරුත් කතා කරන්නේ නැහැ. ලංකාවේ ලකුණු මදිවුණ එත් දක්ෂ, එත් සල්ලි ගොඩක් නැති ළමයි ඉගෙන ගන්න එකට අකමැති මොකද? එයාලටත් අනික් ය කරන විභාගම කරන්න දෙන්න. ඔය රුසියාවට ගිහින් ආපු අය ඉන්නේ පුද්ගලික රෝහල්වලට වෙලා... ඒ විභාගය සමත් වෙන්න බැරුව. මම හිතන්නේ ලංකාවේ සයිටම් ළමයි ඒ විභාගය සමත් වෙයි කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 504 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 110 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 262 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 303 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 380 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 675 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 915 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site