මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජයේ ආරංචි කියයි.
දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම තාවකාලිකව නැවැත්වීමට නියමිත බව ද එම ආරංචි සඳහන් කරයි.
සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ තීරණයක් අනුව මෙම තීරණය ගෙන තිබේ. එම කමිටු වාර්තාව පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
අදාල පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ඡාවලින් පසු කමිටුව ලබා දුන් නිර්දේශය අනුව සිසුන් ගැනීම තාවකාලිකව නතර කරන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අද (15) සයිටම් ආයතනයට දැනුම් දුන්නේය. ලේකම්වරයා එය දැනුම් දී ඇත්තේ විශ්ව විද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේය.
022
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සයිටම් ආයතනයට සිසුන් ගැනීම අත්හිටුවයි
Rumi Friday, 15 September 2017 05:29 PM
කිපාරක් කිව්වද, බොරු කතා
sanath Friday, 15 September 2017 06:54 PM
රෝගීන්ට රස්තියාදු නොවී ප්‍රතිකාර ගැනීමට නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් වත් ශ්‍රී ලංකාවට ඉක්මණින්ම අවශ්‍යයි.
Nishanath Dombagoda Saturday, 16 September 2017 02:19 PM
රෝගීන්ට රස්තියාදු නොවී යන්න...
sadunu Friday, 15 September 2017 06:58 PM
මේක නම් මම හිතන්නේ ඉතාමත් හොඳ තීරණයක් ලෙසයි.
sathyayaa Friday, 15 September 2017 10:27 PM
බොරු කිව්වොත් ජනතාව (හිර) ගෙදර. බොරු කිව්වොත් පාලකයා රජ ගෙදර. බොරු නොකිව්වොත් ආණ්ඩුව ගෙදර....හ්ම්ම්
one srilankan Friday, 15 September 2017 11:33 PM
මම මෙය ලියන්නේ ගරු හර්ෂද ද සිල්වා මැතිතුමාට.. අද සයිටම් ජාතික පිළිලයක් වී හමාරය. සිසුන් 10000-12000 (රජයේ විශ්ව විද්‍යාල සයිටම් සිසුන් පිටරට ඉගෙන ගන්න සිසුන්) අතර අනාථ වී මහමගට වී ඇත. දෙමාපියෝ හූල්ලයි. දෙලොවක් අතරයි. සයිටම් යනු නීති විරෝධී ආයතනයකි.... උදාහරණයක් හොරට කසිප්පු හදා මේවත් අරක්කු කියා ලස්සනට බෝතල්වල දම විකුණන්ට බලයක් දී ඇති අයුරුය. නමුත් කසිප්පුවල එතනෝල් වලට අමතරව මෙතනොල් මිශ්‍ර වී තිබිය හැක. සයිටම් එයට සමනයි. මොනයම්ම හෝ ප්‍රතිලාභයක් දී බලයෙන් පවත්වා ගෙනයන්න දරන ප්‍රයත්නය ඉතා නින්දිතය. සයිටම් සඳහා ජනාධිපති කොමිසමක් දමන්න. ඇත්ත හෙළිවේවි!!! සයිටම් විදුහල ලඟම ඇති විශ්ව විද්‍යාලයකට අනුයුක්ත කර සයිටම් සුදු දරුවන්ටත්, අධ්‍යාපනය හමාර වනතුරු ඉඩ දෙන්න. නැවත ලංකාවේ මෙවැනි පුද්ගලික වෛද්‍ය විදුහල් එපා. ඉතින් සයිටම් වහන්න.
බද්රානි Saturday, 16 September 2017 08:39 AM
සයිටම් ආයතනය පමණක් නොවේ. මේ වනවිට 2017 වසර සඳහා මේ රටේ සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගෙන හමාරයි. ඔය කියන තහනම දැම්මත්, නොදැම්මත්, මේ දිනවල බඳවා ගැනීමක් කරන්නේ නැහැ. ඒක මේ රටේ ඉන්න, පෙරහරේ යන්න දක්ෂ, බුද්ධිමත්ම ජනතාව දන්නවද දන්නේ නැහැ...
සපූ Saturday, 16 September 2017 09:07 AM
ඒක තමයි බද්රානි මේක තවත් උප්පරවැට්ටියක් නේද? කොටසක් මේක දැකලා තර්ක කරාවි දැන් විසදුම් ලැබුනනේ කියලා.
naradha Saturday, 16 September 2017 10:47 AM
බද්රානිගේ කතාව හරි. මේ වෙනකොට ලංකාවේ සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට 2018 අධ්‍යයන වසරට සිසුන් බඳවා ගෙන හමාරයි. සමහරු හිතාගෙන ඉන්නේ මේ විශ්ව විද්‍යාල වලට වසර පුරාම සිසුන් බඳවා ගන්නවා කියලයි. මෙවැනි මෝඩ අදහස් ඇති අය, නැති කර ගැනීමට තමා ලංකාවේ තව තවත් උසස් අධ්‍යාපන ආයතන ඇතිවිය යුත්තේ.
චමින්ද Saturday, 16 September 2017 10:53 AM
මේ හැම ප්‍රශ්නයකටම මුල සිංහල මිනිහා කියන්නේ හරිම කුහකත්වයකිනුයි. අනිකාගේ දියුණුව විඳදරාගැනීම අපහසු ඊර්ෂ්‍යාකාර අනෙකාට තම ලොකුකම පෙන්වීමට වන හීනමානී ආසාවෙන් පෙලෙන මෝඩ ආත්මාර්ථකාමී ජනවර්ගයක් ලංකාවේ ඉන්නකම් මේ රටට ගොඩගන්න අමාරුයි.
Nishanath Dombagoda Saturday, 16 September 2017 02:22 PM
ඔයත් ඒ ජන වර්ගයේම තමයි. තමන්ගේ රටේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
one srilankanSaturday, 16 September 2017 04:25 PM
කුහකකමක් නැත. හොර වැඩ වලට උඩගෙඩි දීම වැරදිය. සයිටම් වැසිය යුතුය.
පුෂ්පකුමාර Saturday, 16 September 2017 01:02 PM
බද්රනි, නාරද සහ චමින්දගේ අදහස් මා ඉතාම අගය කරන අතර ඔය උද්ධච්ජ මෝඩ ජාතියේ අවසානය වැඩි ඈතක නැහැ. සුද්දන්ට කේලම් කියලා නැතිකාලේ සයිටම් එකේ නම නොවෙයි මේ රටේම නාමයයි. ශ්‍රී ලංකාවේ උම්මන්තක දොස්තරලා ලෝකයෙන්ම මිලේච්ජ කළුකඩ දොස්තරලා බව අපි ලෝකෙටම කියනවා. අපේ රටට අවේනික දේශීය වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහිකරලා බටහිර වෛද්‍යවරු මේ රටට පිටරටවලින් ගෙන්වීමට සුදුසු කාලය පැමිණ ඇති බව අපි දකිනවා...
අල්විස් Saturday, 16 September 2017 01:18 PM
නාරද කාලෙකින් අහපු සුපිරි කථාවක් කීවෙ.
Chamara Sunday, 17 September 2017 07:23 AM
ඒක නම් හොඳ වැඩක්.. නැත්තම් අලුතෙන් ගන්න ළමයිනුත් අමාරුවේ.. දෙමව්පියන්ට තෙරෙන්නේ නැද්ද ඇත්තටම මේකට දැම්මොත් ළමයගෙ ජීවිතේම වල පල්ලේ කියලා.. දැන් පළමු, දෙවන ශිෂ්‍ය කණ්ඩායම් පුදුම අමාරුවකනේ වැටිලා තියෙන්නේ..