IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සයිටම් ගැටළුව විසඳන්න යද්දී වර්ජන කිරීම ගැන කණගාටුයි - ජනපති

සයිටම් ගැටළුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරතවීම කනගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.  ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අනුරාධපුර පැවැති රැස්වීමක දී ය.

දේශපාලන අතකොළු  බවට පත් නොවී තමන්ගෙත්, රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙස මෙහිදී සියලූ වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා   අධ්‍යාපනයේ දී කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩවර්ජනවලින්  පීඩාවට පත්වන්නේ වරප්‍රසාදලත් පංතිය නොව රටේ අහිංසක පොදු මහජනතාව බව   සිහිපත් කළ සිරිසේන මහතා ගැටළුවක් ඇත්නම් ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව තිඛෙන බව ද කියා සිටියේය. 

සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවටම බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලබාදෙමින් එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති මෙම අවස්ථාවේ පොදු ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් සහ රට නොසන්සුන් කරමින් වෛද්‍යවරුන්ගෙන් කොටසක් ඇතුළු  වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනවල නිරතවීම ඉතා කනගාටුදායක බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

(ඡායාරූප - චතුරංග සඳරැස්ගම)



අදහස් (11)

සයිටම් ගැටළුව විසඳන්න යද්දී වර්ජන කිරීම ගැන කණගාටුයි - ජනපති

kasun Friday, 05 May 2017 09:45 AM

මේවගේ දේවල්වලට සුදු වැන් එකක් ප්‍රයෝජනයට ගත්තත් අපි විරුද්ධ වෙන්නේ නැහැ..

:       229       210

mitee Friday, 05 May 2017 10:04 AM

ඉස්සෙල්ලාම ඔයා හරියට ජනාධිපතිකම කරන්නකෝ. ඔයාට ඒකවත් හරියට කරගන්න බැරුව තව සයිටම් එක ගැන මොන කතාද?

:       245       329

upali Friday, 05 May 2017 10:27 AM

ජනපතිතුමනි, මෙයාලව බබාලා වගේ නලවල හරියන්නේ නැහැ. ප්‍රේමදාස, මහින්ද මහත්වරුන් කළ දේවල් ආදර්ශයට ගන්නවෙයි..

:       39       36

samFriday, 05 May 2017 11:09 AM

ජේ ආර් අසූවේ ජුලි වර්ජකයින්ට කරපු දේ ඔබ දන්නේ නැතුවාවත්ද ?

:       3       18

wedage Friday, 05 May 2017 10:44 AM

ලොකු අයට දැනෙන්න නම් වර්ජනයක්ම කරන්න වෙලානේ එකනේ මේ ඔක්කොම කරදර...

:       21       33

buddika Friday, 05 May 2017 10:51 AM

වර්ජනය ගැටළුවක් කරගන්න එපා, ගෙනෙන විසඳුම ඉක්මන් කරන්නකෝ..!!!

:       8       7

K Perera Friday, 05 May 2017 11:20 AM

කතාවක් තිබෙනවානේ හිතහොද අම්මණ්ඩි හැමදාම බඩින්කියා, හැමදේකටම සීමාවක් තිබෙනවානේ , සයිටම්! සයිටම්! මේකද ලංකාව තිබෙන විශාලතම ප්‍රශ්නය? ජනාදිපතිතුමනි දැන්නම් ඉවසුවා ඇති. වේවැල අතට ගන්න වෙනවා.

:       35       21

sisira Friday, 05 May 2017 12:12 PM

අතගගා කාලය දියකර හරිමින් කර අරිනකොට කොහොමද ප්‍රශ්න විසඳෙන්නේ

:       0       0

sisira Friday, 05 May 2017 12:18 PM

කේ පෙරේරා... ජනපතිතුමා වේවැල විසිකරලා මඩු වලිගය අතට ගත් බව ඔයා තවමත් දන්නේ නැද්ද? එත් ඒක ඔහේ වන වනා පුන පුනා ඉන්නවා මිසක් එකෙන් තැලුම් කාපු කෙනෙක් නම් නැහැ. ඉස්සෙල්ලාම තලන්න තියෙන්නේ මහා බැංකු බැඳුම්කර හොරාගත්තු කෙනාට. එහෙම නැතිව මඩු වලිගය පෙරහරේ කස ගහන්නද? කියල අර පැරණි කියමන වෙනස් කරන්න කාලය හරි.

:       4       17

gamini Friday, 05 May 2017 01:25 PM

ජනාධිපතිතුමනි ඔබතුමා තදින් සිටින්න. අපි ඔබ සමගයි. නියමිත කාලයට කලින් මහමැතිවරණයක් තබන්න.

:       1       0

ජගා Sunday, 07 May 2017 07:29 AM

ජනපතිතුමනි, ඔබතුමා ගෙනාවෙ සයිටම් ප්‍රශ්නය විසදන්න විසදුම්ද? නැත්තං සෞඛ්‍ය ඇමතිතුමාගේ වුවමනාව පරිදි නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ ප්‍රශ්නවලට විසඳුම්ද? ඒවා රටට කියන්න අර තියපු මාධ්‍ය සංදර්ශනවලට වියදම් කල සල්ලි භාණ්ඩාගාරයෙන්ද නැත්තං වෙන කාගෙ හරි සාක්කුවෙන්ද? සෞඛ්‍ය ඇමැතිතුමා ඔබතුමාව බලයට පත් කරන්න වැඩ කලාට ඔබතුමා එහෙම වෙන්න ඕන නෑ. නිවැරදි තීරණයක් ගන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. බොරුවට පාළු ගෙවල් වල වලං බිඳින්නෙ නැතුව.... නියම විසදුම් වෙනුවට මුදලාලි කෙනෙක්ට ඕන විසඳුමක් ගේනවා. ඒවාට විරුද්ධව උද්ඝෝෂණ කරන කොට මෙහෙම මාධ්‍ය ඉස්සරභට ඇවිත් තොත්ත බබා වෙන්න හදනවා....

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 514 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 110 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 264 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 307 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 382 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 680 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 915 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site