IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සයිටම් විරෝධී රැළියට බාධා කිරීමෙන් ගම්පහ උණුසුම් වෙයි


(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන එක්ව ගම්පහ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය සයිටම් විරෝධී රැළියට පොලිසියෙන් බාධා කිරීම නිසා ගම්පහ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මහජන පීඩාවක් ඇතිවීම නිසා මෙම රැළිය පැවැත්වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බව ගම්පහ පොලිසිය කියයි.
එහෙත් අවට රැස්ව සිටි ජනතාව එක හඬින් කීවේ මෙම රැළිය පැවැත්වීමෙන් තමන්ට බාධාවක් නැති බවයි.

කෙසේ වෙතත් මෙම රැස්වීම පැවැත්වීමට ඉඩදිය නෙහැකි බව පොලිසිය දිගින් දිගටම කීවේය.

මෙම උණුසුම්කාරී තත්ත්වය දිගටම පවතිද්දී එහි පැමිණි ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ මෙම රැස්වීම පැවැත්වීමට මහජනතාවගේ කිසිදු විරෝධයක් නැති බවයි. පසුව රැළිය කරගෙන යාමට අවසරදී පොලිසිය ඉවත් වූවත් කැරළි මර්දන ඒකකය සහ අතිරේක පොලිස් කණ්ඩායම් එහි කැඳවා තිබිණ.



අදහස් (35)

සයිටම් විරෝධී රැළියට බාධා කිරීමෙන් ගම්පහ උණුසුම් වෙයි

රොමේෂ් Saturday, 13 May 2017 10:24 AM

පොලිසිය ලැජ්ජාවෙන එකේ සීමාවක් තියෙන්න ඕනා... දේශපාලකයන්ට කඩේ නොයා තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් මෙහෙම ලජ්ජා වෙන්න වෙන්නේ නැහැ.

:       349       1696

RD Saturday, 13 May 2017 10:33 AM

ජනතාව විරුද්ධ නැතිනම් ඔන්න ඔහේ පෙළපාලි (තවත් මදිනම් වර්ජන) කරන්න ඉඩ දෙන්න.

:       391       200

gayathriSunday, 14 May 2017 12:59 AM

එහෙමයි, එහෙමයි . රටට සහ ආර්ථිකයට හෙන ගැහුවත් කමක් නැහැ. පුළුවන්තරම් උද්ගෝෂණ සහ වර්ජන කරපල්ලා. අනේ සිංහලයෝ වගේ ඉරිසියවාදී මෝඩ ජාතියක්.

:       1097       286

sam Saturday, 13 May 2017 10:55 AM

ලංකාවේ "නීතිය" කියන එක අර්ථ දක්වන්නේ රජයද ? එහෙම නැත්නම් හන්දි ගානේ රස්තියාදු වෙන මිනිසුන්ද ??

:       1300       921

සෙනෙවි Saturday, 13 May 2017 11:22 AM

අනුර සේනානායකත් ඔය විදියට උඩ පැනල දැන් හිරේ නේ .මෙයාටත් කවද හරි වෙන්නෙ ඒකමයි

:       302       318

ගිහාන් ප්‍රනාන්දුSaturday, 13 May 2017 05:06 PM

රජය කියල ඔබ අදහස් කරේ මහ බැංකු හොරු, කුඩු ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ, දත් ගලවන අය, සහජීවනෙන් සිංහලේට කෙලින්නෝ, ස්ත්‍රී දූශකයෝ සහ මිනීමරුවෝ විය යුතුය.

:       29       155

asankaSunday, 14 May 2017 12:09 AM

අනුර සේනානායකගේ ප්‍රශ්නය සහ මෙම සිදුවීම සමාන නැහැ. එදෙක සසදන්න හදන්න එපා.එක මෝඩ වැඩක්.

:       55       51

niranjanSunday, 14 May 2017 12:16 AM

අනුර සේනානායකට තියෙන්නේ මිනීමරුමක සුලමුල වසන් කිරීමේ චෝදනාවක්. මෙතන ප්‍රශ්නය ඊට වඩා වෙනස්. මිනිස්සුට හිතෙන හිතෙන විදියට පොලිස් නිලධාරීන් හිරේ යවන්න බැහැ. නීතිය ගැන අවම අවබෝදයක් ඇති කෙනකුට වුනත් ඒබව තේරෙනවා.

:       317       119

රවින් Saturday, 13 May 2017 12:09 PM

කව්ද ඔය මහජනතාව එයාලට කරදරයක් නැහැ කියන්නේ. මේක බාල වැඩක්. එයාලම strike කරලා එයාලම ඇවිත් ජනතාව හැටියට පෙනී ඉඳලා කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා . පොලිසිය නිතිය ක්‍රියාත්මක කල යුතුයි. ඔහොම හැමෝගෙන්ම අහලා කරන්න නම් පොලිසියක් අවශ්‍ය නැහැ. ඒ වගේම රජයකුත් අවශ්‍ය නැහැ.

:       1098       1010

baba Saturday, 13 May 2017 12:19 PM

පාර්ලිමේන්තුව හොරුන් ගෙන් පිරිච්ච , බලු කුඩුවක්

:       1       117

Sena Saturday, 13 May 2017 01:19 PM

සයිටම් යනු හොර මගඩියක් බව අතිශය බහුතර ජනතාවක් තේරුම් අරන් ඉවරයි. මෙය ඉක්මනින්ම රජයට පවර ගැනීම සිදුකලයුත්යි. නැතහොත් මෙම සියල්ල මීතොටමුල්ල මෙන්ම විනාශයකින් කෙලවරවී, රජයද නාය ගොස් අවසන් වීම අනිවාර්යයි. මෙම රජයේ අතලොස්සක් වන දුරදිග පෙනෙන ඇත්තන්ට වත් මෙය අවබෝධ වේවා.

:       2383       4576

aravindaSaturday, 13 May 2017 02:04 PM

ඇයි සයිටම් ආයතනය පමණක් ජනසතු කළ යුතු? එසේ නම් ඔබගේ අදහසට අනුව රටේ ඇති අනිකුත් සියලුම ඉංජිනේරු, කළමනාකරණ, නීතිය, ගණකාධිකරණ වැනි විෂයයන් සඳහා උපාධි ප්‍රදානය කරන සියලුම පුද්ගලික ආයතනත් ජනසතු කල යුතුයි. එසේ කළොත් ඒවායේ නඩත්තුව සඳහා බදු මුදල් ගෙවන්නේ කව්ද? කල යුතුව තිබෙන්නේ මෙවැනි ආයතන තව 10-15 වත් රජයේ විශ්ව විද්‍යාල වලට සමාන්තරව ඇති කිරීමයි. අද පමණක් නොව, පසු ගිය අවරුදු 40/50 පුරාවටම, ලංකාවේ ඉල්ලුමට සරිලන තෘතීය අද්යාපන ආයතන තිබුනේ නැහැ. මෙවැනි ආයතන වල වියදම රජයට දැරිය නොහැකි නම්, ඒවා පුද්ගලික අංශයෙන් පවත්වගෙ යාමේ කිසිම වරදක් නැති අතර, එයින් වන්නේ රටේ උගත් සමාජයක් බිහි වීම පමණි.

:       2067       743

C.K.LankaputhraSunday, 14 May 2017 01:03 AM

හොරුකගේ සහයෝගයෙන් පටන් ගත්ත හොර මගඩි වල පව් ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට.

:       38       225

බද්රානි Saturday, 13 May 2017 04:13 PM

සයිටම් එක වහන්න කලින් ඉස්සරවෙලාම වහන්න ඕනා චැනල් කළුකඩ සහ පෞද්ගලික රෝහල් කළු කඩයි. සෞඛ්‍ය සේවය මුදලට විකිණීම හා මුදල මත රෝගියාගේ ජීවිතය ගැන තීරණය කරන මුදලාලි වෙද නඩය ගව රැලක් මහා පාරට දක්කන්නා සේ, අඥානයින් රැලක් පාරට බස්සවා තමන්ගේ ඒකාධිකාරය වෙනුවෙන් රෝගීන් බිල්ලට තබා හා ජනතාවට හිරිහැරයක් ලෙස මේ කරන සෙල්ලම නැවත්වීමට වහාම රජය පියවර ගත යුතුයි. පෙළපාලියට බාධා කිරීමෙන් පමණක් නොනැවතී මේ අමනයින්ගේ අඬු කඩා පන්නා දැමීමට පොලිසිය පියවර ගත යුතු වෙනවා. ඒ වගේම මේ වෙද ත්‍රස්තවාදයෙන් මේ රට මුදා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදන මෙන් අපි රජයට බලකර සිටිනවා.

:       910       887

රවිඳු Saturday, 13 May 2017 06:35 PM

අනේ මේ රටේ ගොබ්බයින්ට දොස්තරලා සෞඛ්‍ය සේවය මුදලට විකිනෙන හැටි නොපෙනන හැටි? මෝඩ කමින් විනාශවෙන ජාතිකයකට කවදා හරි පිටරට දොස්තරලගේ පිහිට තමයි. මුදල් තියන ඉගෙන ගන්න දක්ෂ තරුණ පරපුරෙන් අපි ඉල්ලන්නේ, ඔය කාලකන්නින්ට ඔය රට බාරදීල ඔබලා පිටරටකට ගිහින් ඉගෙනගෙන ඒ රටවල්වල ඉන්න මනුස්සයින්ට ඔබගේ සේවය ලබාදෙන්න.

:       492       502

දර්ශණ අසංකSunday, 14 May 2017 07:00 AM

දැන් ඔය සයියම් දොස්තර මහත්වරු නොමිලේ බෙහෙත් දෙනවා වෙන්ට ඇති මගෙ හිතේ....

:       23       8

සම්පත්Sunday, 14 May 2017 07:11 AM

හැමදේම පිටරටින් එනකන් ඉන්න උදවිය නැති වෙනකන් අපේ රට එක තැනම තමයි.

:       1       3

සම්පත්Sunday, 14 May 2017 07:19 AM

ඔය මුදල් තියෙන, ඉගෙන ගන්නත් දක්ෂය කියන තරුණ පරපුරට වෛද්‍ය විද්‍යාව හැර වෙන ඒවා ඇත්තේම නැද්ද? සල්ලි දුන්නම කොහොම හරි පාස් කරන තැනකින් දක්ෂ වෙදුන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

:       0       3

ලක්සිරි Saturday, 13 May 2017 08:00 PM

එට්කා ගිවිසුම හරහා ඉන්දියන් දොස්තරලා ලංකාවට ආවාම නම් මේ මාෆියා කල්ලියේ හුලන් බහියි මගේහිතේ? දිස්ත්‍රක් කොට එකට පින්සිද්ධ වෙන්න ගම්වලින් ආපු පන්ජයියලා කොහොමත් කැමති නැහැ. තව කෙනෙක් තමන්ගේ තැනට එනවට. කුහකයෝ මුන්ගෙන් බෙහෙත් ගන්නවට වඩා හොඳයි බෙහෙත් නැතිව මැරෙන එක.

:       457       433

මනෝජ් විජේරත්නSunday, 14 May 2017 04:37 AM

ලක්සිරි හිතාගෙන ඉන්නේ වෛද්‍ය වෘත්තිය කියන්නේ නගරයේ උසස් පන්තියේ මිනිසුන්ගේ දරුවන් කල යුතු රස්සාවක් කියාය. සයිටම් එකට කඩේ යන බොහෝ උන්දැලාද හිතන්නේ ඒකය. "දිස්ත්‍රක් කෝටා එකට පින්සිද්ධ වෙන්න ගම්වලින් ආපු පන්ජයියලා" කියන එකෙන් පැහැදිලි වන්නේ ගමේ දුක් විඳ ඉගෙනගෙන වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා උන් කෙරෙහි ලක්සිරිගේ ඉරිසියාවය. ඔය සයිටම් වෙනුවෙන් තප්පුලන එකෙක්වත් තමන් හෝ තමන්ගේ අම්මා, දරුවන් අසනීප වූ විට නෙවිල් ප්‍රනාන්දු එකට යන්නේ නැත. හොඳටම කඩේ යන රාජිතත් යන්නේ සිංගප්පූරුවටය.

:       159       162

ලුම්බිණිSunday, 14 May 2017 06:06 AM

හරියට හරි.... දක්ෂ කමට නොව දිස්ත්‍රක් කෝටා එකට පින්සිද්ධ වෙන්න වෛද්‍ය පීඨවලට ඇතුළත් වුණ බව ඇත්ත....

:       1       55

Asoka Saturday, 13 May 2017 08:16 PM

එතකොට බහුතරයක් එපා කරපු පක්ෂයක්නේ රට පාලනය කරන්නේ.

:       1       61

chana Saturday, 13 May 2017 09:33 PM

පොලිසිය හරි. මේ මෝඩ විරෝදතා නිසා ජනතාවට අපහසු වෙනවා

:       69       25

ලුම්බිණි Sunday, 14 May 2017 12:04 AM

රජයට තවමත් මේ බොරු අනවශ්‍ය විරෝධතා නවතා ගන්න බැරි වීමෙන් පෙනෙන්නේ කිසිම වැඩක් කර ගන්න හැකියාවක් නැති කණ්ඩායමක් බවයි.

:       1       6

nalaka Sunday, 14 May 2017 12:16 AM

මෙයාලට හරියන්නේ මහින්ද වගේ මරුමුස් නායකයෙක්. රටේ ආර්ථිකයේ දුයුනුවට වැඩක් කරන්නේ නැතුව උද්ගෝෂණ කර කර ඉන්න. ඔහොම යනකොට එ ටික වෙයි.

:       29       59

Manushya Sunday, 14 May 2017 12:46 AM

පුදුම වෙන්න දෙයක් නෑ . මේ ජනතාව තමා පබා වගේ පියරු බබාලව පාර්ලිමේන්තුවට යැව්වේ.

:       11       29

පෙරුමාල්Sunday, 14 May 2017 01:47 AM

හ්ම්, ගම්පහ ජනතාව හරීම බුද්ධිමත්. කියල වැඩක් නෑ

:       14       5

ChandraSunday, 14 May 2017 04:31 AM

ඇයි පබා පමනක්. රන්ජා දුටුගැමුනු වගේ ඔක්කොම ගම්පහ ජනතාවගේ බුද්දිමත් තේරීම් ..

:       1       14

Jagath Sunday, 14 May 2017 12:55 AM

සෛටම් ප්‍රශ්නය දැන් තිබෙන්නේ අධිකරණය ඉදිරිපිටයි. අධිකරණ තීන්දුව ලැබෙනතෙක් මොකක්ද මේ තියන උද්ගෝෂණ කුලප්පුව? මේ උද්ගෝෂණ පිටුපස තිබෙන්නේ වෙනත් නියාය පත්‍රයක්. බලය ගිලිහුන නායකයා සහ ඔහුගේ පිරිස නැවත බලය ලබාගැනීමට උද්ගෝෂණ කරනවා. ඒවගේම කිසිදා චන්දයෙන් ජනතාව බලයට පත් නොකරන බංකොලොත් දේශපාලන පක්ෂයක් සිසුන්ගේ මළමිනී උඩින් ජනතා චන්ද ලබා ගැනීමට උද්ගෝෂණය කරනවා. මේ සටනට සදාකාලිකව ඉරිසියාවෙන් පෙලෙන වෛද්‍ය සංගමයත් උදව් කරනවා. මේ රජය දුෂිත බව ඇත්ත. නමුත් මේ රජය ප්‍රජාතන්ත්‍ර වාදීව බලයට පත්වූ රජයක්. එවැනි රජයකට එරෙහිව උද්ගෝෂණ කරලා අන්තවාදී බලවේගවල අවශ්‍යතාවයන්ට අනුව බලහත්කාරයෙන් පෙරලනවට ජනතාව විරුද්ධ විය යුතුයි.

:       683       486

ඩී. ජයදේව Sunday, 14 May 2017 04:09 AM

ඔය ජනතාව කියන කට්ටිය දේශපාලකයෝ හොරකම් කරනවට, කුඩු විකූණනවට එහෙමත් විරුද්ධ නෑ. නැත්නම් ෙ ඡන්ද වලදී උන්වම පත්කර ගනීද. ජනතාවට ප්‍රශ්නයක් නැති හින්දා දේශපාලුවන්ටත් ඔහොමම කරගෙන යන්න දෙමු.

:       26       0

chandra Sunday, 14 May 2017 04:51 AM

මේක හංගපු සල්ලිවලින් රුපියල් 2000.00 ට සෙනග අදින කාලයක්. සෛටම් පටන් ගත්තු කාලේ විරෝදය පෑවේ නැත්තේ ඇඉය් ?

:       100       260

සෙනෙවි Sunday, 14 May 2017 06:12 AM

අදහස් ඉදිරිපත් කරන පුද්ගලයාම "ලයික්" දාන සිස්ටම් එකක් නේද මේකෙ තියෙන්නෙ....

:       0       0

Shan Sunday, 14 May 2017 06:24 AM

මේවා වහාම මර්ධනය කළ යුතුයි....

:       0       0

dias Sunday, 14 May 2017 11:55 AM

සයිටම් වගේම රජයේ දොස්තරලාගේ චැනල් වල ගාණත් 500 ක් කරමු.

:       0       59

රුචිර Sunday, 14 May 2017 05:47 PM

මේ අරවින්ද, සයිටම් එකේ පව් අනිත් පෞද්ගලික විශ්ව විද්‍යාල පිටින් යවන්න හදන්න එපා හරිද? සයිටම් එකේ වැරදි වලට අපි පළිද පාඩුවේ ඉන්න අපිවත් අල්ලගන්නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 479 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 107 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 259 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 300 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 377 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 673 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 412 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 915 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site