තරුණියන් බස් කොන්දොස්තරවරියන් ලෙසද බර වාහන රියදුරන් ලෙසද බදවා ගැනීමට අදහස් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය රෝහණ දිසානායක මහතා කියයි.
තරුණියන් බස් කොන්දොස්තරවරියන් ලෙසද බර වාහන රියදුරන් ලෙසද බදවා ගැනීමට අදහස් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය රෝහණ දිසානායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! දැන් අපිට මොනවා වෙයිද? (නි)
වාහන අනතුරු අඩුවෙයි කියල හිතනවා, අලුත් වෙනස නිසා. මේ රට වල කාන්තාවෝ බස්, ලොරි, ට්‍රෑම්, දුම්රිය, ගුවන් යානා පදවනවා. කිසිම වෙනසක් නැහැ. (නදී)
අනේ මේ නංගිලා, අක්කලා, ඇන්ටිලා ටිකට මගියන්ගෙන්, බස්, ලොරි හිමියන්ගෙන්, කොන්දොස්තරලාගෙන් සහ ලොකු ලොක්කන්ගෙන් එල්ල වෙන්න පුළුවන් අයතා යෝජනා සහ බලපෑම් වලින් ගැලවෙන්න මොනවා හරි ආයුධ ලග තබා ගන්න අවසර දෙන්න. (නදී)
අපි ඉන්න රටේ කාන්තා උදවිය බස්, කන්ටේනර්, රෝද 18 ට්‍රේලර් ට්‍රක් රථ, දුම්රිය පවා පදවාගෙන යනවා (නි)
එකවර කාර්යයන් කීපයක් කිරීමේ හැකියාවක් තිබෙන්නේ කාන්තාවටයි.ඉවසීම, තැන්පත් ගතිය ඇති ඇය පිරිමින්ට වඩා දක්ෂයි. (නි)
ඒක හොදයි (නි)
ඉස්සර ලංගමයට කාන්තාවන් අරගෙන ඉගෙනගත් හොද පාඩම් තිබෙනවා. පුද්ගලික අංශයේ හෝ තනිවම වාහන වැඩ කරන දේවල් වලට නම් මේ අය හොදයි කියලයි මම නම් හිතන්නේ. නමුත් ඔවුන් එඩිතර අය විය යුතුයි (නි)
මෙහෙත් බොහෝ කාන්තා බස් රියදුරුවරියන් ඉන්නවා. වෙනසක් නැහැ. පිරිමින්ට පඩා කාන්තාවක් පදවන බස් එකක යනකොට අමුතුම ගතියකුත් තිබෙනවා.අනික ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මෙය හොඳ අත්දැකීමක්. (නි)
දයා අළහකෝන් මහත්තයා,50 දශකයේ පමණක් නෙමෙයි, 80 දශකයේත් කාන්තා කොන්දොස්තරවරියන් හිටියා. අපේ පාසල් බස් රථයේත් හිටියේ කාන්තා කොන්දොස්තරවරියක්. හරි විනෝදයි. අපි විහිළු තහළු කර කර එනවා. ඒ අතීතය හරි සුන්දරයි. රියදුරු පුහුණුව නම් හොදට දෙන්න වෙයි. දැන් පිරිමි පදවලත් හැමතැනම අනතුරු වෙනවා.කොහොම වුණත් හොද තීරණයක්. ජය වේවා! (නි)
සියුමැලි දෑත කියනා වචනයට හැර අන් සියලු දේට මම එකගයි (නි)
හොඳ පුහුණුවක් දීලා පරීක්ෂණයකින් පසුව වාහන බාරදෙන්න.මොකද ගොඩක් කාන්තා රියදුරන් මංසන්දිය මැද හිඳගෙන තමා යන්න ඕනෑ පැත්ත කල්පනා කරන්නේ (නි)
මෙය නියමු ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කර ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු ධනාත්මක ප්‍රගතියක් ලබා ඇත්නම් ඉන්පසු දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීම කාලෝචිත වනු ඇත. (නි)
ලංගමයට රියදුරු පුරප්පාඩු තිබේද? නැත්නම් ලංගමය තවත් බස් රථ ආනයනය කර මේ සියුමැලි දෑත්වලට දී පුද්ගලික බස් හිමියන්ට තරගයක් ලබා දෙනවාද? යුරෝපයේ බස් සේවයට රජයේ සහ පුද්ගලික වෙනසක් නොතිබුණත් අප රටට මේ දේ වැදගත් වේවි. (නි)
බලමු කට්ටිය මේකට දාන ප්‍රතිචාර ටික.(නදී)
කොහොමත් බිස්නස් වැඩි වෙයි.ගොඩක් අය බස් පාවිච්චි කරයි මගේ හිතේ. (නි)
ඒත් මහත්තයෝ දැන් ඉන්න කාන්තාවෝ සියුමැලි නම් නැහැ. ඒ ගොල්ලෝ පිස්තෝල, මන්නා, බුරු කුට්ටම් අතට අරගෙන අපිට වැඩිය වැඩ කිඩ පෙන්නලා මහ උළු ගෙදරට පාරත් කපාගන්න කට්ටිය. කොහොම වුණත් මේ කට්ටියට ලෝකේ ඕනෑ රස්සාවක් කරන්න පුළුවන්. වැඩේ හොඳයි. අපි එකඟයි. (නි)
කොහොමත් ගොඩක් තැන් වල බරම කොටස කරන්නේ කාන්තාවෝ (ස)
අද රටේ ඇතිවෙලා තිබෙන තත්වය අනුව කාන්තාවන් බර වාහන පමණක් නොවෙයි, බර කරත්තත් අදින ගානට ඇවිල්ලයි තියෙන්නේ. (ස)
හොඳ වැඩපිළිවලක්. ඇමරිකාවේ බස් රථ වල රියදුරන් ගෙන් 50% පමණ ගැහැනුන්. අනෙකුත් රැකියාවලත් මේ තත්වය. මොනවා කරලා හරි මැද පෙරදිග වහල් සේවයට අප කාන්තාවන් ඇදීයාම නවත්වන්නේ නැතිනම් රටට විශාල විපතක්. මේ විනාශය දැනටත් වෙලා තරමක් දුරට .අම්මා නොමැති නිසා පවුල් වලට වී තියන හානිය සමාජයේ හැම තැනකම සිදුවන ඛේදජනක සිදුවීම් වලින් මනාව පෙන්නුම් කරනවා .(නදී)
ඔව් ඉක්මනටම අපේ පළාතටත් දාන්න. මමත් බස් එකේ යන්න ගොඩක් ආසයි. (ස)
ඔය කරන්න යන දේ නම් ඉතාම හොඳ දෙයක්. (ස)
රැකියා ප්‍රශ්නය විසඳිමක් වශයෙන් කාලෝචිත වැඩක්.ස්ත්‍රියටත් සමාජයේ තැනක් තිබිය යුතුයි.මගේ මතකයේ හැටියට 50 දසකයේදී ලංකාවේ ලංකාවේ කොම්පැනි බස් සමාගම් කීපයක්ම ස්ත්‍රීන් කොන්දොස්තර සේවයේ සාර්තක ලෙස යොදවලා තිබුණා. (ස)
අද දැක්කනේ දඹුල්ලේ වෙලා තියෙන ලොරි, ටිපර් අනතුර. බස් කොන්දොස්තර තනතුර නම් කාන්තාවකට සුදුසුයි.ඒත් බර වාහන රියදුරු නම් කොහොමවත්ම සුදුසුයි කියල මම හිතන්නේ නැහැ. (ස)
කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඉස්සර බස් කොන්දොස්තරවරියන් හිටියනේ ලංගමේ.(නදී)
හොඳ අදහසක්. පාසල් සේවා වාහන වලත් රියදුරු තනතුරු වලට කාන්තා සහභාගිත්වය ඇති කරවනවා නම් හොඳයි. අපේ රටෙත් ගැහැණු පිරිමි දෙගොල්ලටම වෙනසක් නැතිව, රැකියාවල උස් පහත් බේදයක් නැතිව ඕනම රැකියාවක් කරන්න පුලුවන් ආකල්පමය වෙනසක් සහ වටපිටාවක් ඇති වෙනව නම් හොඳයි. (ස)
මැද පෙරදිග එවනවට වඩා හොඳ දෙයක්. අපේ රට තුල කාන්තාවන් රැකියාවක් කරනවා නම්. (ස)