රන් ආනයනය වෙනුවෙන් සියයට 5ක රේගු බද්දක් හා සියයට පහක අධි භාරයක් පැනවීමට රජය තීරණය කළ බව රොයිටර් පුවත් සේවය කියයි.
ඉන්දියාවේ මෙවැනි බද්ධක් ඇති හෙයින් ඉන් සිදුවිය හැකි අවාසි මග හරවා ගැනීමට මේ පියවර ගත් බව ද රජය කියයි.
මෑතදී ශ්‍රී ලංකාවෙන් හොරෙන් රත්තරන් ගෙන යෑමට ගත් අවස්ථා රැසක්ම රේගුවට අසුවිය.
ශ්‍රී ලංකාවේ රත්තරම් අවුන්සයක අද මිල රුපියල් 167,895.30කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ අර අහවල් දිහාවේ රත්තරන්? (නි)
වැඩිපුර අලෙවි වන හැමෙද්ටම ආණ්ඩුව බදු වැඩි කරනවා.(අ)
නන්දන.අහසින් විදුලි කෙටුවට වැඩක් නැහැ.මෙයාල යන යන තැන විදුලි සන්නාහකයක් අරගෙන හරියට දාතු කරඩුව වදිනකොට කුඩයක් ඉහලගෙන යනවා වගේ එක්කෙනෙක් යනවා.(අ)
රවිනාත්,ඔබේ අදහස රත්තරන් වලටත් වඩා වටිනවා.වෙන අටුවා ටීකා අවශ්‍ය නැහැ.සත්‍යම කතාව ඒකයි.
අහසින් විදුලිය කොටන්න ඕන මේවා කරන අයට.ග්‍රීසියේ කරපු වැඩක් නිසා රන් මිල පහල වැටුන.එක උපයෝගී කොටගෙන ඉතා කාරියක්ෂමව මෙහෙ බද්දක් ගැහුවා.වෙන දෙයක් ඔය තරම් කාරියක්ෂමව කරයිද.(අ)
අසාදාරණයෙන් රත්තරන් ගොඩ ගහ ගත්තු අය නම් ගොඩම තමයි. (ස)
රත්තරන් ගණන් මොකද දන්නවද ? පස්සේ දවසක හමු වුනාම කියන්නම්, නැත්නම් කස්ටම් එක දැන ගනීවි. (නි)
තිලක්,විකිනෙන තරම අනුව අප්‍රිකාවෙන් රුසියාවෙන් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නලා ඉන්දියාවට දීලා ලාබ ගනිමු.කොහෙන්වත් රත්තරන් ගෙනෙන්න ඕනෑ නැහැ.නිදන් වලින් ගොඩ ගත්තු රත්තරන් ටොන් ගානයි , කොටින්ගෙන් අල්ල ගත්තු රත්තරන් ටොන් ගානයි විකුණුවත් හොදටම සෑහෙනවා. (නි)
පසුගිය දවස්වල සයිප්‍රස් වල තිබුන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න එයාලගේ රන් සංචිත විකුණා දැම්මා. එහි ප්‍රතිපලය වුනේ ලෝක වෙළඳ පොලේ රන් මිල අඩුවීම. එය අපේ රටේ රන් මිලටත් ලොකු බලපෑමක් කළා.ඒ නිසි ලංකාවේ රන් පවුමක මිල අඩුවුණේ. මෙයින් බලවත්ම පහර වැදුනේ උගස් වෙළඳාමට. ලංකාවේ බැංකු ලබන ලාබයෙන් ලොකු ප්‍රතිශතයක් රන් උගස් ගැනීමෙන් සොයා ගන්නවා. ලංකාවේ බැංකු වලට තිබුන ආරක්ෂිතම ණයට දීමේ ක්‍රමය තමයි රන් ඇපයට තබාගෙන මහා බැංකුවෙන් අනුමත කළ පොලියට වඩා වැඩි පොලියකට මුදල් ණයට දීම.වෙළඳපොලේ රන් මිල අඩුවීමත් සමඟ ගනුදෙනුකරුවන් බැංකුවලට උගස් තැබූ රන් බාන්ඩ බේරා නොගන්නා ප්‍රවනතාවයක් ඇතිවී තිබෙනවා. මම නම් හිතන්නේ ඉන්දියාවට රන් ගෙනයාමට වඩා මෙහි බැංකු බේරා ගැනීමේ අරමුණ සැඟවී ඇති බවයි. කොහොමත් ආර්ථිකය මෙහෙයවන පුද්ගලයෝ බලන්නේ ලොකු දේවල් බේරා ගන්න නේද? (නි)
ඔය බදු ගහලා රන් මිල වැඩි වුනොත් ඒකෙන් වැඩ නැති වෙන්නේ දුප්පත් රන්කරුවන්ට තමයි (නි)
ටියුනීසියාවේ ජනාදිපති රට හැර යනකොට ඇයගේ බිරිද රත්තරන් ටොන් ගානක් අරගෙනයි රටින් පැන්නේ. අපේ අයට වෙන්නෙත් ඒ දේම තමයි.(නදී)
ගුල්ෆ් වල වැඩකරන අසරණ මිනිසුන්ගෙන් අවරුදු 2 කකට රුපියල් 3200 ක් රක්ෂනයක් කියලා විදේශ සේවා එකෙන් ගසා කනවා. අපි ගිය සතියේ ඩුබායි ආවේ රක්ෂනය රුපියල් 11860 ක් ගෙවලයි. ගසා කනවා කියලා මෙහෙමත් ගසා කෑමක් නම් මිනීමරු ප්‍රභාකරන්වත් කෑවේ නැහැ. අසරණ මිනිසුන්ගේ විලාපය බලන්න ගුවන්තොටුපොළේ විදේශ සේවා එකේ කාර්‍යාලය ලගට යන්න. මිනිසුන්ට සල්ලි තියෙනවනම් අඹු දරුවන් දාල ගුල්ෆ් එන්නේ නැහැ. අසරණ මිනිසුන් ගෙවල් දොරවල් උගසට තියලා 20% පොලියට අරන් තමයි ගල්ෆ් එන්නේ. එහෙම අසරනයන්ගෙන් ගසා කනවා කියන්නේ තවත් මොනවද?.(නදී)
මිනීමරු ප්‍රභාකරන්ගෙන් අපි නිදහස් වුනාට අද වෙනකොට අපි වහල්ලු වෙලා ඉවරයි. ලංකාවේ ජීවත් වෙනවනම් අපි දඩ ගෙවමින් තමයි ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. සුබ අනාගතයක්.(නදී)
රත්තරන් අඩුවෙලා තියෙන්නේ බැංකු වල විතරයි. ඒ තියෙන ඒවා සින්න කරගන්න (නි)
එහෙනම් ආයෙමත් රත්තරන් මිල යාවි නේද?(ස)
ගණන් අඩුවුන කාලේ ගොඩගහගත්ත ඒවා දැන් වැඩිමිලට හෙට ඉදලා විකුණයි. ඒවාගෙනුත් බදු ගන්න. නැත්නම් වෙලෙන්දෝ නිකන්ම මිනිස්සුන්ව ගසාකනවා (නි)
මේ ණය වෙන තරමට කොච්චර බදු ගත්තත් මදි වෙයි ණය ගෙවන්න නම්. විමල් ඇමතිතුමනි, අපි ඔබ සමගයි. (නි)
ලාබයත් එක්කම බද්දකුත් ගන්න නේද මේ හදන්නේ? (නි)
අපට ලාභයකුත් තියාගෙන ඉන්දියාවට වඩා අඩුවෙන් ලංකාවේ රත්තරන් දියහැකි නම් ඕනෑ තරමක් අරන් යන්න කියලා ඉඩ දෙන්න තියෙන්නේ. එතකොට අපට අදායමක් එනවනේ. විකිනෙන තරම අනුව අප්‍රිකාවෙන් රුසියාවෙන් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නලා ඉන්දියාවට දීලා ලාබ ගනිමු. (නි)
ඊයේ පෙරේදා ලොකු නෝනලා කට්ටියක් රත්තරන් ගේමක් දීලා අහුවුනේ මේ බද්ද එනවා කියලා ආරංචි වෙලාද දන්නේ නැහැ නේද (නි)
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහන්න ගහන්න බදු... (නි)
ඇයි රත්තරන් ඔච්චර ගණන්. (නි)
පාන් ගෙඩිය උඩ ගිය තරමට රත්‍රන් මොන කජ්ජක්ද? (නි)
මොකද රත්තරනේ ඔච්චර ගණන් ....... (නි)
මේ මිල වැරදි නේද ,, මම දන්නා තරමින් රත්තරන් ග්‍රෑම් 8 පව්ම කියන්නේ, පව්ම rs , 44000 විතරනේ,,අව්න්සය කියන්නේ gr 20 . එතකොට අව්න්සයේ මිල 44000/8 *20 =110000/= මම හරිද දන්නේ නැහැ,,,(අ)
ඉන්දියාවේ අය කන දේවල් අපිත් කන්න ඕනෑද? (නි)
මේ පුවත දුටු ගමන් රන් මිල නගීවි. (ස)
මගේ රත්තරන් කියන අයට ගණන් උස්සන්න වෙලාව. අඩු ගානේ 10%කින් වත්. (ස)