සිංහලේ නමින් ඇතිවී ඇති නව ප්‍රබෝදය දේශපාලනී කරණය වීමට ඉඩ නොතබන බව සිංහලේ ජාතික සමුළුවේ සභාපති යක්කලමුල්ලේ පවර හිමියෝ අද පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යන බුදු වදන පෙරදැරිකරගෙන සියලු සත්වයෝ සුවපත්වේවා යන වදන අනුව කටයුතු කරන බවත්, අනිත් ජාතීන්ට ඇඟිල්ල දිගුකරීමට පෙර තමන්ගේ අඩුපාඩු මහගරවාගත යුතු බවත් ඒ හිමියෝ කීහ.
කිසිම දේශපාලනඥයකු මෙම වැඩසටහනට සම්බන්ධ කර නොගන්නා බවද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිස කීහ.
දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ද රටේ සිටිය යුතු යැයි ඔවුහු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කතාව ඇත්ත (නි)
සහජීවනය ඕනෑ සිංහලයන්ට විතරක් නොවිය යුතුයි (නි)
දේශපාලනය නැත්තම් හොඳ වැඩක්. සිංහලයින් නැගී සිටිය යුතුයි. (හේ)
ඇවිත් ටික කලකින් අතුරුදහන් වෙන්නේ නැති සිංහලයන් ගැන කතාකරන සංවිධානයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.(ම)
දැන් මොකටද තවත් සංවිධානයක්? අපිට සාමයෙන් ඉන්න මොකුත් අවශ්‍ය නැහැ ඔබවහන්සේලා බුදුන් දේශනා කළ දේ පමණක් කළත් ඇති සාමයෙන් මේ රටේ ඉන්න ස්ටිකර් මාධ්‍ය සාකච්චා මොකුත් ඕනේ නැහැ (බ)
පෑගුන ජාතියක් විදියට නොසිට අපි දිරියෙන් නැඟීසිටිය යුතුයි (නි)
සිංහලයා බෞද්ධයා හිතන විදියට අනික් මිනිස්සුත් හිතනවා නම් අපිත් නිකන් හිටියට කමක් නැහැ. නමුත් වෙන්නේ අපි නිදාගන්න ගන්න අනිත් අය අපිට වළකපන්න හදන එකයි (නි)
ඔබ තුමන්ලගේ ප්‍රතිපත්ති අගය කරමු මෙතන කොමෙන්ට්ස් දාපු අයට ස්තුති ඔක්කොමලා සාමය අගය කරන අය. (ර)
දේශපාලනය නැතුව සිංහලයා වෙනුවෙන් ඵක්වෙමු.... (නි)
බොහොම අගය කරනවා මේ වදන. බොහොම කාලීන අවශ්‍යතාවයක්. අපි හැමෝම අපගේ ධර්මය හරිහැටි පිළිපදිනවා නම් අපි අනිත් ආගම් වලට ගරුකරාවි. උපහාස වදන් වලින් බැන නොවදීවී. අනෙකාට ආදරය කරාවී. සාමයෙන් ජීවත්වේවි. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දේශපාලනීකරනය නොවියයුතු සේම ප්‍රචන්ඩත්වයෙන් සහ වෛරයෙන් ද තොර වියයුතුයි. (ර)
සිංහල අපි ඔහොම හොඳ විදිහට හිතුවට අනෙක් අය එහෙම හිතයිද දන්නෙ නැහැ (නි)
හැම ජාතියකට එකට ඉන්න පුළුවන් විදියකට හදලා දෙනවනම් හොදයි. (ර)
සියලුමදෙනා සහජීවනයෙන් සිටිය යුතුයි. (ර)
එහෙනම් මොනවටද මේ වගේ දෙයක් පටන්ගත්තේ? දැන් තමා මිනිස්සු පොඩ්ඩක් නිදහසේ ඉන්නේ. ඒක ආයෙත් නැතිකරන්න විදිහක් සමහරු හොයනවා. ජාතිවාදයක් ඕනෑ නැහැ. මම දන්නා තරමින් ජාති දෙකයි මිනිස්සු අතරේ තිබෙන්න ඕනෑ. පිරිමි ජාතියයි ගැහැණු ජාතියයි. ඊට අමතරව මිනිස්සු ජාතියයි, මෘග ජාතියයි. අපි වාසනාවකට මේ රටේ ඉපදුනා. අපි අපේ රට රැකගන්න ඕනෑ. මම දෙමළ. ඒ වුණාට ශ්‍රී ලාංකිකයෙක්. මම මගේ රටට ආදරෙයි (නි)
ලක්වැසි සියලු දෙනාම සාමයෙන් සිටිය යුතුයි. (නි)
අර සේනාවත් මේවා දැකල දැන්වත් හැදෙන්න (බ)
මෙච්චර කාලෙකට රටේ තිබුනේ නැති ජාතිවාදයක් දේශපාලන අනාථයෝ විසින් නිර්මාණය කිරීම රටේ විනාශයයි. මෙයට සහය දෙන සෑම ආගමිකයෙකුම එය දැනගත යුතුයි. මේ මගේ රට කියලා මේ රටේ ඉපදුන ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්. (නි)
සිය දහස් වරක් ඇත්ත හාමුදුරුවනේ. (නි)
සුබ පැතුම්! විශිෂ්ටයි (නි)
දේශපාලනික නායකත්වය නිවැරදිවීම අනිවාර්ය වේ (නි)
ජාතිවාදී නොවී බුද්ධිය මූලික කරගෙන ජාතිය වෙනුවෙන් පෙනීසිටිය යුතු කාලයක් මේක. හොඳ ආරම්භයක් බව පේනවා. දේශපාලනයෙන් තොරව පෙරමුණ ගන්න (නි)
ඇත්තෙන්ම විශිෂ්ටයි! (නි)
බොහොම වටිනා කියමනක්! (නි)
කවුරුත් එකටනේ ජීවත්වෙන්නේ. නමුත් සියළු දෙනාට සිංහල ලිියන්න කියවන්න පුරුදුකළා නම් මේ ප්‍රශ්න බොහෝදුරට අඩුවේවි (නි)
අතිශය අගය කරමි ඔබවහන්සේගේ කියමන. (නි)
නියමයි. අපි සම්පුර්ණ සහයෝගය දෙනවා (නි)
මොන දේ වුණත් අපේ රටේ සියලු ජාතින් එකට ජීවත්විය යුතුයි (නි)
බොහොම හොඳයි (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේලා පෙරමුණ ගන්න. අපේ සහයත් අපි දෙනවා (නි)
කාලීන අවශ්‍යතාවයක් මතුවීම සතුටට කරුණකි. අන්‍ය ආගමිකයන්ද මෙය ආදර්ශයට ගතයුතුය. (නි)