IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතට

ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
 
රටේ පවතින මෙම මනාප දේශපාලන ක‍්‍රමය තුළ දේශපාලනඥයින් රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග‍්‍රහණයන් වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන ජයග‍්‍රහණයන් රට වෙනුවෙන් ලබාදීමට නොහැකි වී ඇති බවත් ජනපතිවරයා පවසයි.

ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහාය පළ කරන ඇතැම් පාර්ශ්ව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය යටතේ  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවීම පක්ෂ භේදයකින් තොරව රටේ සෑම ජනතාවකටම හිමිකරදුන් ජයග‍්‍රහණයක් ලෙස තමන් සලකන බවද ජනපතිවරයා පවසයි.

රට තුළ පවතින සියලූ මැතිවරණ එක් මැතිවරණ ක‍්‍රමයක් මත පැවැත්විය යුතු බවත් ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම සඳහා කටයුතු කරන බවත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද මනාප ඡන්ද ක‍්‍රමය වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2015 පැවැති ජනාධිපතිවරණයේදී තමා විසින් ජනතාව වෙනුවෙන් ලබාදුන් ප‍්‍රධාන පොරොන්දුවක් වන මෙම මනාප ඡන්ද ක‍්‍රමය වෙනස්කර ඒ වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය ශ‍්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ඇති කිරීම තුළින් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තමන් ඉදිරියේදී සියලූ කටයුතු සිදුකරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

ජනපතිවරයා සහ උතුරු මැද පළාත් සභා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර පැවති හමුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ දැනට පළාත් සභා තුළ පවතින ගැටලූ පිළිබඳ මෙහිදි සාකච්ඡාවට ගෙන තිබේ.

 



අදහස් (7)

සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතට

තිළිණ Sunday, 17 September 2017 10:11 AM

ප්‍රජාතන්ත්‍රවාදේ ගැන මහ ලොකුවට පාරම් බෑවට ඡන්දය දවසින් දවස කල් දාන්න මොනවා හරි හේතුවක් හොයා ගන්නවා.. බය නැත්තම් ඡන්දය තියන්න මහත්තයෝ..

:       300       1413

Don Sunday, 17 September 2017 10:37 AM

ඔය ක්‍රමය තමයි මේ රටට අවශ්‍ය .. අඩුම තරමේ මැතිවරණ වියදමවත් අඩු වෙයි. දැන් ක්‍රමය යටතේ අපේක්ෂකයෙකුට විශාල වියදමක් යනවා ඡන්දෙ කරන්න. ඔවුන් දින්නම කටයුතු කරන්නේ ඒ ගිය වියදම වගේ කීපගුණයක් වැඩියෙන් හොයාගන්නයි. ඉතින් දූෂණය, වංචාව, අල්ලස්, මිනීමැරුම් බොහොම වෙනවා. මේ ක්‍රමය නිසා අපේක්ෂකයෙකුට බලන්න වෙන්නේ තමන්ගේ කොට්ඨාශයේ ජනතාව ගැන විතරයි. එතැනදී ජනතාවගේ පැත්තෙන් අපේක්ෂා කරන අරමුණු අපේක්ෂකයාට කරන්න වෙනවා සහ එය කලහැකියි. එසේ නොකළොත් ඊළඟ ඡන්දේදි ඔහු ඉවරයි..

:       2       110

ranavi Sunday, 17 September 2017 11:53 AM

මනාප ක්‍රමය රටින් තුරන් කල යුතුමයි. ඒ ක්‍රමය හන්දා සත පහක වැඩක් නැති අය ඡන්දේ දිනලා කරන්නෙම චන්ඩිකමයි හොරකමයි. කී දෙනෙක් අද රටේ විශ්‍රාම වැටුපට හිමිකම් කියනවද රටට කිසිම දෙයක් නොකර....

:       0       305

kalpa Sunday, 17 September 2017 12:41 PM

කොට්ටාස ක්‍රමය සමගම එක් එක් කොට්ඨාසයට අපේක්ෂකයන් පත්කිරීමේදී අපේක්ෂකයන් එම කොට්ටාසයේ අයගෙන්ම තොරනවා නම් ඉතාම හොඳයි. හම්බන්තොට අයෙක් කුරුණෑගලට වගේ තේරුවම කොට්ඨාසේ ජනතාවට අසාධාරණයක් වෙනවා.

:       809       96

ranaviSunday, 17 September 2017 01:06 PM

කල්ප, හම්බන්තොටින් ඡන්දෙ දිනාගන්න බැරි බව දන්න නිසා කුරුණෑගලට පනිනවා. අයියෝ ජනපතිලා මන්ත්‍රී වෙනවා. අනිවාර්යෙන්ම ඔබ කිව්වා වගේ ඒ පළාතෙම කෙනෙක් ඒ පළාතේම ඡන්ද දායකයන්ට මුහුණ දිය යුතුයි..

:       653       4

SLSunday, 17 September 2017 06:32 PM

කල්ප , රවිනි , ජනතාවට ඊට වඩා අසාධාරණයක් වෙන්නේ නැත්ද බොරු හේතු කියා කියා චන්දෙ කල්දම්මාම?

:       0       3

Susil Monday, 18 September 2017 04:39 AM

අනේ ජේවීපී එකට එක මන්ත්‍රී කෙනෙක්වත් ලැබෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 121 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 102 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 215 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 108 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 217 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site