IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සරණාගතයන් මූද මැදදි ලංකාවට භාර දෙයි

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු ආපසු ශ්‍රී ලංකාවට භාර දුන් බව ඕස්ට්‍රේලියා සංක්‍රමණික ඇමැති ස්කොට් මොරිසන් කියයි.

ඕස්ට්‍රේලියාවේ රැකවරණ පැතූ මේ පිරිසෙන් 37 දෙනෙකු සිංහලයන් බනත්, ඉතිරි අය දෙමළ ජාතිකයන් බවත් ඔහු කියයි.

150 දෙනකු සමඟ ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත දෙසට යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක් ගැන මොරිසන් කිසිත් පැවසුවේ නැත.

 



අදහස් (0)

සරණාගතයන් මූද මැදදි ලංකාවට භාර දෙයි

සම්පත් Monday, 07 July 2014 02:39 PM

කොච්චර දැනුවත් කලත් යන මෝඩයා යනවා. නැත්නම් විද්‍යුත් මාධ්‍ය වලින් කොච්චර කියනව ද? (නදී)

:       0       0

ජයන්ත Monday, 07 July 2014 03:13 PM

සම්පත් කියන විදිහට දෙමළ මිනිස්සු විතරද බොරු කියල එන්නේ. කොච්චර සිංහල අය ඕස්ට්‍රේලියාවට බොරු කියලා ඇවිල්ලා තියනවාද. මේ බෝට්ටුවේ 37 සිංහල. නිකන් බන කියලා ජාතී වාදියෙක් වගේ හැසිරෙන්න එපා. (නදී)

:       0       0

කමල් Monday, 07 July 2014 03:29 PM

සිංහල ජනතාව අතින් දෙමළ ජනයා වද හිංසාවයට ලක්වෙනවා නම් 37 ක් වූ සිංහල පුද්ගලයන් අතර 4 දෙනෙක් වූ දෙමල පුද්ගලයින් ගමන් විශ්වාසයෙන් ගමන් කලේ ඇයි? මෙන්න මානව හිමිකම් සංවිධාන වල බොරු වලට පිළිතුරක්. (නදී)

:       0       0

මාලන් Monday, 07 July 2014 07:39 PM

ජීවිතයත් පරදුවට තබා බෝට්ටුවකින් හරි ගොස් ඔස්ට්‍රේලියාව වගේ රටකට පැනගන්න යන්නේ ආසාවට නෙමෙයිනේ. ලංකාවේ තියන ආර්ථික ප්‍රශ්න නිසානේ. මෙතන අදහස් දමන සමහර අය ඒ ගැන හු තියන්න ඕන නැහැ. ජාත්‍යන්තර නීති අනුව ඔස්ට්‍රේලියාවත් බැඳී සිටිනවා සරණාගතයින්ට උපකාර කිරීමට. (නදී)

:       0       0

චමින්ද Monday, 07 July 2014 04:24 PM

ජානක පෙරේරා මහත්මයා මහා කොමසාරිස් වෙලා ඉන්න කාලේ, එතුමා යුධහමුදා නැටුම් කණ්ඩායම, සංදර්ශනයක් සදහා ඔස්ට්‍රේලියාවට ගෙන්නුවා. රට වටේම තියලා අන්තිම සංදර්ශනය මෙල්බන් වල තිබුනේ. දැන් කට්ටිය ලංකාවට යන්න, එයාපෝට් එකට යන්න බස් එකට නගිනවා. දෙන්නෙක් නැග්ගේ නැහැ. ආත බුත කඩාගෙන පැනලා දිව්වා. ගුවන් යානයට වෙලාව හරි බස් එක ගියා. ඊට පස්සේ මේ ඩබල නඩුවක් දැම්මා ලංකාවට යන්න බැහැ ගියොත් ආමි එකෙන් ගහල මරනවා. ජානක පෙරේරා මිනීමරුවා කියලා උසාවියේදී කිව්වා. දෙන්නටම ස්ථිර පදිංචි වීසා එක හම්බවුනා. දැන් ගෙවල් දොරවල් අරගෙන ළමා ලපටිත් එක්ක මෙහෙ ජීවත් වෙනවා. ඉදලා හිටලා ලංකාවටත් දැන් ගිහිල්ලා එනවා. මේ දෙන්නම මාත් එක්ක අවුරුදු පහක් විතර එකට වැඩ කළා. මේ දෙන්නා මට කියපු සම්පුර්ණ ඇත්ත කතාව තමයි මේ. ඉතින් මම කියන්න හැදුවේ දෙමල අය විතරක් නෙවෙයි අපේ සිංහල අයත් පුළුවන් තරම් බේගල් ඇදබාලා, අපේ රණවිරුවන්ව පාවලා දීලා තමයි මෙහෙ ස්ථිර පදිංචිය වීසා එක හදා ගන්නේ. මම දශක දෙකහමාරක් පමණ කාලයක් මෙහි ජීවත් වෙන කෙනෙක්. ඔවැනි පුද්ගලයින් සැහෙන පිරිසක් මට මුණ ගැහිලා තියෙනවා. (නදී)

:       0       0

ගිහාන් Monday, 07 July 2014 04:27 PM

මම ඉන්න නගරයේ ඉන්න තරමක් ඉන්නේ, ලංකාවේ මුහුදුබඩ පළාත් වලින් පැමිණි සිංහල සරණාගතයන්. නීතියට අනුව වීසා අරන් ගිය අපිට වඩා හොඳින් කාලා බීලා ඉන්නවා. (නි)

:       0       0

ජයන්ත Monday, 07 July 2014 05:13 PM

මේවට තමයි කියන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා. (නි)

:       0       0

කුමාරි Tuesday, 08 July 2014 01:26 AM

දෙමළ වේවා සිංහල වේවා මේ අය වෙන වෙනම උසාවියට ඉදිරිපත් කර ඔවුන්ට මේ රටෙන් සිදුවුණු හිරිහැර ඇතොත් ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්න ඉඩදෙන්න ඕනෑ. ඉන්පසුව ඔවුන්ගේ නියම තොරතුරු සහ ඔවුන් කළ බොරුව ලොවටම හෙළි කළයුතුයි. (නි)

:       0       0

ටිරෝන් Tuesday, 08 July 2014 03:54 AM

බොරුවට අතේ තිබෙන ලක්ෂ ගණන් සල්ලි දීලා, තමන්ගේ ජීවිතෙත් අවදානමකට පත්කරලා ලංකාවේ නමත් කැතකරලා කොහෙද මේ යන්න හදන්නේ? සල්ලි හොයන්න ඕනෑම නම් ඩුබායි/කටාර් ගිහිල්ලා රස්සාවක් කරන්න. (නි)

:       0       0

ටිරෝන් Tuesday, 08 July 2014 04:02 AM

ලංකාවේ ධීවර අමාත්‍යංශයේ නීති පනවන්න ඕනෑ හැම බෝට්ටුවකම බලපත්‍රයක්, ට්‍රාන්ස්මීටර් හෝ ට්‍රැකර් එකක් සවිකරන්න. එතකොට ඔය දේශසීමා උල්ලංඝනය කරන අය බලාගන්නත්,අත්අඩංගුවට ගන්නත් පුළුවන්.මේකෙන් අහිංසක ධීවරයින් හිරබත් කන එකත් හොරෙන් මිනිසුන් ගෙනියන එකත් නතර කරන්න පුළුවන්. (නි)

:       0       0

සම්පත්-මෙල්බර්න් Monday, 07 July 2014 02:09 PM

ඔය බෝට්ටු කාරයෝ මෙහාට එන්නේ ලංකාව මිනීමරුවන්ගේ දේශයක් බව මවා පාලා ලංකාව පාවා දීලා. මම කතා කරන්නේ මෙහාට එන දෙමල අය ගැන. ඊට පස්සේ සැලූන් එකක් හරි දෙමල කෑම කඩයක් හරි දාගෙන එන සල්ලි වලින් ඩොලර් එකක් හරි දෙනවා ලංකාවෙන් ඊලම දිනාගන්න සම්මාදමක් විදියට. (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 08 July 2014 12:47 PM

ඇයි මොකක්ද තමන්ගේ රට දාලා යන්න තිබෙන හේතුව? (නි)

:       0       0

සෑම් පෙරේරා Monday, 07 July 2014 02:18 PM

මාධ්‍යයෙන් මේ ඕස්ට්‍රේලියා යන නිවරදි ක්‍රමය ගැන දැනුම්වත් කරලා හොර පාරෙන් ගියාම වෙන දේ ගැන දැනුම්වත් කළා නම් තව හොර පාරෙන් යන එක අඩුවෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 345 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 805 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 501 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 842 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1343 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 563 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37639 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site