අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු ආපසු ශ්‍රී ලංකාවට භාර දුන් බව ඕස්ට්‍රේලියා සංක්‍රමණික ඇමැති ස්කොට් මොරිසන් කියයි.
ඕස්ට්‍රේලියාවේ රැකවරණ පැතූ මේ පිරිසෙන් 37 දෙනෙකු සිංහලයන් බනත්, ඉතිරි අය දෙමළ ජාතිකයන් බවත් ඔහු කියයි.
150 දෙනකු සමඟ ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත දෙසට යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක් ගැන මොරිසන් කිසිත් පැවසුවේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බෝට්ටු කාරයෝ මෙහාට එන්නේ ලංකාව මිනීමරුවන්ගේ දේශයක් බව මවා පාලා ලංකාව පාවා දීලා. මම කතා කරන්නේ මෙහාට එන දෙමල අය ගැන. ඊට පස්සේ සැලූන් එකක් හරි දෙමල කෑම කඩයක් හරි දාගෙන එන සල්ලි වලින් ඩොලර් එකක් හරි දෙනවා ලංකාවෙන් ඊලම දිනාගන්න සම්මාදමක් විදියට. (නදී)
මාධ්‍යයෙන් මේ ඕස්ට්‍රේලියා යන නිවරදි ක්‍රමය ගැන දැනුම්වත් කරලා හොර පාරෙන් ගියාම වෙන දේ ගැන දැනුම්වත් කළා නම් තව හොර පාරෙන් යන එක අඩුවෙයි (නදී)
කොච්චර දැනුවත් කලත් යන මෝඩයා යනවා. නැත්නම් විද්‍යුත් මාධ්‍ය වලින් කොච්චර කියනව ද? (නදී)
සම්පත් කියන විදිහට දෙමළ මිනිස්සු විතරද බොරු කියල එන්නේ. කොච්චර සිංහල අය ඕස්ට්‍රේලියාවට බොරු කියලා ඇවිල්ලා තියනවාද. මේ බෝට්ටුවේ 37 සිංහල. නිකන් බන කියලා ජාතී වාදියෙක් වගේ හැසිරෙන්න එපා. (නදී)
සිංහල ජනතාව අතින් දෙමළ ජනයා වද හිංසාවයට ලක්වෙනවා නම් 37 ක් වූ සිංහල පුද්ගලයන් අතර 4 දෙනෙක් වූ දෙමල පුද්ගලයින් ගමන් විශ්වාසයෙන් ගමන් කලේ ඇයි? මෙන්න මානව හිමිකම් සංවිධාන වල බොරු වලට පිළිතුරක්. (නදී)
ජානක පෙරේරා මහත්මයා මහා කොමසාරිස් වෙලා ඉන්න කාලේ, එතුමා යුධහමුදා නැටුම් කණ්ඩායම, සංදර්ශනයක් සදහා ඔස්ට්‍රේලියාවට ගෙන්නුවා. රට වටේම තියලා අන්තිම සංදර්ශනය මෙල්බන් වල තිබුනේ. දැන් කට්ටිය ලංකාවට යන්න, එයාපෝට් එකට යන්න බස් එකට නගිනවා. දෙන්නෙක් නැග්ගේ නැහැ. ආත බුත කඩාගෙන පැනලා දිව්වා. ගුවන් යානයට වෙලාව හරි බස් එක ගියා. ඊට පස්සේ මේ ඩබල නඩුවක් දැම්මා ලංකාවට යන්න බැහැ ගියොත් ආමි එකෙන් ගහල මරනවා. ජානක පෙරේරා මිනීමරුවා කියලා උසාවියේදී කිව්වා. දෙන්නටම ස්ථිර පදිංචි වීසා එක හම්බවුනා. දැන් ගෙවල් දොරවල් අරගෙන ළමා ලපටිත් එක්ක මෙහෙ ජීවත් වෙනවා. ඉදලා හිටලා ලංකාවටත් දැන් ගිහිල්ලා එනවා. මේ දෙන්නම මාත් එක්ක අවුරුදු පහක් විතර එකට වැඩ කළා. මේ දෙන්නා මට කියපු සම්පුර්ණ ඇත්ත කතාව තමයි මේ. ඉතින් මම කියන්න හැදුවේ දෙමල අය විතරක් නෙවෙයි අපේ සිංහල අයත් පුළුවන් තරම් බේගල් ඇදබාලා, අපේ රණවිරුවන්ව පාවලා දීලා තමයි මෙහෙ ස්ථිර පදිංචිය වීසා එක හදා ගන්නේ. මම දශක දෙකහමාරක් පමණ කාලයක් මෙහි ජීවත් වෙන කෙනෙක්. ඔවැනි පුද්ගලයින් සැහෙන පිරිසක් මට මුණ ගැහිලා තියෙනවා. (නදී)
මම ඉන්න නගරයේ ඉන්න තරමක් ඉන්නේ, ලංකාවේ මුහුදුබඩ පළාත් වලින් පැමිණි සිංහල සරණාගතයන්. නීතියට අනුව වීසා අරන් ගිය අපිට වඩා හොඳින් කාලා බීලා ඉන්නවා. (නි)
මේවට තමයි කියන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා. (නි)
ජීවිතයත් පරදුවට තබා බෝට්ටුවකින් හරි ගොස් ඔස්ට්‍රේලියාව වගේ රටකට පැනගන්න යන්නේ ආසාවට නෙමෙයිනේ. ලංකාවේ තියන ආර්ථික ප්‍රශ්න නිසානේ. මෙතන අදහස් දමන සමහර අය ඒ ගැන හු තියන්න ඕන නැහැ. ජාත්‍යන්තර නීති අනුව ඔස්ට්‍රේලියාවත් බැඳී සිටිනවා සරණාගතයින්ට උපකාර කිරීමට. (නදී)
දෙමළ වේවා සිංහල වේවා මේ අය වෙන වෙනම උසාවියට ඉදිරිපත් කර ඔවුන්ට මේ රටෙන් සිදුවුණු හිරිහැර ඇතොත් ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්න ඉඩදෙන්න ඕනෑ. ඉන්පසුව ඔවුන්ගේ නියම තොරතුරු සහ ඔවුන් කළ බොරුව ලොවටම හෙළි කළයුතුයි. (නි)
බොරුවට අතේ තිබෙන ලක්ෂ ගණන් සල්ලි දීලා, තමන්ගේ ජීවිතෙත් අවදානමකට පත්කරලා ලංකාවේ නමත් කැතකරලා කොහෙද මේ යන්න හදන්නේ? සල්ලි හොයන්න ඕනෑම නම් ඩුබායි/කටාර් ගිහිල්ලා රස්සාවක් කරන්න. (නි)
ලංකාවේ ධීවර අමාත්‍යංශයේ නීති පනවන්න ඕනෑ හැම බෝට්ටුවකම බලපත්‍රයක්, ට්‍රාන්ස්මීටර් හෝ ට්‍රැකර් එකක් සවිකරන්න. එතකොට ඔය දේශසීමා උල්ලංඝනය කරන අය බලාගන්නත්,අත්අඩංගුවට ගන්නත් පුළුවන්.මේකෙන් අහිංසක ධීවරයින් හිරබත් කන එකත් හොරෙන් මිනිසුන් ගෙනියන එකත් නතර කරන්න පුළුවන්. (නි)
ඇයි මොකක්ද තමන්ගේ රට දාලා යන්න තිබෙන හේතුව? (නි)