වයස අවුරුදු අටේදී පියා මිය යාමත් මව අසනීප වීමත් නිසා අම්පාර උහන සරණ ළමා නිවාසයට අවුත් වසර පහළොවක් එහි හැදී වැඩුණු දැරියක වු නිරෝෂා කුමුදිනී ප්‍රනාන්දු (23)අද වැලිගම කොක්මාදුව නුවන් ප්‍රියංකර (25) සමඟ යුග දිවියට ඇතුළු වුවාය.
මංගල චාරිත්‍ර සියල්ල අනුගමනය කැරිණි.
උසස් පෙළ දක්වා උගෙන පෞද්ගලික ආයතනයක රැකියාවක්ද ලැබු ඇය තම මව සේ සළකනුයේ ප්‍රධාන පාළිකා නිල්මිණි ජයසිංහ මහත්මියයි.
ළමා නිවාසයේ පාළක මණ්ඩලයේ සභාපති දොස්තර ලංකා තිලක ජයසිංහ ලේකම් ආර් එම් රත්නායක,භාණ්ඩාගාරික ඩබ්ලිව් ටී ගලේවෙල,මනෝවිද්‍යා උපදේශක වී එම් පී ආරියරත්න මහත්වරුද මඟුල් ගෙදර පැමිණ සිටි අය අතර වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන අක්කා කෙනෙක් අයියත් පින් පාටයි , අපිටත් ලස්සන අක්කා කෙනෙක් හිටියා නම්. එතකොට මගේ නිවස හරි ලස්සනට තියෙයි .. කළුවර කැලයකට හඳ පායලා වගෙයි (දිල්)
දෑවැදි පතන මිනිසුන් අතර ඔබ උතුම් දරුවෙක්. මෙම දරුවා ඇහැක් මෙන් රැක ගන්න. ඔබ දෙපලට සුභ මංගලම්(නදී)
දෑවැදි පතන මිනිසුන් අතර ඔබ උතුම් දරුවෙක්. මෙම දරුවා ඇසක් මෙන් රැකගන්න. ඔබ දෙපළට සුභ මංගලම් (නි)
දෑවැදි පතන මිනිසුන් අතර ඔබ උතුම් දරුවෙක්. මෙම දරුවා ඇහැක් මෙන් රැක ගන්න. ඔබ දෙපලට සුභ මංගලම්! (නදී)
ළමා නිවාස වලින් වැඩි වශයෙන් අහන්න ලැබෙන්නේ සුභදායක පුවත් නොවේ. මේ වගේ වාසනාවන්ත ආරංචි ලැබෙන්නේ ඉඳහිටයි. මේ ළමා නිවාසය පාලනය කරන සියලු දෙනාට බොහොම පින්! තරුණ යුවලට සුබ අනාගතයකට උණුසුම් සුබ පැතුම්. (නි)
අසිරිමත් ඔබ දෙපලට මගෙනුත් උණුසුම් සුභ පැතුම් ! (නදී)
මේ වසරේ දුටු සිත් සනසන විවාහ උස්සවය.(නදී)
නංගියේ , දියණියේ , ,,,,, සුබ මංගලම් , ,,,,,, සතුට සම්පත මැද , සිරිලිය ඔබගේ ගෙට වැද , ආසිරි සලන ලෙද , පැතුම අපගෙන් ඔබටමයි අද (දිල්)
මේකට තමයි නියම පිරිමි කම කියන්නේ. (ත)
මුදල් පසුපස යන තරුණයන්ට හොද ආදර්ශයක්.ප් රීතිමත් යුග දිවියකට ආ සිරි.(නදී)
සුභ මංගලම්! (නි)
හරිම සිතට සතුට ගෙනදෙන හැගීම්බර අවස්ථාවක්.තණ්හාවෙන් ,මානයෙන් ,මුදලට හැමදේම පාවාදෙන සමාජයක මේ මහත්මයා උතුම් ස්වාමි පුරුෂයෙක්.ඒ වගේම ආදරණීය වාසනාවන්ත පියෙක් වේවා! ඔබේ පුංචි කුරුළු කැදැල්ල සැමදාමත් ලස්සන වේවායි අපි සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ඔබ දෙපලට සුභ පතමු! (නි)
ඉසුරුමත් සසිරිබර අනාගතයකට මගෙනුත් සුභ පැතුම්! (නි)
සුභම සුභ අනාගතයක් ඔබ දෙපළටම (නි)
පිට ගිනි ගෙතුළටත් , ගෙයි ගිනි පිටටත් නොදී සතුටින් ඉන්න නංගියේ. අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
සඳුන් ගසක පැටලී ඇති සමන් මලේ... නදුන් උයනෙ විඳ සැප ලෙස බඹර කුලේ... පුතුන් දූන් ලැබ පින්වත් රටට හෙළේ... පහන් සිතින් ඉනු ජීවිත නෙලුම් විලේ. (නි)
අපි බුද්ධිමත් සමාජයක් හැටියට ඇත්ත ඇති සැටියෙන්ම පිළිගෙන අඩුවක් නොවෙන විදියට ඔවුන්ව හොඳින් රැක බලාගෙන යහපත පුද්ගලයින් හැටියට සමාජයට එකතු කිරීමට උදවු උපකාර කරන එකයි කළ යුත්තේ. මනාල යුවලට සුභ මංගලම්. (නි)
සුන්දර දසුනකිය ඇස ඉදිරියෙ ඇත්තේ... පින්බර මුහුණ එළියක් දෙන හැම පැත්තේ... ළංකර ගන්න පින ලැබූ පුතු දැන යුත්තේ... ගින්දර ගෙදර මිස නොතබනු එළිපත්තේ... (නි)
හොඳම පරිත්‍යාගශීලී රටවල් අතරින් දසවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන බව පුවත්පතක අද සඳහන් වී තිබුණි. ලෝකයේ රටවල් 135ක් අතරින් දසවැනි ස්ථානයට පැමිණීම අතිශයින්ම සතුට උපදවන්නකි. දෛනික ජීවිතයෙ බාධක නැතිවේවා... ජීවන ගමන නිසි අයුරින් සැකසේවා... ආදර්ශවත් ජීවිත දෙව් රැකදේවා.. . ඔබ යුග දිවිය යස ඉසුරින් වැඡඹේවා... (නි)
සුබ මංගලම් ඔබ දේපලට....!!!ඇසට කදුලක් වගේම,ඇසට සොදුරු දර්ශනයක්.මුදල් පසු පසම,වගේම පරම්පරා විස්තර හොයන අදකාලේ අයට හොද ආදර්ශයක් මේ යුවල.සියලු බාදා ජය ගෙන පවුල් ජීවිතය සරුව සාර්ථක වේවා..!!! (අ)
ඔබ දෙපලට සුභම සුභ මංගලම්! (නදී)
සුභ මංගලම්! කුමාර ඔය හරි.(නදී)
සුභ අනාගතයක් වගේම වාසනාවන්ත ජිවිතයක් . හැමෝටම බැහැ මේ වගේ කැප කිරීමක් කරන්න.(නදී)
සංසාර පතා යන ගමන .සුබ අනාගතයක් ' (අ)
උතුම් හදවතක් ඇති තරුණයෙක් ඔබ දෙපළට සුභ මංගලම් (දිල්)
ඔබ දෙපලට ජයෙන් ජයම අත්වේවා.සුබ මංගලම්(දිල්)
කුමාරගේ අදහස ට මාත් එකග වෙනවා (අ)
අසිරිමත් අනාගතයකට ඔබ දෙපලට මගෙනුත් උණුසුම් සුභ පැතුම් (නි)
මල්ලි, ඔබ දෙවියෙක් වගේ මිනිසෙක්. ඔබ බිරිදටත් .දෙවියෙක් වෙන්න. එවිට බිරිද ඔබට දේවතාවියක් වේවි. බුදුසරනයි.(නදී)
අපේ රටට විහාර මහා දේවි කෙනෙක්, දුටුගැමුණු කුමරුවෙක් බිහි කරන්න දුවේ ........ (ස)
හද පිරි සුභ පැතුම්...! සමගින්, ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක්. (ස)
ඔබ දෙපළට සියලු යස ඉසුරු පිරි සුබ අනාගතයක් වේවා! (නදී)
සුබ මංගලම් වේවා! මේ ළමා නිවාසයේ පාලක සැමට බොහෝ පින්.(නදී)
මේ තරුණයා උතුම් ගති ඇති කෙනෙක්. සුභම සුභ අනාගතයක්.(නදී)
මගේ දෑසට කඳුලුත් ආවා. (ස)
අවංක හදවතක්.(නදී)
ඇය ලස්සනයි (නි)
හොදට විනෝදයෙන් ඉන්න දුවේ. (නි)
ඔබ දෙපලට සුභ අනාගතයක් වේවායි පතමි. (නි)
ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! (නි)
දෑවැදි පමණක් පතන තරුණයන්ට හොද ආදර්ශයක් (නි)
ලංකාදීප, මෙන්න නියම ප්‍රවෘත්ති (නි)
හොද කොල්ලෙක්. සුභ මංගලම්! (නි)
ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයකට මගෙන් සුභ පැතුම්! (නි)
අහිංසක ළමයෙක්. ඇයව හොදින් බලාගන්න (නි)
ඔබ දෙපළට සුභ මංගලම්! (නි)
කුමාරගේ අදහසට මමත් එකගයි (නි)
සිරි සුභ මංගලම්! (නි)
සතුට වචනයෙන් විස්තර කළ නොහැක,ඔබ දෙපලට සුභ මංගලම්! (නි)
ඔබ දෙපළට සුභ පතනවා! (නි)
ගෙවූ දුක් ගග වියලිලා ගොස් යුගදිවිය සතුටින් පිරේවා! රට බබළවන, ලොවට වැඩ ඇති දුදරු රෑනක් ලැබේවා! සතුට සාමය නිරෝගී බව ඔබ සැමට අත්වැලක් වේවා! උදාවන හැම දිනම නුඹලට වාසනා දිනක්ම වේවා! (නි)
සුභ අනාගතයක්! (නි)
සුබ අනාගතයක්. (නි)
සුබ මංගලම් ඔබ දෙපළට! මේ තරුණයා උතුම් ගති ඇති කෙනෙක්. (නි)
මමත් විවාහ වුණේ මේ මාසයේ (නි)
පතාගෙන ඇවිත් එක්වී ඇතිය සිතේ... ඉතා වටින මැණිකක් දැන් ඔබට ඇතේ... සිතා කොහෙන් එය මැවුනිද ඉසුරු කෙතේ.... පතා නිවන් මවුවරුනට වඳිනු පුතේ... (නි)
අද වගේම සැමදාම එකටම ඉන්න ඔබ දෙපලට සුභ මංගලම් ! (නි)
ජය මංගලම්..සුබ මංගලම් ....යුග ජිවිතේ වසනා.. ඔබ අපිට අාඩම්බරයක්,ගමට වාසනාවක්,රටට ආදර්ශයක්. දිව රෑ නොබලා තරාතිරම නොබලා සැමට උදව් උපකාර කරන ඔබට සුභ මංගලම්! (නි)
නැගණිය, ඔබට සුබ අනාගතයක්. (නි)
අහන්නත් ආශා හිතෙන දෙයක්. පුතා, ඔබ හොඳ කෙනෙක්. මෙම දියණිය හොඳින් රැකගන්න. සුබ අනාගතයක් වේවා ඔබ දෙපලට. (නි)
තුන් සරණේ සරණයි... හැදු වැඩු දෙමාපියන් සරණයි.... යුවතිපති හට සතරවරම් දෙවි,සරණයි රැකවරණයි.. (නි)
ඇස්වහක් කටවහක් නොවන්න, සිරියාවන්ත මනමාලියක්. ගෙදරකට මිණි පහනක් වගේම තමා. (නි)
ඔබ අපිට ආඩම්බරයක්.ඔබ දෙපලට සුභ මංගලම්! (නි)
මෙම නිවාසයෙන් ඉටුවන සේවාව ඉතාම හොඳයි.නමුත් මෙවැනි මධ්‍යස්ථාන වලට නම් යෙදීමේදී ප්‍රවේශම් විය යුතුයි කියායි මම කියන්නේ. මොකද දරුවන්ට ඔවුන් ඉන්නේ අනාථ මධ්‍යස්ථානයක යන්න හිතට නොපැමිණිය යුතුයි.එවිට හිතට දුකක් දැනෙනවා. (නි)
කලකට පස්සේ ලස්සන දසුනක්! (නි)
ඔබ දෙපලට වාසනාවන්ත ජීවිතයකට අසිරි පතනවා. ඔබට තුරුණුවන් සරණයි (නි)
වත්පොහොසත්කම්, පවුලේ තත්ත්වය, දායාද හොයන බොහෝ තරුණයන්ට වඩා හිත හොඳ කොල්ලෙක්. ඇත්තටම මෙය දුටුවිට මගේ නෙතට කදුලක් ආවා සතුට නිසාම. ඔබ දෙපලට සුභම සුභ අනාගතයක්. (නි)
සිරි සුභ මංගලම්! (නි)
සීදේවි ළමයෙක්. ඔබට සුභ අනාගතයක්! (නි)
ආදරණිය විමුක්ති, ඔයාට සුභම සුභ අනාගතයකට අපේ පවුලේ සියල්ලගෙන්ම උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබ දෙපළට දිගාසිරි සමග සුබාසිරි ගෙනෙමි. සතුටින් සිනාවෙනු දුටු විට මේ දැරිය... දෙනෙතට මගෙත් උණු කදුළක් ගෙන දුනිය.. අද දින පා තැබූ නුඹලගේ නව දිවිය.. දරු දැරියන් පිරිවරා හෙට දින හිනැහෙනුය..!!! (නි)