IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිරුර ගොඩගන්න වැවට බසී

වෙන්නප්පුව වැවේ ගිලී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ගොඩට ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිහිණුම් පුහුණුකරුවකු වැව් ඉවුරේ තබා ගිය කලිසම් සාක්කුවේ තිබූ රුපියල් පන් දහසක් සොරා ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙසේ සොරකමට ලක් වූයේ දෙහිවල ශාන්ත නිකුලස් ජාත්‍යන්තර පාසලේ පිහිණුම් පුහුණුකරු වන ඇන්ටන් ජේ ප්‍රණාන්දු මහතාය.

සිරුර සෙවීමට පැය පමක් පමණ දියේ ගත කිරීමට ඔහුට සිදු විය.

 

 

 



අදහස් (0)

සිරුර ගොඩගන්න වැවට බසී

තිලක්-ඩුබායි Monday, 12 August 2013 07:17 PM

ඉෂාර, ඒ විතරක්ද? සුනාමියෙන් අන්ත අසරණ වුන මිනිසුන්ට බෙදා දෙන්න විදේශ රටවල් වලින් දුන් කෝටි ගණන් මුදල් වලිනුත් ගසා කාපු අය ඉන්න රටක් මේක. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 07:18 PM

දැන් ලංකාව කියන්නේ පිලිපීනයටත් එහාට ගිය රටක්. (නි)

:       0       0

මංගල Monday, 12 August 2013 07:41 PM

හුළඟට යයි කියලා අරන් තියන්න ඇති. අපි බොරුවට කලබල වෙලා... (නි)

:       0       0

සේපාලි Monday, 12 August 2013 07:45 PM

සුනාමියෙන් ගසා කෑවා විතරක් නෙමෙයි. ඒ බඩු ‍නොබෙද තියාගෙන ඉදලා ඒවා කල්ඉකුත් වෙලාත් තිබුණා (නි)

:       0       0

ආනන්ද Monday, 12 August 2013 07:50 PM

තිලක් ,ඔයා මොන ජාතියේ මිනිහෙක්ද? ඇයි ලංකාවට මේතරම් ගරහන්නෙ? ලෝකෙ මොන රටවලත් මේ වගේ දේවල් වෙනවා. (නි)

:       0       0

නිමල් Monday, 12 August 2013 11:17 PM

ලෝකේ දැන් තිබෙන ගොඩක් යුද්ධ තියෙන්නේ මුස්ලිම් රටවල. ඒක හින්දා අපේ ආගම මේවට ගාවගන්නේ නැතුව පාඩුවේ ඉන්න.මොහමඩ් (නි)

:       0       0

වරුණ Monday, 12 August 2013 02:31 PM

ඔන්න අද රටේ තත්වය... (නි)

:       0       0

කමල් Monday, 12 August 2013 02:36 PM

වෘත්තීමය මිනී ගොඩ ගන්නෙක් ඒක ගත්තද දන්නේ නෑ. (ත)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 13 August 2013 01:58 AM

එක් කෙනෙක් හොරකම කළාට ඒ සල්ලි ටිකම එකතු කරලා දෙන්න මේ රටේ තව දාහක් හොයාගන්න එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. තාම මේ රටේ මනුස්සකම පිරිලා ඉතිරිලා ගිය මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා (නි)

:       0       0

ටිරල් Monday, 12 August 2013 02:41 PM

විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල. (ත)

:       0       0

සමන් පෙරේරා - සෞදි Monday, 12 August 2013 02:41 PM

වදින්න ගිය දේවාලය හිසමත කඩා වැටුන වගේ, ඕක තමා කියන්නේ හොද කරන්න ඕනෑම නැහැ කියල .

:       0       0

දයාල් Monday, 12 August 2013 02:44 PM

ඕක එච්චර දෙයක්ද, (අ)

:       0       0

උපාලි Tuesday, 13 August 2013 03:01 AM

දුම්රිය අනතුරු, බරපත බස් අනතුරු ආදියෙන් දිවි බේරාගත් අය දී ඇති සාක්කි ගැන කල්පනා කර බලන්න. "මගෙ ඇඟිල්ල කඩලා මුද්ද අරගෙන තිබුනා", මගේ බෙල්ලේ කැපුම් තුවාලය කවුරුහරි මාලෙ ගලවගන්නකොට ඇතිවුන එකක්". ඔන්න ඔහොමයි සාක්කි. මෙවැනි දේ ඉඳහිට වෙනවා නම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්. නමුත් දැන් ඕනෑම අනතුරකදී එවැන්නක් සිදුවෙනවාමයි. (නි)

:       0       0

කුමාර් Monday, 12 August 2013 02:51 PM

අනෙකාලේ වනේ වාසේ. කෝ ලංකාවේ මනුස්සකම? (අ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 August 2013 02:54 PM

අද රටේ හැටි එහෙම තමයි. මුදල් වලදී මිට වඩා ප්‍රවේසම් වෙන්න ඕන . අද කවුරුත් විශ්වාස කරන්න බැහැ. (අ)

:       0       0

Neil Rana Monday, 12 August 2013 02:54 PM

ළඟින් ගියොත් ඇහැක් නැතිවෙන ජාතියේ පුදුම මිනිස්සු වර්ගයක් ලංකාව පුරාම බෝවෙලා. රටේ ජනගහනය වැඩිවෙලා තියෙන්නේ කුණු කන්දල් වලින්. මම පුතාත් සමග ලඟකදි හික්කඩුවේ මුහුදෙ නෑවා. ගොඩ ඇවිත් ඇඟ පිසදාන්න බලනකොට අපේ තුවා දෙකයි, රබර් සෙරෙප්පු සහ වතුර බෝතලෙයි හොරු උස්සලා. ඉංග්‍රීසින්ගෙ කාලෙ අපේ අයියලට මෙහෙම තැන්වලට පැමිණීම තහනම් කරල තිබුනේ ඒනිසයි. තුන්වෙනි තැනට දාන්න ඕන අය එතැනට නිකම්ම වැටෙනවා. කූඩැල්ල මෙට්ටෙ ඉන්නෙ නැහැ වගේ තමයි. (අ)

:       0       0

කුමාරි Tuesday, 13 August 2013 03:32 AM

සුනාමියෙන් කාපු මිනිස්සුන්ට ඕක මොකක්ද මල්ලි? (නි)

:       0       0

චාමර Monday, 12 August 2013 03:09 PM

මේවට මොනවා කියන්නද? උදව් කරන්න ඉදිරිපත් වෙයිද ඉතින් ? (නි)

:       0       0

සරත් Monday, 12 August 2013 03:09 PM

වෙන මොකුත් එළියේ තියන්න ඕනේ නැහැ. පෝයදාක පන්සලක් ළඟ පාවහන් දෙකක් ගලවලා තියන්න බලන්න මොකද වෙන්නේ කියලා. ටිකක් හිතලා බැලුවොත් අපි අවංකවම දුක්වෙන්න ඕනෑ,ලජ්ජා වෙන්න ඕනෑ අපේ පන්සල් ළඟ පාවහන් ආරක්ෂා කරන ස්ථාන පිහිටුවා ඇති එක ගැන! (නි)

:       0       0

ඉෂාර Monday, 12 August 2013 03:09 PM

සුනාමි රැල්ලට අහුවෙලා ගහගෙන යන ගැහැණු කෙනෙක්ගේ මාල පොට කඩාගෙන, ඒ මනුස්සයව ආයෙමත් වතුරට දාපු මිනිස්සු ජීවත් වෙන රටක් මේක (නි)

:       0       0

මනුක Tuesday, 13 August 2013 05:34 AM

දෙයියෝ සාක්කි! අනේ රටක මිනිස්සුන්ට ගිය කලක් (නි)

:       0       0

අසෝක Wednesday, 14 August 2013 02:03 PM

පිටබද්දරගේ කතාව හරි. එක්කෙනෙක් කරපු ජරා වැඩකට අනිත් හැමෝම හවුල් නැහැ. මිනිස්සු කරන හොද දේවල් ප්‍රචාරය වෙන්නේ බොහොම කලාතුරකින් .නමුත් වැරදි තමයි වැඩියෙන් පෙන්නේ. එකට හේතුව තමයි අපේ වැරදි අඩුකරගන්න කියල නොකිය කියන විදිය. නීල්-රනා රට ඉදල ආව බව පේන්නත් එක්ක ලස්සන තුවායක් ගෙනියන්න ඇති. ඉතින් ඔය කිට්ටුව කොච්චර දුප්පත් දරුවෝ ඉන්නවද . උන් ආසාවට අරන් යන්න ඇති. හොරකම හරියි කියනවා නෙමෙයි. අනික එහෙනම් සුද්දගේ නිතිය ඔයාටත් වලංගුයි.ඔයත් ඉන්නේ ඒ තුන්වෙනි තැන කියල අමතක කරන්න එපා. (ස)

:       0       0

ධම්ම Monday, 12 August 2013 03:42 PM

කලිසම ඉතිරිකර ගිය එක ගැන සතුටුවන්න. (අ)

:       0       0

jagath Monday, 12 August 2013 03:47 PM

ලංකාවේ කොහොමද මනුස්සයකුට උදව්වක් කරන්නේ කල හොඳ පස්සෙන් එනවා (අ)

:       0       0

මහි Monday, 12 August 2013 03:48 PM

ඒ නිසා තම ඔය බෝට්ටු කාරයන් ඔස්ට්‍රේලියා එනවට කව්රුත් කැමති නැත්තේ .(අ)

:       0       0

සයිමන් Monday, 12 August 2013 03:51 PM

රටේ නම කැත කරන්න ඩයස්පෝරාව, බටහිර අධිරාජ්‍යවාදීන්, එන්.ජී.ඕ බලලඅත් හෝ තුන්වෙනි පාර්ශවයක් කල වැඩක් විය හැකිය (අ)

:       0       0

අනුර Monday, 12 August 2013 04:40 PM

කළ උදව්වට පිළිතුරු. (ත)

:       0       0

සුනිල් වෙරෝනා Monday, 12 August 2013 05:27 PM

වෙන්නප්පුවේ නේද? කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

මොහමඩ් Monday, 12 August 2013 05:44 PM

මෙන්න තවත් ධර්මද්වීපයේ වූ සිදුවීමක ප්‍රතිපලයක් (නි)

:       0       0

රූපවතී Monday, 12 August 2013 06:10 PM

ඔන්න අද මිනිසුන්ගේ තත්ත්වය. ඒ වුණාට බලන්න ඕනෑ එක වචනයක් වැරදුනොත් කතාකරන විට, සිරිත් විරිත් වලට ගරු කළේ නැහැ කියලා අපිව හම ගහනවා. ඔසරියක් ඇදගෙන ගියොත් විතරමයි කාන්තාවක් පිළිගන්නේ. ජාතිය ජම්මේ හැදියාව සේරම මනින්නේ ඇදගෙන ඉන්න ඇදුමෙන්. ඒ තරමටම බුද්ධිය පහතට වැටිලා. (නි)

:       0       0

ප්‍රදීපා Tuesday, 13 August 2013 11:35 AM

අපිට අහන්න, දකින්න ලැබෙන්නේ මේ පොඩි මිනිහා කරන පොඩි හොරකමක් විතරයි. මහා මිනිස්සු හිටගෙන කරනකොට, පොඩි එවුන් දුව දුව කරනවලු. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5238 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3534 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4322 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3615 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 838 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1572 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36236 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24148 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site