වෙන්නප්පුව වැවේ ගිලී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ගොඩට ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිහිණුම් පුහුණුකරුවකු වැව් ඉවුරේ තබා ගිය කලිසම් සාක්කුවේ තිබූ රුපියල් පන් දහසක් සොරා ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙසේ සොරකමට ලක් වූයේ දෙහිවල ශාන්ත නිකුලස් ජාත්‍යන්තර පාසලේ පිහිණුම් පුහුණුකරු වන ඇන්ටන් ජේ ප්‍රණාන්දු මහතාය.
සිරුර සෙවීමට පැය පමක් පමණ දියේ ගත කිරීමට ඔහුට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ උදව්වට පිළිතුරු. (ත)
පිටබද්දරගේ කතාව හරි. එක්කෙනෙක් කරපු ජරා වැඩකට අනිත් හැමෝම හවුල් නැහැ. මිනිස්සු කරන හොද දේවල් ප්‍රචාරය වෙන්නේ බොහොම කලාතුරකින් .නමුත් වැරදි තමයි වැඩියෙන් පෙන්නේ. එකට හේතුව තමයි අපේ වැරදි අඩුකරගන්න කියල නොකිය කියන විදිය. නීල්-රනා රට ඉදල ආව බව පේන්නත් එක්ක ලස්සන තුවායක් ගෙනියන්න ඇති. ඉතින් ඔය කිට්ටුව කොච්චර දුප්පත් දරුවෝ ඉන්නවද . උන් ආසාවට අරන් යන්න ඇති. හොරකම හරියි කියනවා නෙමෙයි. අනික එහෙනම් සුද්දගේ නිතිය ඔයාටත් වලංගුයි.ඔයත් ඉන්නේ ඒ තුන්වෙනි තැන කියල අමතක කරන්න එපා. (ස)
අපිට අහන්න, දකින්න ලැබෙන්නේ මේ පොඩි මිනිහා කරන පොඩි හොරකමක් විතරයි. මහා මිනිස්සු හිටගෙන කරනකොට, පොඩි එවුන් දුව දුව කරනවලු. (දී)
දෙයියෝ සාක්කි! අනේ රටක මිනිස්සුන්ට ගිය කලක් (නි)
සුනාමියෙන් කාපු මිනිස්සුන්ට ඕක මොකක්ද මල්ලි? (නි)
දුම්රිය අනතුරු, බරපත බස් අනතුරු ආදියෙන් දිවි බේරාගත් අය දී ඇති සාක්කි ගැන කල්පනා කර බලන්න. "මගෙ ඇඟිල්ල කඩලා මුද්ද අරගෙන තිබුනා", මගේ බෙල්ලේ කැපුම් තුවාලය කවුරුහරි මාලෙ ගලවගන්නකොට ඇතිවුන එකක්". ඔන්න ඔහොමයි සාක්කි. මෙවැනි දේ ඉඳහිට වෙනවා නම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්. නමුත් දැන් ඕනෑම අනතුරකදී එවැන්නක් සිදුවෙනවාමයි. (නි)
එක් කෙනෙක් හොරකම කළාට ඒ සල්ලි ටිකම එකතු කරලා දෙන්න මේ රටේ තව දාහක් හොයාගන්න එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. තාම මේ රටේ මනුස්සකම පිරිලා ඉතිරිලා ගිය මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා (නි)
ලෝකේ දැන් තිබෙන ගොඩක් යුද්ධ තියෙන්නේ මුස්ලිම් රටවල. ඒක හින්දා අපේ ආගම මේවට ගාවගන්නේ නැතුව පාඩුවේ ඉන්න.මොහමඩ් (නි)
තිලක් ,ඔයා මොන ජාතියේ මිනිහෙක්ද? ඇයි ලංකාවට මේතරම් ගරහන්නෙ? ලෝකෙ මොන රටවලත් මේ වගේ දේවල් වෙනවා. (නි)
සුනාමියෙන් ගසා කෑවා විතරක් නෙමෙයි. ඒ බඩු නොබෙද තියාගෙන ඉදලා ඒවා කල්ඉකුත් වෙලාත් තිබුණා (නි)
හුළඟට යයි කියලා අරන් තියන්න ඇති. අපි බොරුවට කලබල වෙලා... (නි)
දැන් ලංකාව කියන්නේ පිලිපීනයටත් එහාට ගිය රටක්. (නි)
ඉෂාර, ඒ විතරක්ද? සුනාමියෙන් අන්ත අසරණ වුන මිනිසුන්ට බෙදා දෙන්න විදේශ රටවල් වලින් දුන් කෝටි ගණන් මුදල් වලිනුත් ගසා කාපු අය ඉන්න රටක් මේක. (නි)
ඔන්න අද මිනිසුන්ගේ තත්ත්වය. ඒ වුණාට බලන්න ඕනෑ එක වචනයක් වැරදුනොත් කතාකරන විට, සිරිත් විරිත් වලට ගරු කළේ නැහැ කියලා අපිව හම ගහනවා. ඔසරියක් ඇදගෙන ගියොත් විතරමයි කාන්තාවක් පිළිගන්නේ. ජාතිය ජම්මේ හැදියාව සේරම මනින්නේ ඇදගෙන ඉන්න ඇදුමෙන්. ඒ තරමටම බුද්ධිය පහතට වැටිලා. (නි)
මෙන්න තවත් ධර්මද්වීපයේ වූ සිදුවීමක ප්‍රතිපලයක් (නි)
වෙන්නප්පුවේ නේද? කියලා වැඩක් නැහැ. (නි)
ඔන්න අද රටේ තත්වය... (නි)
රටේ නම කැත කරන්න ඩයස්පෝරාව, බටහිර අධිරාජ්‍යවාදීන්, එන්.ජී.ඕ බලලඅත් හෝ තුන්වෙනි පාර්ශවයක් කල වැඩක් විය හැකිය (අ)
ඒ නිසා තම ඔය බෝට්ටු කාරයන් ඔස්ට්‍රේලියා එනවට කව්රුත් කැමති නැත්තේ .(අ)
ලංකාවේ කොහොමද මනුස්සයකුට උදව්වක් කරන්නේ කල හොඳ පස්සෙන් එනවා (අ)
කලිසම ඉතිරිකර ගිය එක ගැන සතුටුවන්න. (අ)
සුනාමි රැල්ලට අහුවෙලා ගහගෙන යන ගැහැණු කෙනෙක්ගේ මාල පොට කඩාගෙන, ඒ මනුස්සයව ආයෙමත් වතුරට දාපු මිනිස්සු ජීවත් වෙන රටක් මේක (නි)
වෙන මොකුත් එළියේ තියන්න ඕනේ නැහැ. පෝයදාක පන්සලක් ළඟ පාවහන් දෙකක් ගලවලා තියන්න බලන්න මොකද වෙන්නේ කියලා. ටිකක් හිතලා බැලුවොත් අපි අවංකවම දුක්වෙන්න ඕනෑ,ලජ්ජා වෙන්න ඕනෑ අපේ පන්සල් ළඟ පාවහන් ආරක්ෂා කරන ස්ථාන පිහිටුවා ඇති එක ගැන! (නි)
මේවට මොනවා කියන්නද? උදව් කරන්න ඉදිරිපත් වෙයිද ඉතින් ? (නි)
ළඟින් ගියොත් ඇහැක් නැතිවෙන ජාතියේ පුදුම මිනිස්සු වර්ගයක් ලංකාව පුරාම බෝවෙලා. රටේ ජනගහනය වැඩිවෙලා තියෙන්නේ කුණු කන්දල් වලින්. මම පුතාත් සමග ලඟකදි හික්කඩුවේ මුහුදෙ නෑවා. ගොඩ ඇවිත් ඇඟ පිසදාන්න බලනකොට අපේ තුවා දෙකයි, රබර් සෙරෙප්පු සහ වතුර බෝතලෙයි හොරු උස්සලා. ඉංග්‍රීසින්ගෙ කාලෙ අපේ අයියලට මෙහෙම තැන්වලට පැමිණීම තහනම් කරල තිබුනේ ඒනිසයි. තුන්වෙනි තැනට දාන්න ඕන අය එතැනට නිකම්ම වැටෙනවා. කූඩැල්ල මෙට්ටෙ ඉන්නෙ නැහැ වගේ තමයි. (අ)
අද රටේ හැටි එහෙම තමයි. මුදල් වලදී මිට වඩා ප්‍රවේසම් වෙන්න ඕන . අද කවුරුත් විශ්වාස කරන්න බැහැ. (අ)
අනෙකාලේ වනේ වාසේ. කෝ ලංකාවේ මනුස්සකම? (අ)
ඕක එච්චර දෙයක්ද, (අ)
වදින්න ගිය දේවාලය හිසමත කඩා වැටුන වගේ, ඕක තමා කියන්නේ හොද කරන්න ඕනෑම නැහැ කියල .
විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල. (ත)
වෘත්තීමය මිනී ගොඩ ගන්නෙක් ඒක ගත්තද දන්නේ නෑ. (ත)