
(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දසදෙනාට ලබන 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නොතිසි නිකුත් කළේය.
සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරු දසදෙනාට මෙලෙස නොතිසි නිකුත් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ම මැරෙන්න ගිය ත්‍රස්තවාදී සැකකරුවෙකුට රජයේ වියදමින් සියලු සෞඛ්‍ය සේවාවන්ද, දත් පිරවීම වැනි අති සියුම් ශල්‍යකර්මද සිදුකරන, අති සාර්ථක දින සියයක් ICU එකේ තියාගෙන ඉන්න එකම රට.
බොහොම හොඳයි. මුන් වගේ දූෂිත හොර දොස්තරලා ඔක්කොම, හොර සහතික දුන්නට, හිරේට යවන්න ඕනේ. උන්ගේ ලයිසන් එකත් කැන්සල් කළ යුතුයි.
මේ කරන්නෙ ප්‍රෝඩාවක් , මිනිසුන් රාශියක් මරන්න කුමන්ත්රනය කරපු මිනිමරුවෙක් දොස්තරලගෙ පිහිටෙන් මාස ගනනක් ඉස්පිරිතාලෙ සැප ගන්නව, මේකට ලගදි ලන්ෂ 40 ක් වටින මොකක්දෝ උපකරනයකුත් බද්ද කලා කියල පත්තර වල තිබුන, ගරු අධිකරනය ඔය කොන් දොස්තරල 10 ම රිමාන්ඩ් කලා දින 10 කට වත් , එය මැරුන අහිංසකයන්ට කරන සාධාරනයක් වේවි