ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කළ ‘සියැට් - ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැුලියේ (දිවා/රාත‍්‍රී) සමස්ත ශූරතාව දිනා ගැනීමට ප‍්‍රවීණ රැළි ධාවන ශූර සමින් අත්තනායක සහ සහයක රියැදුරු රහල් උලූවිට සමත්වුහ. සමීන් අත්තනායක වසර 15 ක පමණ මෝටර් රථ රැලි ධාවනයේ අත්දැකීම් තිබෙන රියැදුරෙකි. යං සදර්න් මෝටර් රථ ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා වන රහල් උලූවිට පසුගිය වසරේ මෙන්ම මෙම වසරේදී සදර්න් මෝසම් රැලියේ ශූරතාව දිනාගත් ධාවකයාය. රැලියේදී සදර්න් මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ සදර්න් වයිබ්ස් පිල දස්කම් දැක්වීය. වර්ණ ආරියදාස සහ නාලක ගුණවර්ධන (සහායක) අනුශූරතාව හිමිකර ගත් අතර නොයෙල් රොද්‍රිගෝ සහ ඇන්ඩි‍්‍රස් ක්ලෝස් (සහයක) තෙවැනි ස්ථානය ලැබුහ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිටින් ඇරැඹි රැලිය අදියර හතරකින් ක‍්‍රියාත්මක විය. ප‍්‍රවීණ රැලි ධාවන ශූර අෂ්හාර් හමීම් සහ රියැදුරු සහයක රෂ්මින් රාසික් අදියර දෙකක්ම ජය ගැනීමට සමත්වුහ. කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා වු පළමු අදියර සහ ඇඹිලිපිටිය සිට බණ්ඩාරවෙල දක්වා දෙවැනි අදියර ද හමීම් සහ රෂ්මින් ජය ලැබුහ. තුන්වැනි සහ සිවුවැනි අදියර දෙකේම රැලි මාපකයේ සහ වාහනයේ වේග මාපකයේ දෝෂ ඇතිවීම හේතුවෙන් ඉතා පහසුවෙන් ලබාගත හැකිව තිබූ ජයක් හමීම් සහ රෂ්මින් වෙතින් ගිළිහී ගියහ. තරගාවලියේ තුන්වැනි අදියර බණ්ඩාරවෙලින් ආරම්භ කරන්නට ටික වේලාවට පෙරම අපට පෙනී ගියා රැුලි මාපකයේ සහ වේග මාපකයේ දෝෂ තිබුණ බව. අපේ තාක්‍ෂණික සහයකයන් දැඩි උත්සාහයක් ගත්තත් එය හදාගන්න බැරි වුණා” තුන්වැනි අදියර ආරම්භ කරන්න විනාඩි 10 තිබුණේ. අවසානයේදී රැලි මාපකය නොමැතිව හෝ, හැකි ආකාරයෙන් තරගයට ඉදිරිපත් වෙන්න අප තීරණය කළා” යයිද හමීම් පැවසීය. රැලි මාපකයක් නොතිබීම නිසා උපක‍්‍රමයක් වශයෙන් වෙනත් තරග කරුවකු පසුපස යාමට උත්සාහ ගැනීමත්, පසුව වෙනත් තරගකරුවකු අනතුරකට මුහුණ දීම නිසා තරගය පැයක පමණ කාලයකට අත්හිටුවීමත් නිසා අවාසි රැසකට මුහුණ දෙමින් තරගය අවසන් කළ නමුත් තරගය අවසන් වන විට ඔවුන්ට හිමිවූයේ 9 වැනි ස්ථානයයි. ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම මෝටර් රථ රැුළිය වන ‘ස්ලාඩාර් 1000’ කිලෝ මීටර 1000 ක දුරකින් යුක්තයි. මෙම රැලියට දිවයිනේ නමගිය මෝටර් රථ ධාවකයෝ 26 දෙනෙක් (සහායකත් සමග) සහභාගිවුහ. අවසන් වරට මෙම රැලිය පැවැති 2007 වසරේදී ශූරයා වූයේ අෂ්හාර් හමීම්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැලියේ ශූරයා සමින්
අජිත් Monday, 26 November 2012 10:44 AM
ලාභයි ලිභයි.....රේසින් කාර් (ස)