කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ බව කියන කැමරන් ජාතිකයන් දෙදෙනකු සතුව තිබී රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවේ ප‍්‍රමාණයට සැකසූ කළු සහ සුදු පාට කොළ මිටි තොගයක් රසායන දියරයක් සහ සුදු පැහැති කුඩු වර්ගයක් සොයාගත් බව මහරගම පොලිසිය කියයි.
සැකකරුවන් ප‍්‍රංශ සහ ලිබියන් රජයේ නියෝජිතයන් ලෙස මෙරටට පැමිණ ව්‍යාපාරිකයන් සමග හිතවත්වී මුදල් වංචා කර ඇතැයි පොලිසිය කියයි.
කොල්ලූපිටියේදී ඉකුත් 2දා අත්අඩංගුවට ගත් මොවුන් හෙට ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටල එක දෙක කරන්න සල්ලි දෙන්නේ කවුද?(නු)
මොහුගේ සේවාදායකයින් ගැනත් පොඩ්ඩක් සොයාබැලිය යුතුයි නේද? මොකද ඔවුනුත් බලලා තියෙන්නේ නීතිවිරෝධී ලෙස ඉක්මණින් පොහොසත් වෙන මාර්ගයක්. (නි)
ඉක්මන් කොට බව අමතක වෙන්න ඇති (ස)
දැන් එතකොට හොර සල්ලි අච්චු ගහගන්න ගිය ලංකාවේ කට්ටියට දෙන දඩුවම මොකක්ද? (නි)
මේ වගේ අන්තර්ජාතික හොරුන්ට අහුවෙන මෝඩයෝ තමයි අපේ රටේ ඉන්නේ (ස)
මේ සැකකරුවන්ට මුහුණු වහගෙන උසාවි යන්න ඉඩ දෙන්නේ ඇයි? ඒක නිදොස් සාධාරණ මිනිසුන්ට කරන අසාධාරණයක්. මිනීමරු ස්ත්‍රී දූෂකයින්ගේ මානව අයිතිවාසිකම් ගැන කියන අය අර අමු අමුවේ මරා දැමූ ඉන්දියානු සිසුවියගේ මානව හිමිකම් ගැන මොනවද කියන්නේ? දේශපාලකයෝ බොරුවට ජනතාව රවට්ටනවා, ඔන්න එල්ලුම් ගහට වතුර දානවා, පොහොර දානවා, හෙට අනිද්දම මල් පිපෙයි, ගෙඩි හැදෙයි කියලා.... ජනතාවත් රැවටෙනවා. (නි)
මෙහේ ඉන්න හොරු මදිවටද පිටරට හොරුත් මෙහේ එන්නේ (ස)
මේ දවස්වල අධිකරණයේ තියෙන අවුල් සහගත තත්වය නිසා නීතියෙන් බේරිලා පැනල යන්න පුළුවන් කියලා හිතන්න ඇති (ස)
හොඳ පුවතක් . අරන් තියෙන්නේ සල්ලි නිෂ්පාධනය වැඩි කරන්න (ස)
මේ දැනුම හොද දෙකට පාවිච්චි කරනවානම් කොච්චර කොදද (දී)
මෙහෙමත් වැඩ කරනවානේ මිනිස්සු
හැමෝම පොලීසියට බනිනවා. මේ වගේ දේ දැක්කම මොකද හිතෙන්නේ (ස)
වංචාව......වංචාව......වංචාව...... ලෝකේ පුරා වංචාව (දී)
අපේ පොලිසියට ස්තුති කරන්න ඕනෙ! මොකද පිටරටින් එන ඕනෙ දේකට නගුට වනන සමාජෙක ඔබලා මෙහෙම දෙයක් කලාට!
තණ්හාව නිසා විනාස වුණු අයගේ නාමලේඛණයට කැමරනුත් එකතු වුණා එහෙනම් (ස)