රුපියල් ලක්ෂ 650 ක මහජන මුදල් වැයකර අධ්‍යාපනය කෘෂිකර්ම හා පළාත් පාලනය පිළිබඳ රුසියා සංචාරයක් සඳහා අඟහරුවාදා (27) පිටත්ව යන මධ්‍යම පළාත් සභාවේ මනත්‍රීවරුන්ගේ හා රාජ්‍යය නිලධාරීන් ලබන ප්‍රගතිය ජනතාවගෙ පැත්තෙන් ඒ ආකාරයටම ලබනවාද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් සංචාරයෙන් අනතුරුව තමන්‍ට ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම්දී ඇත.
මෙම සංචාරය සම්බන්ධව මාධ්‍යය මගින් වාර්තා කිරීමත් සමඟ ආණ්ඩුකාරවරිය දුරකතනයෙන් තානාපති අමතමින් මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අධ්‍යයන චාරිකාවක් බව පවසමින් මෙරටින් පිටත්ව යන බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස පවසා තිබේ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වාචික අනුමැතිය මෙම සංචාරය සඳහා හිමිවූ බව සඳහන් කරමින් මධ්‍යම පළාත් මහඇමැති හා මන්‍ත්‍රීවරු පිරිසක් පැමිණ තම අනුමැතිය ඉල්ලා සිටි බවත් ඔවුන්ගේ ලිඛිත ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබා තම අනුමැතිය දුන් බවත් ඒකනායක මහත්මිය කීවාය.
මධ්‍යම පළාත් සභාව දැඩි මූල්‍යය අර්බුදයක පවතින අවස්ථාවක මහජන නියෝජිතයින් මෙවැනි සංචාරයක නිරතවීම අනුමත කළ නොහැකි බවත් මෙය විධිමත් සංචාරයක් නොවන බවට සැකයක් එය සංවිධානය කෙරෙන ආකාරය අනුව පෙනීයන බවත් ඇය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහෙන්ද ප්‍රදේශය සංවර්ධනයට සල්ලි? (නි)
මේ පළාත් සභා අහෝසි කරලා දැමිය යුතුයි පළාත් සබා තවදුරටත් තිබිය යුතුද නැත්ද කියා ජනමත විචාරණයක් පැවත් වීම කාලෝචිතය (අ)
ආණ්ඩුකාරතුමියනි ඔයා පොඩි පොඩි සීන් වලට ජනාධිපතිතුමාට කෝල් අරන් දාහක්කථා කියනවා මේකෙදි ඔයා බබා පාර්ට් එකක්ද දැම්මේ. වචනයෙන් කිසිම දෙයක් කරගන්න බැරි රජයේ ආයතන හැමවෙලේම ෆෝම් පුරවන්න කියද්දී ඔයා කොහොමද ලක්ෂ 650 පාස් කරන්නේ ? (බ)
කෝටි හයමාරක් මහජන මුදල් වියදම් කරලා මොවුන් ජනතාවට කරන සේවය මොකක් වුණත් මේක සංවිධානය කරපු ජාතික පුත්‍රයාට අායෙත් රස්සාව කරන්න දියයුතුද?
ආණ්ඩුකාරතුමිය සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අසමත් වෙලා. එතුමිය මෙයට වග කිව යුතුයි..(බ)
මේ මුදල් ලබාගත් පිළිවෙල නීත්‍යානුකූලද බලන්න (නි)
ජනාධිපතිව දැනුවත් කිරීම පහළ තනතුරු වල වගකීමක්. වියදම් කරන්නම් වාලේ වියදම් කරලා "නටපු නැටිල්ලකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියන්න" වගේ දේවල් කියන්න එපා. ලෝකයට ණය නොකර රටට ඵලදායිව වියදම් කරන්න. (නි)
ප්‍රදීප්, ඔබ හරි. කලින් නුවරට විකල්ප මාර්ග ටිකක් හදලා දෙන්න. (නි)
ඔය කට්ටිය උඩින් යන්න කලින් හදලා දෙන්නකෝ නුවර කට්ටියට බිමින්වත් යන්න හැකි පාරවල් දෙක තුනක්වත්. කියලා වැඩක් නැහැ නුවර සංවර්ධනය ගැන. (නි)
පළාත් සභාවට කිමි 1/2ක් දුරින් ඇති මල්ගහමුල සිට වරාපිටිය හන්දිය දක්වා ඇති පාර චාරිකාව සඳහා පෙන්වන්න (නි)
එතකොට මහ ඇමති අනුමැතිය සහිත ලියුමක් දී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් යමක් කළයුතුයි නේද? (නි)
මේගොල්ලෝ රුසියාවට මොකටද යන්නේ කියලා ගැඹුරින් කල්පනා කළොත්, ඕනෑම කෙනෙකුට තේරෙනවා මොකටද යන්නේ කියලා. අපරාදේ අපේ සල්ලි. (නි)
අකමැති නම් මොකටද අනුමැතිය දුන්නේ? තමන් වැරදියි කියා දන්නවා නම් කරුණාකර ගෙදර යන්න (නි)
අනේ මන්දා, දැන් කාටද වැරදියි කියලා කියන්නේ එතකොට? (නි)
නෝනේ, අශ්වයා ගියාට පස්සේ ද ඉස්තාලේ වහන්නේ ? (බ)
ගුඩ්ෂෙඩ් එකේ හොඳ වැසිකිළි පද්ධතියක් සෑදීමත් අත්‍යවශ්‍ය කාරණාවක් (නි)
බලනකොට කාගෙත් කෙරුවාව එකයි (නි)
මේකෙන් පෙනෙන්නේ ආණ්ඩුකාරතුමිය සිය රාජකාරිය නිසිලෙස ඉටුකිරීමට අසමත්ව ඇති බව නේද? කණගාටුයි (නි)
රුසියාව කියන්නේ මිනිස් අයිතිවාසිකම් උපරිමයටම උල්ලංගනය කරන රටක්. (නි)
රට යහපාලනයට. බදු ජනතාවට (නි)
රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් ලබන දැනුම නම් එම නිලධාරීන් විශ්‍රාම ගන්න තුරු ජනතාවට ලැබෙනවා. නමුත් අවුරුදු පහෙන් පහට ඉන්න කට්ටිය මොනවට යනවද? (නි)
අනේ පව්, ගුවන් යානයක නගින්න තියෙන ආසාවනේ. නැත්නම් රුසියාවට යයිද? (නි)
මේ ගැන ටිකක් හොයලා බැලුවොත් හොඳයි වගේ. මේවා වැරදි පූර්වාදර්ශ වෙන්න පුලුවන් (නි)
හරියට හරි නෝනේ, රට හදන්නනම් ඔබතුමිය වැනි අය සිටිය යුතුමයි, ජනපතිතුමාගෙන් විතරක් නෙමේ, අගමැතිතුමාගෙනුත් ලිඛිත අවසරේ ඕනේ නේද ? අනික මහජනතාවට පටි තදකරගන්න කියල මේ අය ගුවන් යාන පටි තද කරන රට සවාරි යනවයි කියහන්කෝ මේ සල්ලි නැති අස්සේ (බ)
මේකෙන් පෙනෙන්නේ ආණ්ඩුකාරතුමිය සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අසමත් වෙලා. කනගාටුයි. (බ)
එනවා මෙතන සවාරි ගහන්න.(බ)
මේ මන්ත්‍රී හාමුදුරුවරු අධ්‍යාපනයක් ලබා ගන්න යන්නේ මොනවා ගැනද? ටෙන්ඩර් ප්‍රෝඩා, කොමිස් ගැහිලි,පගා ගැහිලි ගැනද? (බ)
දුරකතනයෙන් තානාපති අමතන්න ගිය වියදමට වඩා අඩු වියදමකින් ජනපති තුමා අමතලා සැක හැර දැනගෙන අනුමැතිය දෙන්න තිබුනනේ (බ)