ගලේවෙල දේවහුව ව්‍යාපාරයට වගා ළිං සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දුන් රුපියල් ලක්ෂ 119 ක් දඹුල්ල වාරිමාර්ග කාර්යාලයෙන් නොලැබුණු බව පවසමින් ගොවියෝ පිරිසක් උද්ඝෝෂණය කළහ.
ලොකු ලූණු වගාව සඳහා වගා ළිං 168ක් හාරා ඇතත් වැඩ අවසන් කර ගන්නට මුදල් නැති බව ගොවිහු කියති .
මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගෙන් විමසීමේදී කිවේ මුදල් නිදහස් කර තිබෙන බවයි ,දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරු එච් .එම .බි .හේරත් මහතා කිවේ කමිටු පත්කර ඇතත් වාර්තා ලැබී නැති නිසා පමා වී ඇති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ගොවියට මුදල් මොකටද? රජයේ කන්තෝරුවල දුක්විදින දහදිය හෙලන අසරණ උගත්යි සම්මත නිලධාරීන්ට වෙලාවට පඩිය ලැබෙනවානේ (අ)
සංවර්ධදනය වෙනුවෙන් ඔය කෝටි ගණන් වියදම් කරන එකේ මේ මිනිසුන්ට යටිතල පහසුකම් සලසා දුන්නනම් රටට කොච්චර ඵලදායි වේවිද . (අ)
ගොවියාගේ අභිමානය ගැන බොහොම හැඟීම්බර කතා වේදිකාවල හිටගෙන කරන, මහත්වරුන්ගේ සබැ ප්‍රතිරූපය දැන්වත් ගොවි මහත්වරුන්ට පෙනෙන්න ඕන. අවාසනාවකට නොවෙන්නෙත් එකම තමයි. (දී)