(අංජුල මහික වීරරත්න)
පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළේ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.
මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත වාර්තා වීමත් සමග අමාත්‍යවරයා පුර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කළේය.
මේ වන විට ප්‍රමාණ දෙකකට අයත් ජීවනී නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන්නේ එකම යන්ත්‍රයක් බවත්, එම යන්ත්‍රය ද වසර 12 පැරණි බව ද මෙහි දී අනාවරණය විය. වර්තමානයේ වෙළදපොළ පවතින ඉල්ලුමට සරිලන නිෂ්පාදන ධාරිතාවය එක් යන්ත්‍රයකින් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර වර්තමානය වන විට වෙළදපොළ තුළ ජීවනී නිෂ්පාදනවල අතිරික්තයක් නොවීම එයට හේතුවක් වී ඇති බව ද මෙහි දී හෙළි විය.
මෙම තත්ත්වය පිළිබඳ රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබීය.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි