IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සවුත්ලන්ඩ්ස් තාප්පේ නඩුව අස්කැර ගනී

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසර තාප්පයේ උසින් වැඩි කොටස පුරාවිද්‍යා නිර්ණායකයන්ට අනුව ඉවත්කැර තිබීම හේතුවෙන් විදුහල්පතිනියට එරෙහිව වූ නඩුව ඉල්ලා අසකැර ගැනීමට පුරාවිද්‍යා දේපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමට ඉඩදුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විදුහල්පතිනියට අවවාද කළේය

පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශයක් වූ ගාල්ල කොටුවේ ඉදිකිරීම්වල දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු බවත් බාලිකා විදුහලේ අවශ්‍යතාව අනුව තාප්පය බැඳ ඇති බව පෙනේනනට ඇතත් මින් ඉදිරියට අනවසර ඉදිකරීම් නොකරන ලෙසත් මහේස්ත්‍රාවරයා විදුහල්පතිනියට කියා සිටියේය.

පසුගිය 15 ආණ්ඩුකාර ලේකම් කාර්යාලේය දී පුරාවිද්‍යා නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී එකඟවූ පරිදි බදාදා දහවල් තාප්පයේ උසින් වැඩි කොටස බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් කඩා දැමිණි.

මෙම නඩුව කැඳවන අවස්ථාවේ උසාවියට පැමිණ සිටි ගාල්ල සිරිධම්ම විදුහලේ නිහාල් ගුරුසිංහ මහතාගේ රථයේ ආරක්ෂක නලාව දිගින් දිගටම නාද වීම හේතුවෙන් එම විදුහල්පතිවරයා දිසා අධිකරණයට කඳවූ පසු දිසා විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඔහුට තරයේ අවවාද කළේය.



අදහස් (0)

සවුත්ලන්ඩ්ස් තාප්පේ නඩුව අස්කැර ගනී

රවි කලංසුරිය Thursday, 17 July 2014 06:22 PM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්ණායක නොසළකමින් ඉදිකර ඇති තාප්පය සමිබන්ධයෙන් විදුහල්පතිනියට විරුද්ධව කටයුතු කළ යුතුව ඇතැයි යනු මගේ අදහසයි. (නි)

:       0       0

හසිත් Thursday, 17 July 2014 06:26 PM

නිහාල් මහතාට මීට වඩා කල්පනාකාරී වෙන්න තිබුණා (නි)

:       0       0

නෙලී Saturday, 19 July 2014 04:07 PM

දැන්මෙයා මෙහෙම කිව්වට එයාගේ ශක්තිය තාප්පය හදන්න උදව්වක් උනා කියලා දෙමාපියන්, ගුරුමඩුල්ල ඇතුළු ගාලු ජනතාවම දන්නවා.(අ)

:       0       0

නැනිල් Friday, 18 July 2014 01:00 AM

නමුත් අපේ පුරාණ වෙහෙර විහාර වලට කරන අපරාධ වලදී සමහරු නිහඬ ඇයි? (නි)

:       0       0

වසන්ත Friday, 18 July 2014 02:05 AM

මෙම තාප්පයට වියදම් කළ සල්ලි වලට වගකියන්නේ කවුද? (නි)

:       0       0

සංජීව Friday, 18 July 2014 05:06 AM

ඇත්තටම සිද්ද උනේ පුරාවිද්‍යා නිර්ණායකයන්ට අනුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තාප්පයක් ඉදිකිරීමට අවසර ලබා දෙන්න කියන එක පුරාවිද්‍යාවට කිව්වා. නමුත් විදුහල් පතිනියට අවවාද කරන්න කියල පැමිණිලි පාර්ශවයේ නීතිඥයන් ඉල්ලා සිටියට එසේ අවවාද කරේ නැහැ. අනික මේකේ අනුන්ගේ නම්වලින් කමෙන්ට්ස් දාල තියෙනවා (නදී)

:       0       0

සංජීව Friday, 18 July 2014 05:15 AM

කොහොම උනත් විදුහලට ආරක්ෂාවක් තියෙන්න ඕනා. කරුණාකරලා නියමිත නිර්ණායකයන්ට අනුව නව තාප්පයක් බලදාරීන් මැදිහත්වී ඉදිකර දෙන්න. එ්ත් එක්කම කොටුව ඇතුලේ තියෙන අනවසර ඉදිකිරීම් සියල්ල පිළිබඳව කරුණාකර සොයා බලන්න. පාසලට පමණක් කුඩම්මාගේ සැලකිලි දක්වන්න එපා. අපේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ ඉගනගන්න දීප්තිමත් පාසලක් මේක. (නදී)

:       0       0

විමුක්ති Friday, 18 July 2014 05:35 AM

අධ්‍යාපන අමත්‍යංශ රෙගුලාසි අමු අමුවේ උල්ලංගනය කරන අයට විදුහල්පති තුමියට මේක මොන කජ්ජක්ද? (නදී)

:       0       0

කරුණාජීව Friday, 18 July 2014 10:52 AM

නැනිල් මොනවා කියනවද මන්දා. මගේ නම් දු දරුවොත් තාම පොඩියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 830 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 385 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 255 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 787 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 695 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site