(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල ඉදිරි සති දෙක තුළ පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
කොමිෂන් සභා පත් කිරීම දීර්ඝ කාලයක් ප්‍රමාද වූයේ ඒ සම්බන්ධයෙන් අයදුම්පත් 2000ට ආසන්න සංඛ්‍යාවක් ලැබීම නිසා බව පැවසූ කතානායකවරයා ඇතැම් පුද්ගලයන් කොමිෂන් සභා නවයටම අයදුම්පත් යොමු තිබූ බවද සඳහන් කළේය.
මේ හේතුවෙන් සුදුස්සන් තෝරා ගැනීම දුෂ්කර වූ බවද ඔහු පැවසුවේය.
ස්වාධීන කොමිෂන් කොමිෂන් සභා සියල්ල පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත්තේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව මුල් වරට රැස්වූයේ පසුගිය ජනවාරි මස 25 වැනිදාය.
අලුතින් පිහිටුවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා වන්නේ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ස්වාධීන කොමිෂන් සභා ඉදිරි සති දෙකේදී පුරවනවා
ආරියරත්න නෙරලම්පිටිය Monday, 27 March 2023 02:23 PM
මොකද කතානායක තුමා ක්ෂනිකව කරන්න අවශ්‍ය අඩුව පිරවීමට දිගුකාලයක් ගන්නෙ කියලා තේරුම් ගන්න අමාරුයි 1948 සිට ලංකාව ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් කිව්වට ඔහොම ගියාම ඒක කරන්නෙ කොහොමෙයි.