හීන් හඬින් ගයන මේ ගීතය තුළ වූ භාවාත්මක බව මොහොතකට මේ සොඳුරු වූ මිනිසාගේ දෑස් තෙත් කරමින් ඇඳී මැකී යන යුරු හොඳින්ම දුටුවේ කැමරා ඇස යැයි කිවහොත් එහි වරදක් නැත. මොහොතකට නිහඬ බව හා ඒකාත්මික වෙන්නට ලද අවසරය නිමාකොට, පණ්ඩිත් අමරදේවයන් හඬ අවදිකරන්නට විය. මේ ඔහුගේ හඬයි.
මගේ සංගීත දිවියේ පිටුපස මගේ තාත්තා යෝධ සෙවනැල්ලක්. මගේ හත්වැනි උපන්දිනයට ඔහු මට ගෙනැවිත් දුන්නෙ වයලීනයක්. මං මේ වයලීනය වාදනය කරද්දි මගේ තාත්තා රස වින්ඳේ දරු සෙනෙහස කියලා මං හිතනවා... මමත් අද තාත්තා කෙනෙක්. පුතෙකුට තාත්තා කෙනෙකුගේ සිිතේ ඇතිවෙන ආදරය අද මම හොඳින්ම අඳුනනවා.
මං ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගන්න ගිය කාලේ අද වගේ බහුලව විදෙස් ගතවෙන්න වාතාවරණයක් අපේ රටේ තිබුණෙ නෑ. මං යද්දිත් ඔහු හිටියෙ ලෙඩ ගණනේ. තාත්තා මිය ගිය දවසෙ රෑ මං හීනයක් දැක්කා. ඒ අපේ ගෙදර ලොකු කලබලයක්. නමුත් මට ඒ ගැන ඒ වේලේම සොයා බලන්න විදියකුත් නැහැ. ලංකාවේ ඉන්න මගේ තාත්තාට ඒ කාලේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. මම ඒ හීනය දැක තිබුණේ මගේ තාත්තා අවසන් හුස්ම පොද පිටකරන වෙලාවේ බව දැනගත්තාම මට මහා වේදනාවක් ඇතිවුණා.
පොඩි පුතා මා බලන්න ඒවිද කියමින් ඔහු මගේ පැමිණීම ඔහු මියයන්නට පෙර බලා පොරොත්තුව ඉඳ තිබෙනවා. නමුත් ඒ බලාපොරොත්තුව ඔහු මිය ගිහින්වත් ඉටු කරන්නට මට බැරි වුණා. අද වගේ නෙවෙයි ඒ කාලෙ රටකින් රටකට යන්න හරි අමාරුයි. මේ නිසා මගේ අධ්‍යාපනය බිඳ වැටෙයි කියන බයට කවුරුවත් මට තාත්තාගේ මරණය ගැන දැන්වූවේ නෑ. මේ නිසා තාත්තාගේ අවසන් මොහොත නොදැක ඉන්න මට සිද්ධ වුණා. ඒ වගේම දහස්වාරයක් මම තාත්තාගේ ආදරය ගැන හදවතින්ම ඇඬුවා.
අපි නිතර මව් ගුණ ගී ඇසුවාට පිය ගුණ ගීවල අඩුවක් තියෙනවා. මේ වගේ පසුබිමක තමයි මට සෙවනැලි මිය යන හැන්දෑවේ ගීතය හමුවෙන්නේ.... මෛත‍්‍රි පනාගොඩ මහත්තයගෙන්.
ගීතය දුටු ගමන්ම මගේ අතීතය අවදිවෙනවා. රෝහණ වීරසිංහයන් මේ ගීතයට ලබාදුන් තනුවට සාධාරණය ඉටුවෙන්නෙ මගේ අධ්‍යාත්මය තුළින්මයි. මම මේ ඉන්නේ මගේ තාත්තා හිටපු තැන කියලා හිතාගෙනයි මේ ගීතය ගැයුවේ.
පණ්ඩිත් අමරදේවයන් හිනැහෙයි. කලාතුරකින් මුව පුරා විසිරෙන සිනහවට පිටින් ඔහුගේ දෙනෙත්් තෙත් කළ කඳුළු බිඳට තිත තබමින් අපි සොඳුරු වූ මිනිසා වෙත හැරෙමු.
සොඳුරු වූ මිනිසා ඔබේ අලූත්ම ගීත එකතුව සම්බන්ධයෙන් කතා කරමු. කොහොමද එහි අලෙවිය. ඒ සඳහා වෙනස්ම අලෙවි ක‍්‍රමයක අවශ්‍යතාවයක් මතු වීමට බලපෑ හේතු මොනවාද..?
මේ ගීත එකතුව ‘‘සොඳුරු වූ මිනිසා’’ අමර ගී රසෝඝය, අමරදේව පදනමෙන් නිෂ්පාදනය කරන ලද්දක්. මේ ගීත සියල්ලම මම නැවත අලූතින් ගායනා කළ ගීත. ඒ කියන්නෙ පරණ ගීත පවා මම නැවත අලූතින් ගායනා කළා. අද නිෂ්පාදකයෙකු වෙනුවෙන් නිර්මාණ එකතුවක් බිහිකලත් ස්ව නිෂ්පාදනයක් ලෙස නර්මාණ බිහි කළත් ගීත හොරකම් කර විකුණන පරිසරයක් නිර්මාණය වෙලා. ඒ තුළ ව්‍යාජ සී.ඞී පට විකිණෙමින් නියම සී.ඞී පට නොවිකිණෙන තත්ත්වයකට පත්වෙලා. මේ තත්ත්ව ජය ගත යුතුයි. නැතිනම් මේ සඳහා වැය වූ මුදලවත් උපයන්න නොලැබීම ගැටලූවක්. මේ නිසා පළමු සී.ඞී පට 1000 අමරදේව පදනම තුළින් පමණක් අලෙවිකරන්නටත් පසු සාමාන්‍ය ක‍්‍රමය වෙත නැඹුරුවීමටත් අමරදේව පදනම කටයුතු යොදා තිබෙනවා. සී.ඞී අවශ්‍ය අයට අමරදේව පදනම අමතා එය ලබාගන්න පුළුවන්.
x ඔබේ පැරණි ගීත අතර අලූත් ගීතත් මෙහි ඇතුළත්. ජනප‍්‍රියත්වයේ ඉහළම තලයට පැමිණි ගිමන් හරින දියඹ දිගේ ගීතයත් මෙයට ඇතුළත් නේද ?
ඔව්, ජානක සිරිවර්ධන ලියා අරුණ ගුණවර්ධන සංගීතවත් කළ ’ගිමන්හරින දියඹ දිගේ...’ ගීතය මම ගායනා කළේ ජානකගේ අග්නි ටෙලි නාට්‍යයේ තේමා ගීතය විදිහටයි. ඒ ගීතය නැවතත් මට මේතාක් හොඳින් ගීත ගැයිය හැකි බව ඔප්පු කර පෙන්වුවා.
ඔබේ ගායනා හැකියාව අලූතින් සනාථ කරන්නට අදහස් කළේ කිසිවෙක් ඔබේ ගායනා හැකියාව සම්බන්ධයෙන් සැක පළ කළ නිසාද ?
කොහෙත්ම නැහැ. නමුත් අපේ අය අතර ආකල්ප තිබෙනවා වයස සමග ගායන හැකියාව පිරිහෙන බව. නමුත් එහෙම එකක් නැහැ කියලා ඒ ගීතය විසින් ඔප්පුකර පෙන්නුවා. මට දැන් වයස අවුරුදු 86 ක්. මම අග්නි ගීතය ගැයුවා වගේම නව පරපුරේ ගායිකාවක් වුණ උමාරියා සිංහවංශ සමගත් මෑතක දී යුග ගීතයක් ගායනා කළා.
සොඳුරු වූ මිනිසා ගීතය රචනා කළේ මහින්ද දිසානායක මහත්තයා. මම තනු නිර්මාණය කළ මේ ගීතයේ සංගීත සංයෝජනය කළේ නාලක අංජනකුමාර. මම මේ ගීතය නිර්මාණය කරන්න හේතු වුණේ මිනිසා අතර තිබෙන මේ අනේකවිද බෙදීම් නිසා ඇතිවන ඛේදවාචකය ගැන කියන්නයි.
සොඳුරු වූ මිනිසා
අහස දිය ගොඩ සරන සත ලෙස
විසම වෙද කෙලෙසා
සොඳුරු වූ මිනිසා....
[email protected] සොඳුරු වූ මිනිසාගේ වගතුග සොයන්නන් වෙනුවෙන් මඟ පෙන්වීමට ඇති උපකාරයයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුගයේ සුපර් ස්ටාර් ................ඔබට දීර්ගායුෂ වේවා ...! (දී)
ජන හදවත් හදුනා ගත් මිනිසා (දී)
ඔබට දීර්ග ආයුෂ පතමි ඔබගේ ගීත අසා මම ආයුෂ වැඩිකරගාමී එයට කෘතවේදී වෙමි (අ)
නිදුක් නිරෝගිව තව බොහෝ කල් ජිවත් වේවා..(අ)
ඔබට සමාන කළහැකි කිසිවෙකු මේ මිහිතලයේ නොමැත. ඔබ ගැන කීමට මා ළඟ වචනද නොමැත. හන්තානේ කඳුමුදුන සිසාරා පවනක් වී ඉන්න හැමදාම, මගේ ආයුෂත් අරගෙන (නි)
ඔබෙි ගීත අහගෙන ඉන්දැද්දි මට දැනෙන්නේ මහා දුකක් ඒ දුක වෙන කිසිවක් නිසා නොවෙයි. මට බයයි ඔබ අපට දුකක් කවද හරි දෙයි කියලා. .ඒත් අපි සනාතන දහමට යටයි මම ජිවත් වෙලා ඉන්න කල් හරි මටත් සමස්ථයක් ලෙස අපි හැමෝටම ඔබෙි කටහඩ අහන්න නිරන්තර ලැබෙිවා.(අ)
ඔබ තරම් මා සවන පිනවූ තවකෙකු නැත. ඔබගේ මිහිරි නාදයෙන් මා කෙතරම් සැනසී ඇත්ද? ඔබ තවම තරුණය. මහා පර්වතයක් බදුය. (නදී)
ඔබතුමාට දිඝායු වේවා! (අ)
අමා ගඟ ගලාලා, අවා ගිනි නිවේවා, දුකේ සෝක පීඩා, එයින් සංසිදේවා , එයින් සන්සිදේවා .....මේ ඔබේ කටහඩින් දුන් ඒ මදුර ප්‍රාර්තනාවේ බලයෙන් ඔබතුමා තව චිරාත් කාලයක් අප අතරම කිසිම දුකක් නැතිව සතුටින් ඉන්න ලැබේවා. (නධී)
ඔබට දීර්ඝායු ලැබේවා (නදී)
ඔබට දීර්ඝායුෂ ලැබේවා!(දිල්)
එක කාලයක් තිබුනා මෙතුමාගේ සින්දු ගුවන් විදුලියේ යනවිට වහලා දානවා. මට මතකයි මම පුංචි කාලේ (1975 - 1980) හරිම ආශාවෙන් මෙතුමාගේ සින්දු අහගෙන ඉන්න අවස්ථාවලදී මගේ යහළුවන් අපෝ ඔය මොනවද සින්දු කියලා ගුවන් විදුලිය වහනවා. මම ඔවුන්ට එදා කිව්වා බලන්න කවදාහරි මෙතුමා අපේ රටේ උසස්ම ගායකයා වෙනවා කියලා. අද මට හරි සතුටුයි. සර්, ඔබ අපේ ආයුෂත් අරගෙන ජීවත්වෙන්න ඕනෑ. (නි)
අපේ ගුරු අමරදේවයානන්ට දීර්ඝායුෂ ලැබේවා!!! (නි)
සංගීත ලෝකයට නිහඬ එහෙත් අනුපමේය සේවයක් කල, කරමින් සිටින හෘදයාන්ගම කලාකරුවාණෙනි. මගෙත් ආයු ගෙන දිගුකල් ජීවත් වේවා. (නදී)
ඔබයි සංගීත ලෝවේ හිරු (දී)
සසර වසන තුරු,නිවන් දකින තුරු මේ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා,වේවා හේතු වාසනා..... (නි)
ගන්දබ්භයාණනි, ඔබට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.(දී)
ඔබට ආයු වැඩිවේවා පියාණනි (නි)
නිදුක් නිරෝගීව තව බොහෝ කල් ජීවත්වේවා! (නි)
යමෙකුට අමරණීයවීමට අවැසි නම් ප්‍රාර්ථනා කරන්න ඊළඟ ආත්මයේ මෙතුමාගේ ගීතයක් වී උපදින්න. ඔහු සදාකාලිකව සොඳුරු හදවත් වල විශ්වය පවතිනතුරා නොමැරී ජීවත්වෙයි. (නි)
නැතිවමුත් වෙන නදක්, කතා කරන විටත්, මැවේ රස වත් තැනුත්. එසේ නම් ගයන විට කෙසේ වේද ගීතයක්. සසදන්න හැකිද එය ලොවේ අන් රසදුනක්. මගේ දිවියෙන් ටිකක්,අරන් හෝ මට වැඩිත්, ඇතිව පින් පහන් සිත් , නිරෝගිව ඉන්න ඔබ, ගයන්නට තව තවත්. (නදී)
මගේ ප්‍රියතම ගයකයාණනි..ඔබට දීර්ඝායු පතමි (නදී)
ආයුබෝවේවා! (නි)
මේ වගේ අය මේ ලෝකය වෙළාගන්න ඕනෑ. එතකොටයි තරුණ පරපුර තේරුමක් ඇති ගීත වලට ආශා කරන්නේ (නි)
මා මළපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනේ! (නි)
මගේ ප්‍රියතම ගයකයාණනි..ඔබට දීර්ඝායු පතමි (නදී)
මගේ උසස් වූ උසස් පෙළ ප්‍රතිඵල අහල ගෙදර දුවන්න පාරට ආපු ගමන් පාර අයිනේ ගෙදරක ගුවන් විදුලියෙන් සින්දුවක් කණ වැකුනා.ඒ " අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණ ධාරා......." සින්දුව. ඇත්ත. මගේ අහිංසක පියාගෙනුත් මා වෙනුවෙන් මෙත් මුදිතා කරුණා ධාරා තමයි ප්‍රතිඵල අහල පියාගේ ඇස්වලින් පිට වුයේ. මේ ගීතය මට සදා අමරණීයයි. සිංහලයේ මහා ගාන්ධර්වයාණනි! ආයු රක්ඛන්තු ආවඩා!!! (අ)
සිංහලයේ මහා ගාන්ධර්වයාණනි! ආයු රක්ඛන්තු ආවඩා!! (ස)
මේ සොඳුරු මිනිසාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සසර වසනතුරු ලක් බිමෙහිම ඉපදේවා! (නි)
දීර්ඝායු වේවා! (නි)
අපගේ දෙසවන් පමණක් නොව, හදවත සැනසු, රසවින්දනය මේයයි පසක් කොටදුන්, අමරදේව ගාන්ධර්වයාණනි ඔබට නිදුක්, නිරෝගී, දීර්ගායු සැප අත් වේවා ! (නදී)
ඔබ තුමා ශ්‍රී ලාංකීය රසික හදවත් තුල හැමදාමත් ජීවත්වන එකම අමරණීය සිංහලයේ මහා ගාන්ධර්වයාණනි! ආයු රක්ඛන්තු ආවඩා!!! (නදී)
අමරදේවයනන් දකින විට මගේ ඇස වලට කදුළු එනවා. පියාණනි ඔබ අමිල සම්පතක්..ඔබට මගේ ආයුෂත් ලැබේව (දී)
මතු යම් දවසක අප කවුරු කවුරුත් අඩු වැඩියෙන් අත්විඳින ජීවිත ගමන් මගේ තවත් එක් මංකඩක් පිළිබඳ අපට කියාදෙන මේ පදවැල අපුරුවට ඇමිණූ මෛත්‍රී පනාගොඩ මහත්මයාටත් සුමධුර හඩින් අප හදවත් අවදිකළ ආචාර්ය අමරදේව ශුරීන්ටත් ප්‍රණාමය. (නි)
පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලි වලට නොබෙදී, ඥානය නිවහල් වේ ... බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ ....... එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනි...... හෙළයේ මහ පියාණනි, ඔබට චිරං ජයතු! (නි)
නොහැකි මුත් ලං වෙන්න ඔබේ හඬ තුලට නම් , මුමුන්නන හදන විට ඈත කඳුකර හිමේ, ඇසේ ඕබෙ දයා හඬ එවිට මගෙ හද තුලින්....කියවේවි වෙනත් පද ඕබෙ ගී තනුවටම, මගෙ දිවි නිමවුනත් , තවත් සිය වසරකට ,ඕබෙ දිවි රැකි තව, දහස් ගව් දුරට ගී, ඇසේවා ,ඇසේවා. (දී)
මහද සැනසූ ඔබගෙ ගීයෙන් දහස් වර මම යළි උපන්නෙමි සියක් ආයුස වැලඳ සුවයෙන් දිනේවා ලක් පුතුනි බෝකල්! (දී)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන ඔබ ජීවත්වේවා! (නි)
ඔබ තුමාගේ ගීත අමාරුවෙන් හරි අමාරුවෙන් හරි මුමුණන්න නම් හරිම ආසයි (නදී)
නැවතත් ඔබවැන්නකු මේ ලොවට කිසිදා පහළ නොවේවි. මෙම පරපුර කවදා හෝ දියව ගිය කල ඒ අඩුව කිිසවෙකුට පිරවීමට නොහැකි වේවි (නි)
චිරං ජයතු පියාණෙනි! මගේ ප්‍රියතම ගයකයාණෙනි, අලුත් සින්දු පටිය ගන්න විදියක් දන්වන්න. (නි)
පියාණනි ඔබයි රම්‍ය සඳකිරණ ඝණ අන්ධකාරේ ඔබට සියළු දෙවිදේවතුන් වහන්සේලාගේ පිහිටයි. (අ)
ඔබ තුමන්ට ධිර්ගායුෂ (දී)
ආචාර්ය අමරදේවයාණෙනි!!සියක් වසරක් ඉක්මවා ඔබ අප අතර රැඳේවා.!! නවසීලන්තෙන් චන්ද්‍රා (අ)
අමරදේව ගුරු පියානි ඔබට නිදුක් නීරෝගී දිවියක් පතමි!!! (අ)
අමරදේවයානෙනි, ඔබට ජය ශ්‍රී !! (අ)
අමරදේවයාණෙනි, පළමුවෙන් චිරං ජයතු! (නි)
ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ද කාරේ..... ඔබයි සෞම්‍ය තරු එලිය ගිම්හාන කාලේ.....සිවු හෙලේ දයාබර පියාණනි... ඔබට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා! (දී)
ආයු බෝ වේවා! (ස)
සියක් අායු ලැබ, මගෙත් අායු ගෙන, මටත් වඩා කල්, ඔබ ජීවත් වේවා! (ස)
අමරදේව කලාකරුවාණෙනි, චිරං ජයතු ඔබතුමාට! (නි)
සසර වසන තුරු...නිවන් දකින තුරු...පින්කෙත හෙළ රන් දෙරණේ ඔබ අසලින් .. ඉපදෙන්නට හේතු වාසනා වේවා !!!! (නදී)
ඔබට තෙරුවන් සරණයි! (නි)
පෙර භවයකදී කරන ලද කිසියම් හෝ පුණ්‍යකර්මයක් නිසා මෙතුමා ජීවත්වන යුගයේ පින්වත් ලංකාද්වීපයේ උපදින්නත්, එවන් යුග පුරුෂයෙක් ඇසුරු කරන්නත් ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක්. අපව දුකෙන් මුදාලු ඒ පිනෙන්ම මෙතුමා නිරෝගීව අප අතර චිරාත් කාලයක් ජීවත් වේවා කියා ඉත සිතින් පවසමි. (නි)
ගීත අඹරේ දිදුලන අමරදේවයාණනි, මහා ගන්ධර්වයණනි. ඔබ තුමා දකිද්දී මට මගේ ආදරණීය පියානන් මතක් වෙනවා. එතුමා අප හැර ගිහින් දැන් මාස 7ක් වෙනවා. ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ මුළු හදින්ම ප්‍රර්ථනා කරමි. (නදී)
සිංහල සිනමාවට හෙල ගීතයට පණ දුන් ඔබට දිගාසිරි පතමි.. තෙරුවන් සරණයි (දිල්)
රට අඳුරු අගාධ වල පතුල් සිඹිද්දී ජාතියට පහන් ටැඹ වුයේ ඔබයි දැයේ මහා ගාන්ධර්වයාණනි! (නි)
ඔබ තුමාට දීර්ගයුෂ වේවා. තවත් අලුත් ගීත ලබා දීමත් ලොකුම පිනක්. ගොමරිටි මතු වුන කාලෙක ඔබ වගේ සිළුමිණක් අපට සදාකල් අගනේය (නදී)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබතුමාට දිගාසිරි ලැබේවා! (නි)
පන්ඩිත් අමරදේවයිනි. ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ! (නදී)
ඔබ දිගුකල් යෙහෙන් ජීවත්වේවා !!! (නි)
ඔබට අපේ ආශිර්වාදය! (නි)
නුඹේ කටින් ගී සීපද අසන්නට - තාමත් අපි එනවා පෙර පුරුද්දට... (නි)
එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා! (නි)