ත්‍රිකුණාමල විදුලිබල පාරේ සිවම් කෝවිලේ පිටත බිත්තියේ ඉදි කළ නිර්මාණ 13කට අලාභ හානි සිදු කර ඇතැයි කෝවිල් සභාව ත්‍රිකුණාමල පොලිසියට පැමිණිලි කර ඇත.
ත්‍රිකුණාමල විදුලිබල පාරේ සිවම් කෝවිලේ පිටත බිත්තියේ ඉදි කළ නිර්මාණ 13කට අලාභ හානි සිදු කර ඇතැයි කෝවිල් සභාව ත්‍රිකුණාමල පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්ගේ දහම අවුරුදු 2600 දක්වා පැමිනියේ කිසිදු බලයක් පෙන්වලා නොවේ. අද ඇති වී ඇති තත්ත්වය ඉතාමත් ශෝචනීය තත්වයක්. බුදු දහම වෙනුවෙන් කෙරෙන කවර කටයුත්තකදී ඒ සඳහා පෙනී සිටීමට රටේ උත්තරීතර සඟ සභාවක් තිබෙනවා. එසේ නම් අනෙකුත් සියලු නිල නොලත් බලකායන් අනවශ්‍යයි නේද? (නි)
මේවා කවුරු කලත් අනුමත කිරීම නම්, මහා බයානක දෙයක්. මේ හැමදෙයකටම හේතුව රටක නීතියක් නොමැති කමයි. මෙවැනි දෙයක් කරලා බලාපොරොත්තු වන්නේ කුමක්ද..? (නි)
කවුරු කලත් මහා කැත වැඩක්. (ස)
පිළිම වන්දනාව නිසා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු යන සෑම ආගමකටම ගැටළු ඇතිවෙනවා. ආදී කාලයේදී මෙන් නොව නුතන යුගයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඒවායේ පින්තුර ඉවක් බවක් නැතිව පලවෙන නිසා ආගම් කෙරෙහි ඇති ගරුත්වයද හීන වෙනවා. නිල නොලත් සේනා හා බලකා හැම ආගමෙන්ම හදාගත්තොත් ඔවුන් එම ආගමුත් විනාශ කරාවි. නුතන ආගමක් හැටියට නබි තුමා පිළිම වන්දනාව තහනම් කර ඇති නිසා ඉස්ලාම් ආගම මේ ප්‍රශ්නයෙන් මිදිලා. මගේ පෙර ප්‍රකාශයෙන් ආගමකට නිගාකර නැහැ. මා කියා ඇත්තේ බියකරු රූප ඇඹීමෙන් ශිවගේ ශක්තිය පිලිබඳ හුදී ජනයාට අවබෝධයක් ලබාදෙන බවයි. මන්ද බ්‍රහ්ම බිහිවීමටත්, විෂ්ණු පැවැත්මටත්, ඊශ්වර විනාශයටත් හේතුවන නිසා අනවබෝධයෙන් ක්‍රියාකර විනාශයට පත්වුවොත් කෝවිලට එන්නට කෙනෙක් ඉතුරු නොවන බවකුයි. 30 අවුරුදු යුද්ධයෙන් පසු කවුරු කවුරුත් විශ්වයේ විනාශකාරී බලවේගය පිලිබඳ මනා වැටහීමකින් සිටීම වැදගත්. (නි)
සේනාවට,රාවයට,රාවනාල හු තියනවා නම් ඇහුනේ නෑ.(අ)
දවසකට දෙකකට පෙර මොරටුවේ පල්ලියකට ගහල සුරිවම් කලා ගිනි තියන්න හැදුවා...එත් ගිනි ගත්තේ නෑ...කතෝලික අපේ විශ්වාසය හැටියට මෙහෙම කරපු අපි සමාව දෙනවා මොකද ජේසුට පුලුවන්නම් උන්වහන්සේව කුරුසේ තියලා මරපු අයට සමාව දෙන්න. අපිටත් පුළුවන් මේ කරපු අයට සමාව දෙන්න....අපිට කියන්න තියෙන්නේ . " ජෙසුනේ නොදැන කරපු දෙයක් නිසා ඔවුන්ට සමාවුව මැනවි කියලා. (ස)
චානක, ඔයාලා ඔහොම එක පාරට කියන්නෙ කොහොද මේක බුද්ධාගමේ කට්ටිය කරා කියලා. මේක වෙන කට්ටියක් කරා වෙන්න බැරිද? මේ පැත්තේ ඉන්න ඔක්කොම දෙමල කට්ටිය. ඉතින් එහෙම තැනකට අපේ කට්ටිය ගිහින් මේවා කුඩු කරයිද?(නදී)
නියම බෞද්ධයන් මෙහෙම දේවල් කරන්නේවත් අනුමත කරන්නේවත් නැහැ. එක්කෝ මේවා කරන්නේ අමන තකතීරු මිනිස්සු නැත්නම් කුමන්ත්‍රණ කාරයන්. කවුරු කළා වුනත් මේවා හෙළිදරව් කරලා ඒ අයට දඩුවම් දීම රජයේ වගකීම. එහෙම නොව්නොත් ආයෙත් මේ රට ආගාදයකට යන එක වලක්වන්න කාටවත් බැහැ. (නදී)
මේවා වෙන්නේ ඉන්දියානු නියෝජිතයෝ ලංකවට ආවාම. එතකොට කියන්න පුළුවන්නේ ලංකාවේ හින්දු මිනිස්සුන්ට ගහනවා, දේවාල කඩනවා කියලා. මේවා කරපු අය අල්ලලා පෙන්නන්න ඕනා. ඔය පිළිම කැඩුවා කියලා කාටවත් වැඩක් නැහැ.(නදී)
මේ පෙරනිමිති ඉතාම අඳුරු යුගයක් ගැන අපට ඉගිකරනවා. (නි)
ආයෙමත් රට මුලටම යනවා වගෙයි පෙනෙන්නේ. හැමතැනම ඒ ලකුණූ පේනවා (නි)
මොරටුවේ කතෝලික පල්ලියකටත් පසුගියදා මේ වගේ දෙයක් කරලා තිබුනා. 1915 දී බෞද්ධ පෙරහරකට මුස්ලිම් අය ලෙස ඇඳුම් ඇඳගත් කිහිප දෙනෙක් ගල් ගැහුවලු. ඊට පස්සේ මුස්ලිම් පල්ලියකටත් සිංහල අය පහර දුන්නලු. හැබැයි මේ දෙකම කට කතා කියලයි මගේ පියා ජීවත්ව ඉදිද්දී කිව්වේ. නමුත් ඒ නිසා සැබවින්ම දෙපාර්ශවය අතර රටේ බොහෝ ගැටුම් ඇති වුනා. මේ පිලිබඳ එදා සිංහල දෙමල මුස්ලිම් සැබෑ ජන නායකයින් කෙලින්ම බ්‍රිතාන්‍ය පාලනයට චෝදනා කළා. මේ අද අපි දකින්නෙත් එයම නොවේද? මේ පිටිපස සිටිනෙත් දුෂ්ට විදේශ බලවේග බව පෙනෙන්නට තිබේ. (නි)
නීල් රානා මේ භය හිතෙන රූප වැඩිහරියක්ම වදින්න යන්නේ ඔයාලගේ කට්ටිය තමයි.(නදී)
ඕක අනිවාර්යයෙන්ම යම් අන්තවාදී කොටසකගේ වැඩක් (නි)
මෙවා විදෙස් ඔත්තු සේවයක වැඩ.(නදී)
මොකද්ද ඒ පාර වන්න යන්නේ
මේයා ජාතික සමගියට බාධාවක්. කිසිම සිද්ධස්ථානයකට අගෞරව කරන්න එපා (නි)
ඉදිරියේදී රට තුල භයානක අන්තවාදී රෑල්ලක් ඈති වෙනවා. ආගමික සිද්ධස්ථාන වලට පහර දෙන එක හෙලා දකින්න තරම් පිට කොන්දක් තියන දේශපාලකයන් රටේ නොසිටීම අභාග්‍යයක්.(නදී)
ඇයි කැඩුවේ. එහෙම නම් පන්සල්වල තියෙන දේව රුප පළමුව කඩන්න එපායැ.(නදී)
මෙවන් අපරාධ බහුල කාලයක දෙව්වරුත් මෙවැනි දේවල් ගණන් නොගන්නා එක පුදුමයක්ද? එහෙන් සීනිගම දේවාලේ මංකොල්ල කෑවා. පල්ලියක සුරුවම් කැඩුවා. මෙහෙන් සිවම් කෝවිල.... හාස්කමින් සොරුන් ලේ වමනේ දමාගෙන එතනම මිය යන්න ඕනෑ හරි විදියට නම්. ඒත් තවම වෙච්ච දෙයක් නැහැනේ (නි)
වැඩක් නැහැ කතා කියලා ඔය වගේ වැඩ කරන්නේ මානසික ලෙඩ්ඩු.(නදී)
ආගමික ස්ථාන කඩා දමන එක ජාතික අපරාධයක්. වහම කල එවුන් අත් අඩංගුවට ගත යුතුයි.(නදී)
කුමන ආගමක හෝ විශ්වාසයක් ගැන වාද විවාද කලත්, කිසිම ආගමකට හෝ ජාතියකට ගරහන්නේ නූගත් පණ්ඩිතයන්.
මෙයත් ජාති වාදී සහ ආගම් විරෝදී කාරයන්ගේ පහත් නින්දිත ක්‍රියාවක්ද දන්නේ නැහැ.(නදී)
කෝවිල් සහ බොහෝ පුජනිය ස්ථාන වලින් දෙවියන් පැන ගොස් තිබේ . හේතුව මේවා මුවාවෙන් කරන අසම්මත ක්‍රියා සහ නොහොබිනාකම් නිසා යැයි මට සිතේ. ශිවගේ බලය අබිබවා මිනිස් අමනුස්ස බලය පැතිර ඇත (නි)
මොනවා වුනත් පූජනීය ස්ථාන වලට හානි කරන එකනම් මෙලොවදීම පලදෙනවා. (නි)
නීල්-රනා, අන්‍ය ආගම් වලට ගරහන්න එපා.(නදී)
නීල්, කෝව්ලට මිනිස්සු එන්නේ භය පක්ෂපාතිත්වයට කියලා ඔයාට කව්ද කිව්වේ.(නදී)
අපරාදේ ! බය හිතෙන රූප ටික හරියට අඹාගන්න බැරි වුනොත් කෝවිලට මිනිසුන්ගේ භය පක්ෂපාතකම රැකගන්නේ කොහොමද? ශිවගේ බලය හැබෑවට අත්දුටුවහම කෝවිලට එන්න කෙනෙක් ඉතුරුවෙන්නේ නැහැනේ.(නදී)