IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සේවයට නොපැමිණෙ රියදුරන් හා නියාමකවරුන්ගේ කොන්ත්‍රාත් අවලංගු කෙරෙයි

කොන්ත්‍රාත් පදනම මත සිටින සියලුම දුම්රිය රියදුරන් හා නියාමකවරුන් අද (5) සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන් හා නියාමකවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය ගමනාගමන අධිකාරි  විජය සමරසිංහ මහතා පවසයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරිම ඇතුළු ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති රැසකගේ සභාගීත්වයෙන්  පැවැත්වෙන වැඩවර්ජනයට දුම්රිය රියදුරන් හා  නියාමකවරුන් ද සහය පළ කර තිබේ.

උපරිම අයුරින් දුම්රිය ධාවනය කිරිමට කටයුතු කරන බව සමරසිංහ මහතා පවසයි.



අදහස් (16)

සේවයට නොපැමිණෙ රියදුරන් හා නියාමකවරුන්ගේ කොන්ත්‍රාත් අවලංගු කෙරෙයි

සෙන්දේ Friday, 05 May 2017 05:05 AM

ඔහොම කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා නම් මහජනතාවත් සහයෝගය දෙයි මේ ආණ්ඩුවට...

:       2       156

lanka Friday, 05 May 2017 05:13 AM

මෙය නම් ඉතාම හොද තීරණයක්.

:       2       12

පඹ-පාලනය-ඉවතට Friday, 05 May 2017 05:18 AM

රජය වහාම සයිටම් ගැන රජයේ - 51% සහ පුද්ගලික - 49% (කොටස් වෙළෙඳ පොළ ) ගැන පැහැදිලි කරන්න. වහාම රටේ විනය දැඩි කරන්න. 81 වැඩ වර්ජනයට දුන් පිළිතුර නව පරපුර නොදනී. සිර කරුවන්ට සමාව දී ඉඩ ලබා ගන්න. තාවකාලිකව වර්ජනය කරන සංගම් නායකයන්ට නිසි නීතිමය පියවර ගන්න...

:       0       77

upali Friday, 05 May 2017 05:21 AM

අනේ මෙහෙමත් රටක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දුම්රිය රියදුරෝ සහ නියාමකවරු වර්ජනය කරනවා. මේ ගොල්ලො හිතනවද දන්නෙ නෑ, සයිටම් එකෙන් පිටවන වෛද්‍යවරු කෝච්චි එළවන්න එයි කියලා...

:       0       58

වෙසක් සමය Friday, 05 May 2017 05:32 AM

බොදු දර්ශනය යනු මස් නොකන්න. වැඩවර්ජනය කර හිරිහැර නොකරන්න. මිනිසුන්ට වද නොදෙන්න කියා කියලාදෙන දහමක්... නමුත් රජය නිදි. බොදු ආගමික නායකයින් නිදි. වැඩවර්ජනය වෙසක් සමයට සහ බොදු දර්ශනයට මෙය අපහාසයක් නොවේද ?

:       21       33

ගිහාන් ප්‍රනාන්දුFriday, 05 May 2017 04:04 PM

මොන පිටකයේ මොන සූත්‍රයේද බුදුදහමේ වැඩ වර්ජන කරන්න එපා කිව්වේ.... ඔහේ බුදු දහම ඉගෙනගත්තෙ කොහෙන්ද? වර්ජනේ සාධාරණ අසාධාරණ බව පෙන්වන්න අබ ඇටේක තරම්වත් බුද්ධිමත් කතාවක් කියන්න.

:       0       16

gamini Friday, 05 May 2017 05:33 AM

ලෙඩුන්ට ද්‍රෝහී වන අයට දිය යුත්තේ සෞදි දඬුවම්....

:       0       70

සරණ Friday, 05 May 2017 06:06 AM

හොඳයි සතුටුයි!. මේ අයට ඕන රට පෙරළිය ...මොන බොරු සයිටම්ද?

:       44       122

duminda Friday, 05 May 2017 06:34 AM

මේ අයට නම් මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති...

:       32       63

palitha Friday, 05 May 2017 06:45 AM

හොඳ තීරණයක් නැතිනම් මේක දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. මීට වඩා දැඩි පියවරක් ගන්න තවත් වටිනවා. දොස්තරලා වර්ජනය කරලා චැනල් සෙන්ටර් වල වැඩ. අහිංසක රෝගීන් රෝහල් පෝලිම් වල දුක් විඳිනවා.

:       14       210

ප්‍රීතිලාල් Friday, 05 May 2017 07:20 AM

මේ අයගෙන් පටන් ගන්න ගෙදරම යවන්න... නැත්නම් මොන ආණ්ඩුව ආවත් රට දියුණු කරන්න මේ වෘත්තීය සමිති කාරයෝ ඉඩ දෙන්නැ. සැබැයි සාධාරණ ඉල්ලීම් වලට වෘත්තිය සමිති වලට වැඩ වර්ජන කරන්න ඉඩ දෙන්න.

:       1       74

රාජුන් Friday, 05 May 2017 07:42 AM

එතකොට දොස්තර වරුන්ගේ කොන්ත්‍රාත්තු?

:       11       76

arschfikaa Friday, 05 May 2017 08:45 AM

කොහේදෝ යන පිරිසක් වැඩට ගත්තහම හරිද?

:       0       0

වීර Friday, 05 May 2017 09:04 AM

දුම්රිය සේවය දියුණු කරන්න පවත්වාගෙන යන්න කරුණාකරලා විදේශීය රටක සමාගමකට බාරදෙන්න. මහජනතාව දුක්විඳිනවා මේ විහිළුකාරයෝ කරන වැඩවලින්. දහඩිය නාගෙන දුම්රියේ යන මගින් වෙනුවෙන් ෆෑන් එකක් දාන්න. හොඳටම තෙරපිලා යන මිනිස්සු වෙනුවෙන් දුම්රිය මැදිරි වැඩි කරන්න. ඔන්න ඕව මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.

:       0       15

Dlpdilshan Friday, 05 May 2017 01:51 PM

අතීසාරේට අඹුඩ ගහල වැඩක් නෑනේ .. ප්‍රශ්නෙට නියම විසඳුමක් දුන්නනම් ඉවරයි.

:       2       0

lalith Saturday, 06 May 2017 12:17 AM

ඔය වර්ජනය කරන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ බඳවගත්තු අයනේ. මින් පස්සේ රජයේ කොන්ත්‍රාත් කරුවෙකු වැඩ වර්ජනය කරලා සේවය අහිමි වුනොත් කොන්ත්‍රාත් කාලය නිමවෙන තුරු පඩිය අත් හිටෙව්ව නම් අයෙත් වර්ජනවලට සහභාගී වෙන්නේ කොන්ත්‍රාත්තුව ඉවරවෙන මාසේ විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 514 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 110 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 264 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 307 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 382 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 680 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 915 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site