ලෙල්ලොපිටිය පතුල්පාන සමාධි අසපුව මාවත අංක 10/5 ලිපිනයේ පදිංචි දමිදු තත්සර ජයවර්ධන (13) දරුවාට දරුණු අස්ථි ආබාධයක් වැළඳී ඇති අතර දරුවා සුව කරගැනීමට ජූලි 20 දාට පෙර අස්ථි සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු පවසති.
දමිදු රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ 8 ඊ ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුවෙකි.
ඔහුගේ උකුල් ඇටය ආසන්නයේ හටගත් ගෙඩියක් මීට පෙර කොළඹ ලංකා රෝහලේ දී ඉවත්කළ අතර ඒ ආශ්‍රීතව අස්ථි කොටස ද ඉවත් කොට අස්ථියක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.
එම සැත්කම කිරීමට ලංකාවේ රෝහල්වල පහසුකම් නොමැති අතර සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදි ලක්ෂ 90ක් පමණ වැය වන බවත් වෛද්‍යවරු සදහන් කරති.
දමිදුගේ මව වන මල්කාන්ති ගුරුවරියක ලෙස සේවය නරන අතර පියාට ස්ථීර රැකියාවක් නැත. ඔහුගේ වැඩිමල් සොහොයුරියෝ දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබති.
රුපියල් ලක්ෂ 90 ක් වැනි මුදලක් සොයා ගැනීමට ඔවුනට වත්කමක් නැත. පරිත්‍යාගශීලින්ගේ ආධාර අපේක්ෂාවෙන් ඩබ්ලිව්.ඒ.මල්කාන්ති හේමචන්ද්‍ර නමින් ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ ගිණුමක් අරඹා ඇත.1035215 ගිණුම් අංකයයි.වැඩිදුර තොරතුරු 071-8125205 දුරකථන අංකයෙන් දැනගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න සුපිරි ව්‍යාපාරිකයන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලමුද, 20 දෙනෙක් විතර ලක්ෂෙ ගානේ දුන්නනම් සෑහෙන පිනක් (අ)
ලක්ෂ ගණන් පෙරහර වලට, ලොකු උත්සවවලට වියදම් කරන පින්වතුන්ට ඉතා වටිනා පින්කමක් කරන්න අවස්තාව..! ඒ සඳහා ඥානය, ශ්‍රද්ධාව පහල වේවා ! (අ)
පුතාට සහනයක් සැලසෙන්නට දෙවියන් යදිනවා (අ)
හැමෝගෙම උදවු උපකාරය මේ වගේ දරුවෙක් බේරගන්න දෙන්න.නිවන් දකින්න පින් ලැබෙනවා උදවු කරන අයට, සුවපත් වේවා කියල පතනවා.මාත් සල්ලි දානවා එකට.හැකි හැම අයටම කියන්න මේ වගේ දේවල්. (අ)
අපි හැකි පමණින් මේ පුංචි පුතාව බේරාගන්න උදවු කරමු. මම දකින විදිහට වෙනත් රටවල් වලට වඩා ඉතා සංවේදී මනුෂයන් අපේ රටේ ඉන්නවා. අම්මේ තාත්තේ,ලෝකය පුරා විසිරී සිටින ඒ උතුම් අය ඔබේ පුංචි පුතා වෙනුවෙන් මේ උපකාරය කරනවා නිසැකයි. තෙරුවන් සරණින් මේ පුංචි පුතා ඉක්මනින් සුවපත් වේවා!මෙවැනි අවැසි දේ කෙරෙහි කාරුණික අයගේ අවධානය යොමුකරවීම පිළිබඳව ලංකාදීපයට පින් සිදුවේවා! (නදී)
මේ දරුවට උදව්වක් කලානම් පිනක් නේද?(නදී)
බලාපොරොත්තුවෙන් පිරුනු දෑසක්, 1000 ඒවා 10000ක් එච්චර ලොකු දෙයක් නෙවෙයි.මියගිය දෙමව්පියන්ට පින් පිණිස,ඡීවත් වෙන දරුවන්ට පින් පිණිස මේ ආධාරය කරන්න.මමත් 1000ක් දානවා.තව 9999යි. (නි)
මේ දරුවට අපි හැමෝම උදවු කරමු. ෆේස් බුක් එකේ දාමු (නි)
ලක්ෂ ගණන් සල්ලි අහක දාන රටක මේ වගේ දෙයකට අප උදවු කරන්න ඕනෑ ගොඩක්.මේ ආත්මේ වැඩි වැඩියෙන් පින් කරගමු (නි)
තමන්ගේ යුතුකම් තමන් කලානම් තමා හොද.(නදී)
අපේ ඇමති මණ්ඩලයේ එක්කෙනෙකුට පුළුවන් මේ සල්ලි තනියෙන් ගෙවන්න. කොහොම වුනත් ඉතින් ඒවා හීන තමයි! එතුමන්ලා පුලුවන්නම් තමන්ගේ ගිණුම් තරකර ගනී. මමත් හැකි පමණින් සහය වෙනවා. (නි)
එසැන අපේ පාඨකයින් වන ඔබ හැම අපි , මේ දරුවට උදව් කරමු. මම විදේශයක ඉන්නේ, මම මේ දරුවට 10,000 ක් පරිත්‍යාග කරනවා. අනේ ඔබ සැම රුපියල් 1000 න් හෝ උදව්වක් කරන්න. මේ දරුවට කරන ආධාරයේ පිනෙන් අපේ පවුල් වල කිසිම දරුපැටියෙක්ට මෙවන් දෙයක් නොමවේවා! අපි හැමෝම මනුෂයන් ලෙස මේ උදව්ව කරමු. දෙවියනි මේ මුදල ඔවුන්ට හැකි ඉක්මනින් සොයා ගන්න හැකිවේවා! (නි)
මමත් ආධාරයක් කරනවා මට පුළුවන් විදිහට. ලංකාවේ දරුවෝ ලෙඩ දුක් වලින් විතරක් නොවෙයි පීඩා විඳින්නේ. කිරි බොන දරුවාගේ සිට සෑම දරුවෙකුම වසන්නේ ඉතා අන්තරාදායක පරිසරයක. සෑම දිනකම අසන්නට ලැබෙන්නේ අසාධාරණයට අපයෝජනයට ලක්වූ දරුවන් ගැන. ඒවා ගැනත් සිතීමට පිනට කැමති මිනිසුන්ගේ ඇස් ඇරේවා!. එරෙහි වීමට ශක්තිය ලැබේවා! ළමුන් රටේ අනාගතය බව වැටහේවා! අප නිහඬව සිටින තාක් අපේ දරුවන් අසාධාරණයට අපයෝජනයට ලක් වෙනු නිසැකයි. (නි)
මේ දරුවට අපි හැමෝම උදවු කරමු.මේ පුතාට 3,000 ක් පරිත්‍යාග කරනවා. මේ පිනිනෙන් කිසම කෙනෙකුට මෙවන් දෙයක් සිදුනොවේව. (අ)
අනේ මේ විස්තරේ මන් දැක්කේ පහු වෙලා මටත් හැකි උදව්වක් මමත් කරනවා මේ පුංචි පුතාට මෙම මුදල ඉතා ඉක්මනින් ලැබෙන්න කියල පතනවා (අ)