IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ස්විස් ඇමැතිට විග්නේෂ්වරන් ගතු කියයි

සිවිල් පරිපාලනයක් උතුරේ ක්‍රියාත්මක බවට රජය ප්‍රකාශ කළත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ රඳවා තැබීමෙන් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජනජීවිතයට බාධාවක් වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කියා සිටියේය.

ස්විස්ටර්ලන්තයේ නීතිය හා පොලිස් කටයුතු පිළිබද ඇමතිනී සිමෝනිටා සොමාරුහා යාපනයට පැමිණ මහ ඇමැති කාර්යාලයේදී විග්නේෂ්වරන් හමු වී පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව කීවේය.

යුද හමුදාවේ විශාල පිරිසක් උතුරේ රැඳී සිටීම නිසා මේ වසරේ ගත වූ කාලයේ සාමාන්‍ය වැසියන් අනවශ්‍ය වධ බන්ධන වලට ලක්වීමේ සිද්ධි දාහතක් වාර්තා වූ බව ඔහු මාධ්‍ය සමග කීවේය.

‘එමෙන්ම යුද්ධය පැවති වසර තිහක කාලයේම දෙමළ වැසියන්ට යුද හමුදාව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නොව කතා කිරීමටවත් ඉඩ නොදුන් බව ඔහු කීවේය.

‘හමුදාව උතුරේ රැදී සිටිමින් මහජනතාව සතු ඉඩම් කොල්ල කන බවත් රජය එය නතර කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසුවද උතුරේ ඉඩම් අක්කර 4500 ක් පමණ අලුතින් අත්පත් කරගෙන ඇති බව ද මහ ඇමැති කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජනතාව රජයට පූර්ණ සහය පලකරන නමුත් රජය දෙමළ ජනතාවට වූ පොරොන්දු ඉටු නොකරන බවත් ඊට උදාහරණ වශයෙන් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම ඇතුළු කරුණු කීපයක්ම ස්විස්ටර්ලන්ත අමාත්‍යවරියට ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම එම ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය පිණිස තමන් යාපනයේදී දෙමළ ජනතාව සමග විරෝධතාවයට එක් වූවේ බෞද්ධ ආගමකට එරෙහිව හෝ සිංහල ජනතාවට එරෙහිව හෝ නොවන බවත් දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පමණක් බව ද මහ ඇමතිවරයා කියා සිටියේය.

උතුරේ මෙම සැබෑ තත්ත්වය ජාත්‍යන්තරය හමුවට ගෙනගොස් රජයට යම් බලපෑමක් කොට උතුරේ ජනතාවට සහනයක් සලසා දෙන ලෙස ඔහු ස්විස්ටර්ලන්ත ඇමැතිනියට කීවේය.

හමුදාව කිසිවිටකත් උතුරේ ජනතාවගේ ඉඩම් කොල්ලකා නැති බවත් හමුදා කඳවුරු ඉදිකළ ඉඩම්වලින් දැනටමත් විශාල ප්‍රමාණයක් මහජනතාවට බාරදී ඇති බවත් යුද හමුදාව පවසයි.

හමුදාව හා දෙමළ ජනයා අතර ඉතා හොඳ සුහදතාවයක් පවතින බවත් හමුදා ආරංචි කියයි.

01 03 04



අදහස් (0)

ස්විස් ඇමැතිට විග්නේෂ්වරන් ගතු කියයි

විමුක්ති Tuesday, 04 October 2016 05:45 AM

ඔබ තුමාගේ ගතු අහන්න කවුරුත් දැන් නෑ.(හේ)

:       0       0

නිලාන් Tuesday, 04 October 2016 05:48 AM

වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

සේරගේ Tuesday, 04 October 2016 07:09 AM

මට පෙනෙන්නේ වාසු මස්සිනා තමයි ඔවැනි බේගල් කියන්න කියල දීල තියෙන්නේ. (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 04 October 2016 07:25 AM

මෙයා අද උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? නැතිනම් දකුණේ පරාජිත දේශපාලකයන් නැවත ගොඩ ගැනීම වෙනුවෙන්ද? අද අපට ඇති ගැටළුව එයයි.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව මෙහි හඬ නැඟූ මහින්දවාදීන් ( තමන් පමණක් දේශප්‍රේමින් කියා සිතන) අද කොතැනද? බල කෑදරකම වෙනුවෙන් ගොඩනැඟුණ දේශප්‍රේමය සහ ජාතිප්‍රේමය කොහේ නවතීද? (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 04 October 2016 09:53 AM

හිටපු විනිසුරුවරයෙක්ගේ ඉල්ලීම් කොතරම් සාධාරණද යන්න තේරුම් ගත නොහැකිය. තමන්ගේ ඉල්ලීම් සාධාරණය වීමට නම් නැවත උතුරේ ත්‍රස්තවාදය ඇති නොවන බවට මෙතුමාට සහතික විය හැකිද? ජාතියක් වශයෙන් නොව සියලුම පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිද? (බ)

:       0       0

සජී Tuesday, 04 October 2016 09:55 AM

රට පැහැදිලිව අනතුරක ඇති විටකදිවත් රට ගැන නොහිතා අනුන් පිට වරද පටවන මිනිසුන් සිටින අවාසනාවන්ත රටක් මේක (බ) 

:       0       0

හෆීල් Tuesday, 04 October 2016 10:17 AM

ඔන්න මෙතනත් මේ විග්නේශ්වරන් මහා ලොකු බොරුවක්නේ කියන්නේ. (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 04 October 2016 11:12 AM

විග්නේශ්වරම් ගේ බලවත් විශ්වාසයක් තියෙනවා, ශ්‍රී ලංකාවේ ජනතාවට ගිල්ලවන්න හැදු අමිහිරි, තිත්ත කතාව ස්විස්ටර්ලන්ත ඇමැතිනියටත් ගිල්ලවන්න ඕව හරි යන වැඩ නොවෙයි ඔය ප්‍රෝඩා විදේශිකයන් අහන්නේ, ඒවායේ තියෙන තාරබර එහෙම අඩු කරලා බව සිහියේ තබා ගන්න .... (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 214 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1086 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2315 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1364 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1605 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1781 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site