IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිසු නයුවන් අටකට මාස 6 ක් පන්ති නෑ

රජරට සරසවියේ ව්‍යවහාරික, සමාජ විද්‍යා ,මානව ශාස්ත්‍ර හා  කළමණාකරණ  පිඨයන්හි ශිෂ්‍ය නායකයන් හය දෙනකුගේද මහා ශිෂ්‍ය සංගමේ නායකයන් දෙදෙනකුගේ ද පන්ති  සතියකට පමණ පෙර තහනම් කළ බව සිසුවෝ කියති. පන්ති තහනම මාස හයක්  බව  තම මව් පියනට දන්වා ඇතැයි ඔවුහු පවසති.

 මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්  ගැනීමේ වැඩපිළිවෙළක් සිසුහු අද (14) ඇරැඹුහ.

පසුගිය ජුනී 20 වැනිදා  සරසවියේ පැවති සංස්කෘතික සංදර්ශනයක් කඩාකප්පල් කළැයි නඟා ඇති චෝදනාව ශිෂ්‍ය නායකයෝ ප්‍රතික්ෂේප කරති.

 මෙම පන්ති තහනම ගැන විමසීමට උප කුලපති හෝ සරසවියේ වෙනත් බලධරයෙකු  සම්බන්ධ කැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

සිසු නයුවන් අටකට මාස 6 ක් පන්ති නෑ

දිලාන් Thursday, 15 August 2013 11:18 AM

සරසවි ගියේ නැති අය මේවට අදහස් පළ කරන්න එපා .. බලධාරින්ගේ හැටි අපි හොඳට දන්නවා (ස)

:       0       0

කුමාර Wednesday, 14 August 2013 09:00 PM

බන්දුල පෙරෙරා දැන් නමේ කෑල්ලක් හලලා (අ)

:       0       0

හසිත Thursday, 15 August 2013 07:48 PM

ඒ ශිෂයෝ නොකරපු වරදකට දඬුවම් දීපු පරිපාලනය ආපහු විශ්ව විද්‍යාලයට යවන්න ඕනා.(නදී)

:       0       0

දසුන් Thursday, 15 August 2013 07:54 PM

සරසවිය තුල වරදක් වෙනවා දැක දැක එව්වට කටපියන් නොහිටපු මේ ශිෂ්‍යන් අට දෙනාගේ පන්ති තහනම ඉවත් කල යුතුයි.(නදී)

:       0       0

රූබට් වැන්ඩකොන් Wednesday, 14 August 2013 11:30 PM

ඉගෙන ගන්නේ නැතුව පිස්සු නටන එවුන්ගේ පවුල්වල කෙනෙක්වත් සරසවි වලට ගන්න එක නැති කරන්ඩ නීති ගෙන්ද ඕනේ. (අ)

:       0       0

අමිල Thursday, 15 August 2013 09:48 PM

කඩාකප්පල් කළා කිවුවේ? අනේ මන්දා! (නි)

:       0       0

බන්දුල Wednesday, 14 August 2013 02:38 PM

නියමිත වසරේදී නියමිත විභාග සමත් නොවී නියමිත කාලයට වඩා සරසවියේ රැදී ඉන්න සියලුම සිසුන්ගෙන් අතිරේකව එම සිසුවා වෙනුවෙන් රජයෙන් වියදම් වන මුදල ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් අය කර ගැනීමේ ක්‍රම වේදයක් හැදුවනම් කට්ටිය පිස්සු නටන එක අවුරද්දකින් දෙකකින් නැතිම වෙලා යාවි .. (ස)

:       0       0

උපාලි Thursday, 15 August 2013 04:03 AM

බන්දුල පෙරේරා, කුමාර කියන කතාව ඇත්තද? ඒ ඔබමද? බය වුණාවත්ද? කොහොමත් ඔබේ නමින් වෙන අය අදහස් දාන බව ඒවායේ නොගැලපෙන ස්වරුපයෙන් අඳුනගන්න පුළුවන්. කොහොම වුනත් මෙතන බන්දුල නමින් තිබෙන අදහසේ "නියමිත වසරේදී නියමිත විභාග සමත් නොවී" කියන ටික කපල "පිස්සු නටමින්" කියල ආදේශ කලොත් මමත් ඔබේ අදහසට එකඟයි. (නදී)

:       0       0

තෙෂාන් Wednesday, 14 August 2013 03:48 PM

පන්ති තහනම් නෙමෙයි, වහාම සරසවියෙන් ඉවත්කරන ඕන, ඒ විතරක් නෙමෙයි ආපහු කිසිම සරසවියකට යන්න තහනම් කරන්න ඕන. (ස)

:       0       0

අමිල Wednesday, 14 August 2013 04:47 PM

දැඩි කොන්දේසි මත නැවත ගන්න.(ස)

:       0       0

දර්ශන Wednesday, 14 August 2013 04:50 PM

බලධාරිනි කොන්දේසි පිට හෝ තහනම ඉවත් කරන්න,අවුරුද්දක පාඩුව සිසුවෙකුට විශාල පාඩුවක්. (ස)

:       0       0

ධම්ම Wednesday, 14 August 2013 04:53 PM

බන්දුල, එහෙම උනානම් අපේ තාත්තට වහ බොන්න තමයි වෙන්නේ මං විභාග ෆේල් වුණ විදියට. මම පිස්සු නැටුවෙත් නැහැ. (ස)

:       0       0

ටෙෂාන් Wednesday, 14 August 2013 06:17 PM

මේගොල්ලෝ මේ විනාශ කරන්නේ තවත් කෙනෙක්ගේ වටිනා කාලයක්, (නි)

:       0       0

තුවංගි Thursday, 15 August 2013 10:21 AM

සමහරුන්ට කැම්පස් ගියාම අං එනවනේ.. ඔහොම පිස්සුවෙන් වගේ හිටපු අය අපේ කැම්පස් එකෙත් හිටියා, ඒත් ඔය ළමයිගෙ ගෙවල්වල අය පව්, සමහරු මහපොළ අරන් ගෙවල්වලටත් යවන ළමයි ඉන්නෙ. එක්කෙනෙක් දෙන්නෙක් වැඩ හින්ද කැම්පස් වැහුවොත් ගොඩක් අය අසරණ වෙනවා. සමාව දීම තමයි කාලෝචිත. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3172 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2294 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3157 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3048 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1352 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36077 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site