පදවිය මහසෙන් විද්‍යාලයයේ පැවති ශිෂ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වු සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් සිව් දෙනකු තුවාල ලබා පදවිය රෝහලට ඇතුළු කළ බව පදවිය පොලිසිය කියයි.
සම්මන්ත්‍රණයේදී සිසුන්ට වාඩි වීම සදහා සකසා තිබු පුටු ප්‍රමාණවත් නොවීම නිසා ඇති වු බහින් බස් ගැටුමට හේතුව වී ඇතැයි පොලීසිය සදහන් කරයි.
එක් සිසුවකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් තමා අනාගතේ අපේ රට පාලනය කරන්නේ. ඒ සඳහා පුහුණුවක් ඔය කාරණය. (නි)
බෝතල් කඩලා අනින්න පුළුවන් තරම් ළමයි ඔය වයසේ ඉන්න බව අර රතුපස්වල මිය ගිය අය අහිංසකයෝ කරන්න හදන අයට පෙන්නලා දීපු එකනම් හොදයි.. (නි)
කතෝලික පූජකතුමන්ලාට නීති රීති තියන නිසා අද කාලේ කතෝලික පාසල් වල ඉතා හොද විනයක් තිබෙනවා. ඒවායේ මෙහෙම ප්‍රශ්න නැහැ (නි)
මේ ශිෂ්‍ය සම්මන්ත්‍රණ තියනකොට විදුහල්පති ආදී ශිෂ්‍යයෝ ගුරුවරු නැතුවද තියන්නේ මෙන්න බෞද්ද පාසල්වල විනය ගන්න දෙයක් නැ (දී)
ඉගෙනගන්න කාලේ වෙන කටයුතු කරනකොට ඔය වගේ දේවල් වෙනවා තමයි (නි)
අනාගත දරු පරපුර ගැන මේකෙන්ම බලාගන්න පුළුවන් (නි)
අපි හැමදාම පත්තර බලන කොට, ටීවී බලන කොට, ප්‍රධාන පුවත් වල ඉන්න අයව තමයි මේ ළමයින් ආදර්ශයට අරගෙන තිබෙන්නේ.(ස)
පදවිය මහසෙන් විද්‍යාලයයේ පැවති ශිෂ්‍ය සම්මන්ත්‍රණය ගැටුමකින් නිමාවූ වගයි, එක් සිසුවකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. බොහෝම ලස්සනයි අනාගත පරපුර.(ස)
බැදීම් වැඩි වන තරමට ආශාවන් වැඩිය ,ආශාවන් වැඩි වන තරමට තණ්හාවන් වැඩිය ,තණ්හාවන් වැඩි වන තරමට මිනිසාගේ ආධ්‍යත්මය බිදී යනු ඇත (නි)
දැන් හැදෙන ළමයි ගැන කියන දෙයක් නැහැ. පාරේයන්න වත් දන්නෙ නැහැ. හැසිරෙන්න දන්නේ නැහැ (නි)
උත්තරීතර පාරිලිමෙන්තුවෙත් තත්ත්වයත් ඕකමනේ , ඉතින් ඉස්කෝල ගැන මොන කතාද ? (නි)
වැඩිහිටියන් සිටියේ නැද්ද? මුලදීම සමතයට පත්කරන්න. අනාගතයීදී ලොකු ප්‍රශ්න විසදන්නේ මිනි මරලා වෙන්න පුළුවන් මෙහෙම ගියොත් (නි)
විනය අන්තිමට පිරිහිලා ....... බල්ලෝ බළල්ලු වගේ. ටීචර්ලා වහල උඩ නගිනවා , සර්ලා ළමයින්ව දූෂණය කරනවා , විදුහල්පතිවරු පගා ගහනවා , ඇමතිලා පිස්සු නටනවා, මෙහෙව් රටේ කොල්ලෝ ගහගත්තේ නැත්නම් තමයි පුදුම (නි)
මේක තමා කියන්නේ රටේම විනය පිරිහිලා. නිවැරදි දැක්මක් නැතුව රටක් ඉදිරියට යද්දී මෙහෙම තමා.කොච්චර කිවුවත් වැඩක් නැහැ. (නි)
පොඩි කාලේ ඉඳලම පුරුදු වෙනවා. (නි)
ඕවා මොනවද අනේ! උත්තරීතර පාර්ලිමේන්තුවෙත් මැති ඇමතිවරු ගහගන්නෙ. ඉතින් ඒ ආදර්ශය මේ ළමයිටත් ඇතිනේ. (නි)
මේවා දැන් පාසල් වල බෝවන රෝගයක් වගේ වෙලා (නි)
ඉතාමත් හොඳ ළමයි. පොඩි කාලෙ ඉඳලම මෙහෙම හැදිලා ලොකු වෙලා අපේ රට කන්නකෝ (නි)
මේ අපගේ අනාගත පරම්පරාවද ? (නි)
පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ඕකමනේ. එහෙම නොවුනා නම් තමා ප්‍රශ්නය. (නි)
විභාග අස්සේ මොන සම්මන්ත්‍රණද? (නි)