IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


’’සිසු සැරිය’’ සැරි සරන තැන් වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

ජාතික ගමනාගමන කොමිෂන්  සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සිසු සැරිය සේවා ව්‍යාපෘතිය පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පාසල් දරුවන්ට මානසික හෝ ශාරීරික අපහසුතාවකින් තොරව නියමිත ‌වේලාවට පාසල් වෙත පැමිණීමටත්, අධ්‍යාපන කටයුතු නිමා කොට ආරක්ෂිතව නිවෙස් කරා යාමටත් හැකි වන පරිදි සහන ගාස්තු ක්‍රමයක් යටතේ වඩා විශ්වසනීය බස් රථ සේවාවක් සැපයීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් 2005 වර්ෂයේ සිට සිසු සැරිය ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. 

එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ මඟින් සිසුන් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබේ. 

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිසු සැරිය බස් රථ සේවාවන් 1,537ක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, දිනකට පාසල් ළමුන් ලක්ෂයකට පමණ එමඟින් ප්‍රවාහන පහසුකම් සැපයේ. 

2024 වර්ෂයේ  නව සිසු සැරිය සේවා 500ක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 202ක ප්‍රතිපාදන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් උපයාගනු ලබන අරමුදලින් වෙන් කර ගැනීම පිණිස ප්‍රවාහන හා මහා මාර්ග  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (0)

’’සිසු සැරිය’’ සැරි සරන තැන් වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2517 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1669 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2416 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3321 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site