1997 පෙබරවාරි 11 වැනි දා කුරුවිට දී හිටපු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ඇමැති ඩිලාන් පෙරේරාගේ රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පිරිසකට බරපතල තුවාල සිදුකිරීම, අයුතු ජනරාශිය ඇතුළු චෝදනා එල්ලවී සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා අද නියෝග කළේය.
මහේස්ත්‍රාත් අධිකරණයේ වසර ගණනාවක් ලඝු නොවන නඩු විභාගය පැවැති අතර නීතිපති විසින් සුසන්ත පුංචි නිලමේ , හිටපු නියෝජ්‍ය ඇමැති මහින්ද රත්නතිලක ඇතුළු පස් දෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවැරිණි.
නඩු විභාගය අතරතුර මහින්ද රත්නතිලක මිය ගියේය.
හත්මාසයක පමණ කාලයක දී පැමිණිල්ලේ සාක්කි අවසන් කැරිණි.
පැමිණිල්ල මගින් විත්තිකරුවනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොකළ හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය විත්තිය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තියේ නීතීඥවරු ඉල්ලා සිටියහ.
ඒ අනුව දෙවැනි, තුන්වැනි හා සිව්වැනි විත්තිකරුවනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි නොමැති හෙයින් පෙර නඩු දිනයකදී නිදහස් කරනු ලැබූහ.
නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාට එරෙහි චෝදනා පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
ඒ අනුව අද නඩුව කැඳවු අවස්ථාවේ මහාධිකරණ විනිසුරු තීරණය කළේ පුංචි නිලමේ මහතාට එරෙහිව ද පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව විත්තියේ සාක්කි නොකැඳවාම පුංචිනිලමේ මහතා නිදොස්කොට නිදහස් කැරිණි.
අපරාධය සිදුවන අවස්ථාවේ පුංචිනිලමේ හා මහින්ද රත්නතිලක එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෝ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනෝදාහක් ඉදිරිපිට වෙඩි තියලත් සාක්කි නැතිළු? (නදී)
නමුත් හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න හැකි වෙයිද ? (නදී)
තමන්ටම වෙඩි තියාගෙනද? කේ අපේ එකට හිටපු අර යාලුවා.(නදී)
නාලන්ද එල්ලාවල කියන්නේ ලොකු ගමනක් යන්න ආපු කෙනෙක්. නමුත් මහ පාරේ මරලා දැම්මා. කව්රු කලත් නීතියෙන් නිදහස් වුනත් කරපු අයට හෘද සාක්ෂියෙන් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. ජීවිත කාලයම විඳවන්න වෙනවා.(නදී)
දඩුවම් නියම වෙලාවට ලැබෙයි.(දිල්)
පුංචි නිලමේගේ නම් කියවෙන කොට මට මතක් වුනා ත්‍රිමා විතාරන සහෝදරයාව.(නදී)
මීට කලින් මේ තීන්දුව බලාපොරොත්තු වුණේ.ඇයි මෙතෙක් ප්‍රමාද?(දිල්)
සාමාන්‍ය කෙනෙක් උනානම් කොළ නැති ගහේ තමා (දිල්)
වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නදී)
මේ වගේ දේවල් වලට පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
එතකොට මිනි මැරුමක් උනේම නැද්ද එදා එතන. එල්ලාවල මහත්තයා මැරුනේ ඉබේමද? (නදී)
ජයවේවා! සත්‍ය ජයගනී. ඔය ත්‍රීමාවිතන මිනී මැරුමත් වෙන කාගේද වැඩක්. අපේ රටට දළදා හිමි සරණයි, මගේ දැයට දළදා හිමි පිහිටයි.(නදී)
සුභම සුභ අනාගතයක්.(නදී)
මට අද වගේ මතකයි එක් ඇමති කෙනෙක් රූපවාහිනියට ඇවිල්ලා කෑ ගගහ කිව්වා එයාගේ යාළුවව එයාගේ ඇස් ඉස්සරහ වෙඩි තියලා මැරුවා කියලා. එතකොට ඒ සාක්කි වලට මොකද උනේ? (නදී)
ඕක අපි දන්නවා.(නදී)
දැන් මැරිච්ච අය නැවත ඉපදිලා පත්තර වලින් මේ නඩුව ගැන කියවනවත් ඇති. ඒක නිසා නඩුව ඉවර කරපු එක හොඳයි.(නදී)
නාලන්ද ඒල්ලාවල තම විසින්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගන කිව්වත් කරන්න දෙයක් නෑ(දිල්)
අනේ නඩුව මෙච්චර ඉක්මනට ඉවර වුනාද? තවම 2013 නේ. විත්තියත් කැඳෙව්වා නම් තව ටිකක් කල් අපට බලා ඉන්න තිබුණ.(දිල්)
අපරාධකරුවන්ට වෙලාව ආ විට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා.(නදී)
තමන් ඉදිරිපිට තමන්ගේ හොදම යහළුවාව මරණකොට පෙනුනේ නැද්ද ඇමති තුමනි. සාක්කියක් දීමට කටක් නොඇරියේ ඇයි ඔබ? (නදී)