රතුපස්වල ළිං ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් වැලිවේරියේ පැවති උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය උඩුගම්පොල ශාන්ත පීතර විද්‍යාලයයේ රවිෂාන් පෙරේරා (18) සිසුවගේ දේහය පෙරවරු 10.50ට පමණ වැලිවේරිය බණ්ඩාරවත්තේ නිවසට ගෙන ආවේය.
වාහනයකින් ගෙන ආ දේහය නිවස තුළට ගෙන ගියේ රවිශාන්ගේ මිතුරන් විසිනි.
වැලිවේරිය මීසම භාර ලක්ප්‍රිය නෝනිස් පියතුමා ඇතුළු කතෝලික පියවරු සිව් දෙනෙක් යාඥා කරමින් ආගමික වතාවත් සිදු කළහ.
රවිශාන් ගේ පාසැල් මිතුරන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටි අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාද පැමින රවිශාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. .
බදාදා (7) සවස හතරට වැලිවේරිය රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි ලංකාව මානව හිමිකම් ඇති රටක් කියලා අපට පිළිගත හැකිද? (නි)
බන්දුලගේ දැනුමේ තරම තේරුම් ගන්න දාලා තිබෙන ටිකම ඇති. උද්ඝෝෂණ කියන ඒවා ගම ඇතුලේ , ගේ ඇතුලේ , කරලා ආණ්ඩුවකට දන්වන්න බැහැ. මේ ලෝකේ කොහෙවත් එහෙම වෙලා නැහැ. අනික මේ දේවල් පිටිපස්සේ වෙන කව්රු හරි හිටියා නම් ආණ්ඩුව මේ වෙනකම් සද්ද නොකර ඉදියි කියලා හිතන කෙනා බත් කන කනෙක් වන්න බැහැ. හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියා ගන්නත් බැරි අය එක්ක කතා කරන එකත් බොරු වැඩක්. (නි)
තවමත් ලේ පිපාසය සිදුනේ නැද්ද? ඔහොම යමු (නි)
සමහරුන්ට මෙය තවත් එක ජිවිතයක් විතරයි. ඒත් ඒ අම්මට ලෝකයක් එයාගේ පුතා. අනේ මෙහෙමත් අපරාද. අපරාදේ තරුණ ජිවිතයක්! (නි)
ජාතින් අතර බේදය සහ ආගම්වාදය නමැති විෂබීජය පැළයක් බවට පත්වී හමාරය .ඔබට මෝක්ෂ සුව පතන්නෙමු (නි)
සහෝදරයා, ඔබට මෝක්ෂ සුවය! දෙව් මව් තුරුලේ සැතපේවා! (නි)
මල්ලී, ඔබට මෝක්ෂ සුව අත්වේවා! ලෝකයක් දකීන්නට හිටපු ඔබ? (නි)
ඔබට නිවන් පුර රුවන් දොරටු විවර ''වේවා''! (නි)
ඇයි මෙහෙම කළේ? කන්න බත් ටිකක්, බොන්න වතුර ටිකක් ඉල්ලන එක ත්‍රස්තවාදී ක්‍රියාවක්ද? (නි)
බන්දුල පෙරේරා කියන්නේ ආයතන හිමිකරුගේ නෑදෑයෙක්ද? (නි)
සාමදානයේ සැතපේවා! (නි)
අපරාධ කළවුන්ට හොදක් නම් නොවේවා! (නි)
අචිනිගේ අදහස සමස්ත හමුදාවටම කළු පැල්ලමක් වැනිය. දැන් වීරෝධාර රණ විරුවන් ජනතාවට පිළුකුල් සහගත වෙලාද . (නි)
අර දිසානායක කියන කෙනාගේ පුදුම තරහක්නේ තියෙන්නේ පාරවල් පාවිච්චි කරන මිනිස්සු ගැන. (නි)
හිස අත් නගා දිවුරා නුබේ දෙන මත්තේ ලේ වල පලිය මතු යම් දින ගත යුත්තේ නඩු සහ බඩු දැනට ඇත්තේ එක පැත්තේ පාරෙයි ගනුදෙනුව බේරා ගත යුත්තේ (නි)
පැහැසර මහත්තයෝ, අන්න විකුණනවා බෝක්කු තාප්ප වහගෙන රට පුරාම.මේ මරණෙට වගකියන්න ඕනෑ හමුදාව නෙමෙයි කියලා මම අදත් කියනවා. සාමකාමීව කළ යුතු උද්ගෝෂණයක්, තව දහස් ගණනකට පීඩා දෙන විදියට ප්‍රධාන පාරවල් විතරක් නොව අතුරු මාර්ගත් හරස් කරලා ප්‍රහාරයකට සුදානමෙන්ම ගල්මුල් වැලි බෝතල් පැට්‍රල් බෝම්බ කල් තියා රැස් කරලා මේ කොලු වයසේ බරක් පතලක් නොදන්නා අයව උසි ගන්නලා පාරට දාපු හමුදාවට ගහන්න පොළඹවපු මිනිස්සු ටික, මේක සංවිදානය කරපු අය තමයි මේ මරණ වලට වග කියන්න ඕනෑ.ඒ දේවල් ඒ විදියට නොවුනා නම් මේ ජීවිත තුනම තාම අපි අතර.. (නි)
මේකට වග කියන්න ඕනෑ මේ මිනිස්සු කුලප්පු කළ අය මිසක් ආණ්ඩුව නොවේ. හමුදාව සහ පොලීසිය මෙතැනදී ඉතා ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ නිසා තමයි මේ සිද්ධිය මෙතනින් හරි නතර කර ගන්න ලැබුනේ. මේ කඩාකප්පල්කාරීන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෑ (නි)
පැහැසර ඔයා හරියටම හරි. ඔය බන්දුල පෙරේරා කියන කෙනා ආණ්ඩුවට කඩේ යන කෙනෙක්
අර බන්දුල පෙරේරා කියන කෙනා කියල තිබුන " මිනි දුන්න විකුණගන කන්න කියල " දැන් මුකුත් නොකිය සද්ද වහල ඉන්නවා. පේනවා නේද බන්දුල පෙරේරා තමුන් කඩේ යන්නේ දෙෂප්‍රමින් ට නෙවෙයි කියල.
නිරායුධ අහිංසක දරුවන් වෙඩිතබා මරණ අයෙක් රණ විරුවෙක් වෙන්නේ කෙසේද?
මේවා කළ අයට වැඩි දවසක් යන්න කලින් ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා! (නි)
දනුෂ්ක මහත්තයම කියන්නකෝ එහෙනම් කාටද දාන්න ඕන කියල..අපි ඊලග පාර පෝලිමේ ගිහින් දෙන්නම්..එතකන් ටිකක් පාරවල් හරස් නොකර ඉන්න..ඔයාට ඕන කට්ටිය ආවට පස්සේ ඔය පාරවල් ඔක්කොම ඔයාලට ඕන විදියට උද්ගොෂනවලට බදු දෙවි. එතකොට පාරවල් වල උයාගෙන කාගෙන ඉන්න බැරියැ ..එතකම් අපිට පාරක නිදහසේ යන්න දෙන්න.
සුර ඉතින් දන්නවම් නම් කියන්නකො කවුද එතකොට උද්ගොෂනෙට ගියේ මැරුණු ගුටි කාපු ඔක්කොම අහින්සකයෝනම්,..අපි ගිහිල්ලද හමුදාවට ගැහුවේ,,පාරවල් හරස් කලේ,.කටුනායකදී මලේ හලාවතදී මලේ ඔක්කොම අහිංසකයෝ..මෙතන මැරිලා තියෙන්නෙත් අහිංසකයෝ..ඔයත් හරියට චන්දෙ පරද වෙච්ච විපක්සෙ කියන කතා වගේ කතානේ කියන්නේ..
මේ දරුවන්ව කුලප්පු කරලා පාරට දක්කපු යට හොදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් මේ ළමයාගේ මිනිය විකුනන්න හදන ඔය පිට රටවල් වල ඉදල හීන දැක දැක මේ ලියන නරුමයන්ට .තමන්ගේ නොවන මතය ඉවසන්න බැරුව හෙන ඉල්ලන එවුන්ද මේ සුන්දරත්වයක් කතා කරන්නේ.. (දී)
කෝ අර හරක් වෙනුවෙන් හඩ නගන කට්ටිය ?
පුතේ නුබට නිවන් සුව
බන්දුල පෙරේරා , මේ කරපු අපරාදෙට අනිවාර්යයෙන්ම දඬුවම් එනවා ඉක්ක්මනටම කරපු හෙමොටම , එකෙන් කොටසක් ඔයත් බලාපොරොතු වෙන්න මේකට වචනෙන් හරි උදවු කලානම් උඩ ඉන්නවා කෙනෙක් බලාගෙන , පුංචි පුතේ මේ වගේ දුර්ජන මිනිස්සු ඉන්න රටකනම් කවදාවත් ඉපදෙන්න එපා , ඔයාට නිවන් සුව
එදා අපේ දුක අද ඔයාලට දැනෙනවද
බන්දුල මිනිස්සු කියන ,ඉල්ලන මේ හෙන වදිනවා ඒ නිසා වහගෙන ඉන්න
පුදුම වේදනාවක් දැන්නේනේ මේවා දකිනකොට. මේ දෙමව්පියෝ කොහොම ඉවසන්නද මේ දුක. රටේ ජනතාව අවදියෙන් හා බුද්දීමත්ව සිටිය යුතු කාලයක්
ඇයි මේ දරුවාගේ මුණ ෆොටෝ අරගන නැත්තේ ? මේ ටිකට වග කියන්න ඕන අයගේ දරුවන්ටත් මේ ටිකම වෙලා මේ ඇවිලෙන ගින්දර ඔහුන්ටත් ඇවිලේවා (දී).
අනේ මේ... බන්දුල පෙරේරා, ඔයා කාට ආවැඩුවත් අපිට කමක් නැහැ. සිද්ධ වුණු දේ දන්නේ නැත්නම් නිකන් ඉන්න. රවිෂාන්ට වෙඩි තිබ්බේ උද්ඝෝෂණයට ගිහිල්ල ඉදිද්දි නෙමෙයි. (නි)
මේ වතුර වල්වල පී.එච්. අගය දැන් කිලෝ මීටර් 15 ක විතර ප්‍රදේශයක අඩු වෙලා. මේ දේ නැවත හරි යන්න අවරුදු 10වත් යන්න ඕනෑලු. (නි)
එල්.ටි ටි යුද්ධය දිනුවහම ඒක දිනුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා යැයි කියපු කට්ටියම තමා මේ කියන්නේ හමුදාව වැරදි වෙඩක් කළහම ඒකේ වගකීම රජයේය කියලා. (නි)
මේවා ගේ දුෂණ , වංචා , මිනිමරු වැඩ වගේම ජාතිවාදය අවුස්සන්නේ කව්ද කියලා මිනිස්සු හොඳටම දැනගෙනත් පුදුමේ කියනේ ඊළඟ පාරටත් ඡන්දෙ දෙන එකනේ (නි)
අනේ මොකක්ද මේ ගැටුම කියන්නේ ? (නි)
බන්දුල පෙරේරා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා. එයා කියන දේවල් ගණන් ගන්න එපා. එයාට වෙන වැඩක් නැහැ.ඕක තමයි රාජකාරිය. (නි)
මේක කාගේ වැඩක්ද කියලා අපි දන්නවා (නි)
මල්ලී, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
කවුද මේ අපරාධවලට වග කියන්නේ
ලංකාවත් අෆ්රිකානු රටවලට දෙවෙනි නැහැ. අපේ මිනිස්සුන්ට සතියෙන් ඔක්කොම අමතක වෙනවා කියලා ප්‍රභාකරන් කිවුවේ එයත් ඒක දන්නා හින්දා. ඊලග ජන්දෙටත් හරියටම කතිරේ ගහයි. (නි)
අනේ පුතේ, නිවන් දකිනා ජාති දක්වා මේ වගේ ඔලමොට්ටල දේශපාලුවන් ඉන්න, ඒ අයට උපදෙස් දෙන මෝඩ උපදේශකයන් ඉන්න රටක යලි ඉපදෙන්න එපා.. (දී)
මම රාජ්‍ය නොවන සංවිධානයක් හොයනවා සංවිධානයක් ආරම්භ කරන්න. හැබය් අපිට විරුද්ද මිනි මරනවට විතරයි හරක් මරනවාට නොවෙයි
ශ්‍රී ලංකාවේ ජීවත් විය හැක්කේ හරකුන්ට පමණි. මිනිසුන්ට ජීවත්විය නොහැක. මෙවන් තරුණයන් මර දමන්නේ එම නිසයි
දෙවියොම බලා ගන්න මේ වෙච්ච වැඩේ
පාලකයිනි මොකෝ කට වහගෙන. මේ මරෙල එන්නේ සතෙක් නොවෙයි මේක තමා ආසියාවේ අස්චරිය.
කමුදාව කල මේ කල නින්දිත අදම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා
ජොනතන් ඒ කට්ටිය හරක් මැරුනොත් තමයි. මිනිස්සු මරුන නිසයි ඒ කට්ටිය නිශ්ශබ්ධ
හරක් මස් කඩ වහල . මිනි මස් කඩ අරින්දයි හදන්නේ .
අහිංසක ළමයෙක්. නැවත ලංකාවෙ උපදින්න එපා (නි)
කෝ අර සේනාව නැද්ද මේ දරුවා නැති උනාට කතා කරන්න
ඇයි ගෙදරට ගෙනාවේ....මරපු උන්ට කන්න දෙන්න තිබ්බේ
පුතේ නුබ සබැ වීරෙයෙක්. මගේ ඇහැට කදුළුත් එනවා. විභාගේ හන්දා නුබ කොච්චර නිදි මරන්න ඇතිද . නුබේ දෙමාපියන් කොච්චර හීන මවන්න ඇතිද .. නුබට නිවන් සුව. (දී)
හරක් මරනවට කෑ ගහන උදවිය සද්ද නතුවේ ඉන්නේ මොකද
ඔබට නිවන් සුව ලැබේවා ප්‍රිය සොයුර!අනේ දේශපාලුවනි, මේ කොල්ලවත් තමන්ගේ දේශපාලනේට පටලාගෙන වාසි ගන්න හදන්න එපා. (නි)
කෝ අපේ වගකිවයුත්තෝ? (නි)
මේ අය වෙඩි තියල තියෙන්නේ පාසල් ළමුන්වම තෝරලා වගේනේ. (නි)
අහිංසක සහ වටිනා මිනිස් ජීවිත වල වටිනාකම මුදල් සහ බලය හමුව්ය් තුට්ටුවකටවත මායිම් කරන්නෙ නැති අයට හොඳක් නම් සිද්ද වෙන්නෙ නැහැ. මේ අපරාද වලට ඔවුන්ට වන්දි කවදාහරි මහජනයා ඉදිරියේම ගෙවන්න සිද්ද වෙයි (නි)
ගව ඝාතනය හෙලාදකින කාඩ්බෝඩ් අවිහින්සාවදියෝ අහිංසක දරුවන් මරා දමන මිනීමරුවන්ට සුදු හුණු ගානවා..ආත්මාර්ථකාමී බල ලෝභී සවිධාන වල සබැ නිරුවත මේ වෙලාවේ මුළු රටටම ප්‍රදර්ශනය වෙනවා .
මේ ත්‍රස්තවාදීන් නොවේ.
මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ. පුදුම කලකිරීමක් ඇති වෙන්නේ මේවා දැක්කම. පුතා ඔබට නිවන් සුව !
මොකක්ද ලංකාවට වෙන්න යන්නේ මේකද ලංකාවේ ආශ්චර්ය, අසරනයන්ව මරා දාන එකද අලුත් සෙල්ලම, කට කියන්නද, අනේ ඇයි අම්මලට දුක් දෙන්නේ නුබලාටත් අම්මල ඉන්නවා නේද අම්ම කෙනෙක් කොහොමද මේ දුක ඉවසන්නේ, පව් කාරයෝ සුනාමි අවේ නිකන් නෙවෙයි
ඇස් දෙකට කඳුළු පිරෙනවා අම්මා කෙනෙක් විදිහට. එක දරුවෙක් ඊයේ පස් යටකලා, අද තව දරුවෙක්ගේ දේහය දකිනවා. වැඩක් නැහැ මේ වගේ ගින්දරක් දෙමවුපියන්ට දීලා. පුතේ ඔබ දෙවු මවු තුරුලේ සැතපේවා....!!!!!!
මේ මිනිස්සුන්ගේ දුක කරපු අයට කවදා හෝ උහුලන්න වෙනවා
දේශපාලකයෝ මොකුත් උනේ නැහැ වගේ ඉන්නවා මතක තියා ගන්න අද ජාතියේ මළගම
"ශ්‍රී ලංකාවේ ජීවත් විය හැක්කේ හරකුන්ට පමණි. මිනිසුන්ට ජීවත්විය නොහැක".
අනිවාර්යෙන්ම මේවාට වුදව් කල,මරන්න වුපදෙස් දුන්නු සියලු දෙනාටම හෙන හතක්ම ගහනවාමයි
මේවා කල අයට හෙන ගහනවා වැඩි දවසක් යන්න කලින්
මෙවැනි දුක් ලක්මවට දෙනු එපා. (නි)
ගව ඝාතනය හෙලාදකින කාඩ්බෝඩ් අවිහින්සාවදියෝ අහිංසක දරුවන් මරා දමන මිනීමරුවන්ට සුදු හුණු ගානවා..ආත්මාර්ථකාමී බල ලෝභී සවිධාන වල සබැ නිරුවත මේ වෙලාවේ මුළු රටටම ප්‍රදර්ශනය වෙනවා .
ඇත්ත වශයෙන්ම හරකුන් වෙනුවෙන් කෑ ගසන, සිංහලකම වෙනුවෙන් කෑගසන සංවිදාන වලට තවම ඇහැරිලා නැද්ද. පුතුනි ඔබට මෝක්ෂ සුව අත්වේව.නැවත උත්පතියක ලබන්නේ නම් දේසපාලන වහලුන් නොසිටින රටක උපදිව.
කව්ද මේ අපරාද වලට වග කියන්න ඕනෑ? පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අහිංසක ළමයෙක් වනචරයින්ගේ ගොදුරක් උනා
මොකද මේ දැන් අහිංසක ඉස්කෝලෙ යන දරුවන්ටම වෙඩි වදින්නේ? හමුදාව මීට වඩා විචාර බුද්ධියකින් කටයුතු කළා නම් මේ අහිංසක ජීවිත මේ අයුරින් විනාශ වන්නේ නැත.මේ තරම් ඒ දරුවන් ලොකු මහත්කොට ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු තැබූ දෙමවුපියන්ට අත්වූ දුක කිසිවෙකුටත් නොවේවා . (නි)
නැවත මධ්‍යස්ථ ජනතාව මෙම පාලකයන්ට කතිරය ගසයි නම් මෙම රටෙහි බහුතර ජනයාට බුද්ධියක් නැති බව පැහැදිලිය. ලිවීම සහ කියවීමට හැකිවීම බුද්ධිය නොවේ. ඇත්තෙන්ම මානව හිමිකම් යන්න අපට සිහිනයකි. (නි)
විභාගය කට ළග තියාගෙන ඇයි මෙහෙම උද්ඝෝෂණ වලට ගියේ? (නි)
මල්ලි, ඔබට නිවන් සුව පතමි! (නි)