IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


සිංහරාජ වන විනාශය බලන්න මන්ත්‍රීවරු 11 රක්වානට

(අජන්ත කුමාර අගලකඩ)

සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු 11 දෙනෙක් රක්වාන ප‍්‍රදේශයේ අද (25) සවස නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිෙමින්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,යූ කේ එස් සුමිත්,මිලාන් ජයතිලක ,අකිල එල්ලාවල,සමන්ප‍්‍රිය හේරත්,ලලිත් එල්ලාවල,ගුණතිලක රාජපක්ෂ,ඞී වීරසිංහ,අමරකීර්ති අතුකෝරල,වසන්ත යාපා බණ්ඩාර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

රක්වාන ප‍්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීමට එළි පෙහෙළි කරන බවට චෝදනා නැගී ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බවත් සිංහරාජය පිහිටියේ ඊට කිලෝ මීටර් දහයකින් පමණ මුරකින් බවත් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා පැවසූ බව පාරලිෙමීන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

 



අදහස් (25)

සිංහරාජ වන විනාශය බලන්න මන්ත්‍රීවරු 11 රක්වානට

siri Thursday, 25 March 2021 02:48 PM

දැන් ඉතින් බලලා ආපහු ගිහින් මාධ්‍යයන්ට කියයි "අපොයි එහෙම දෙයක් වෙලා නෑ..." කියලා. ගමේ ඉන්න දරුවා දකින දේ බොරු. මේ පිටින් එන කට්ටිය කියනදේ තමයි ඇත්ත වෙන්නේ ඔන්න. දැන් ඔය චීනෙන් ඇවිත් හදලා දෙන වැව් අර මීට කලින් කවුදෝ ගිහින් බලපු හමුදාව යොදාගෙන පාරක් පළල් කරපු ලංකාගම පැත්තේ හදනවා කියලයි දැන් කියන්නේ... පාර පළල් කරනකොට කවුරුවත් හිතුවාද මෙහෙම දේකට තමයි මේ එන්න හදන්නේ කියලා... ලොකු ලොකු යන්ත්‍ර සුත්‍ර ගෙනියන්න ලොකු පාරවල් අවශ්‍ය වෙනවා කියලා එදා කාටද හිතුනේ? මේ දේවල් අර " සෞභාග්‍යයේ දැක්ම " පොතේ තිබුණද දන්නේ නැහැ.

:       13       111

Ruhunu Thursday, 25 March 2021 03:36 PM

හොරු අල්ලන්න හොරු ගිහින් වැඩක් නැහැනේ.

:       0       9

Senaka Thursday, 25 March 2021 03:48 PM

විහිළු පෙන්නන්නැතුව ගෙදර හිටිය නං නරකද? වන සංරක්ෂණය ගැන මොවුන්ට තියෙන දැනුම මොකක්ද?

:       0       10

ddd Thursday, 25 March 2021 04:44 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ මේ කූට පාලකයෝ අපිට ඉන්න රටත් නැති කරලා තමයි පස්ස බලන්නේ... මේ ගොල්ලන්ට මුදල් ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරනවා. මේ ගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ රටටවත්, ජාතියටවත් සේවය කරන්න නෙවෙයි. මුදල් හම්බ කරන්න.

:       0       12

chandima Thursday, 25 March 2021 04:52 PM

ආණ්ඩුවේ වියදමින් සිංහරාජේ බලන්න ගිහින් වගේ... මොනවද අරන් ගියේ? ගල්ද? පොල්ද?

:       0       8

kumarage Thursday, 25 March 2021 05:09 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා. දැන් මේ ගිය අයත් හිතන්නේ මේකෙන් අක්කර 10ක් වත් කඩාගන්න තියේ නම් කියලා තමයි.

:       0       10

Manel Thursday, 25 March 2021 06:40 PM

ළමයෙක් කිව්ව පලියට ඒක ඇත්තක් වෙනවද? සැබෑ වන විනාශය සහ බොරුව කියන්නේ දෙකක්...!

:       13       4

DarshanaSaturday, 27 March 2021 02:32 AM

එහෙනම් මාධ්‍යයෙන් පවා ලොකු ප්‍රචාරයක් දීලා තියෙන්නේ ළමයෙක් කිව්ව බොරුවකට...

:       1       3

ranjith Thursday, 25 March 2021 10:44 PM

ආණ්ඩු පක්ෂේ හිටියත්, විපක්ෂයේ හිටියත් මේ පරිසර විනාශය කියන සංවේදී කාරණාව ගැන බුද්ධිමත්ව හිතන්න අනාගත දරු පරපුරට හුස්ම ගන්න තියෙන මේ සුන්දර රටේ පරිසරය විනාශ කරන්න දෙන්න එපා.

:       0       17

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 March 2021 11:43 PM

ඇයි ආණ්ඩුවේ මන්ත්‍රීලා පමණක් ගියේ? සෑම පක්ෂයක්ම නියෝජනය වුණා නම් නේද හොඳ? හැබැයි ඉඩම පෞද්ගලික අයිතිකරුවෙකු සතු නම්, නිරවුල් ඔප්පු තිබේ නම්, ඔහුගේ අයිතියට බාධා කිරීමට නීතියෙන් බැහැ. ඒත් මේ ඉඩම මධ්‍යම පාන්තික එකක් නම් එයට පොදු යහපත සඳහා රජයට මැදිහත් විය හැකියි. මධ්‍යම පාන්තික ඉඩම් පෙරදී රජයෙන් ලබාදුන් ඒවා නිසා. ඒත් හිමිකරු ආණ්ඩුවේ කෙනෙක් නම්, එහෙම කෙරෙන එකක් නැහැ.

:       0       16

Bala Friday, 26 March 2021 12:06 AM

ඉතින් මේ කියන සිරි කියලා කමෙන්ට් කරන එක්කෙනා ගිහින් බලලා හරි විස්තරේ දාන්නකෝ පින්තූර ටිකකුත් එක්කම. ගමේ ළමයා හරිද, විරාජ් හරිද, මන්ත්‍රීවරු හරිද කියලා අපිටත් බලාගන්න...

:       10       4

Bamunuarachchi Friday, 26 March 2021 01:22 AM

අන්න හොඳයි, ඩ්‍රෝන කැමරා මගින් ඡායාරූප ටිකක් ගෙන පලකරන්න.. අපිට ඇත්ත තත්වය බලාගන්න.

:       8       3

මුණසිංහ Friday, 26 March 2021 01:52 AM

ගිහින් බලලා විතරක් මදි. ඇත්ත දැක්කා නම් විස්තර ප්‍රසිද්ධ කරන්න.

:       1       7

Nishan Friday, 26 March 2021 02:07 AM

මේ ලඟකදී ඉඳලා ආණ්ඩුවට සුදු හුණු ගාන්න පටන් අරන් වගේ. සුබ අනාගතයක් !!!

:       0       10

Wasudewa Friday, 26 March 2021 04:14 AM

සිරි..., ඔයාගේ කටේ මසුරන් දාන්න වටින කතාවක් ලියලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ හොරණෑව ඔයා නියමෙට ලියලා තියෙනවා. ඔක්කොම බොරුවම තමයි. මේ පරිසර විනාශයට නම් මේ අයට පවුල් පිටින් වන්දි ගෙවන්න වෙයි.

:       1       19

sharm warn Friday, 26 March 2021 06:16 AM

පොදු පෙරමුණේ කට්ටියක් නම් ගිහින් තියෙන්නේ. හිතනවද මේ සම්මජ්ජාතියේ ඇත්ත කියයි කියලා...? ජනක අයියගේ පුතත් මේ තත්වෙට වැටිච්චි එකයි දුක. කට්ටිය තව ඉඩම් ටිකක් බලාගෙන එන්න ඇති. ඊළඟ වටයෙදි අල්ලා ගන්න. ශෂේන්ද්‍රව වතුරේ යන්න ගියා වගේ මෙයාලටත් පස් කන්දක් එහෙම කඩා වැටෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු...

:       0       17

දිමුත් Friday, 26 March 2021 06:44 AM

දැන් ඉතින් ගිහින් ඇවිත් කියයි කිසිම විනාශයක් වෙලා නැහැ කියලා. අනේ මේ ගොල්ලන්ගේ දේශප්‍රේමේ තරම..!

:       0       15

ase Friday, 26 March 2021 07:28 AM

ඩෝසර්ගේ කස්ටිය නේද මේ? දැන් නම් නියමෙට දෙයි වැඩේ...

:       1       14

aseSaturday, 27 March 2021 04:50 AM

හරිනේ...!! ඊයේ තිබුණු මාධ්‍ය සාකච්ඡාවේදී සිතූලෙසම කිව්වේ... හා හා

:       0       4

naushi Friday, 26 March 2021 01:08 PM

පව්.., අපේ ගෝඨා සර්.., එයාට මොනවත් දෙන්නේ නැහැ. ඒක නිසා එයාගේ සගයන් ටිකක් යවනවා සිංහරාජ වනයේ සිරි නරඹලා එන්න. ආවට පස්සේ කියයි එහෙම පරිසර විනාශයක් වෙලා නැහැ. බොරු ප්‍රචාර කියලා. සිරිසේනව දීලා නන්දසේනව අරන්.

:       1       7

BamunuarachchiSaturday, 27 March 2021 02:15 AM

ඔබ කොහොමද කියන්නේ මේ ප්‍රචාරය වෙන සංහාරය සත්‍යයි කියලා..? ඔබ දැක්කාද? ඔබ කියන්නෙත් කොහෙන්වත් දැනගත්ත දෙයක් නේද? එ්කයි අපි කියන්නේ ඩ්‍රෝන කැමරා මගින් ගන්න ගුවන් ඡායාරූප ටිකක් පලකරන්න කියලා. මුලතිව් වනරක්ෂිත විනාශය පෙන්නුවා වගේ. ඒ විතරක් නොවෙයි ඒ එළිකළ කොටස රජයේ රක්ෂිතය නොවෙයි කියන්නත් ඕනේ. එයත් එතරම් අපහසු දෙයක් නොවෙයි.

:       5       0

BamunuarachchiSaturday, 27 March 2021 02:20 AM

ගෝඨාභය සර් ගැන ඔහෙලා දුක් වෙන්න එපා. ගෝඨාභය සර් නැතුව අපිට බලයට පත් කරන්න සිංහලයෙක් ඉන්නවාද? ඉන්නවා නමින් සිංහල, එ්ත් රටේ මහා ජාතිය හම්බයින්, දෙමළුන් සමග කලවන් කරන්න යන දේශපාලකයෝ ටිකක්.

:       7       0

anaMonday, 29 March 2021 10:26 AM

බමුණු මත....!!! 

:       0       1

මෝ Friday, 26 March 2021 11:21 PM

අද පත්තරේ තියෙනවා වැව හදන්න යුනෙස්කෝවෙන් ඉල්ලීමක් කළාය.. ඒ ගැන දැන් ඒ ගොල්ල සලකා බලාගෙන යනවයි කියලා. තව දෙකකින් කියයි ඔන්න අවසර, ලැබුණා කියලා. තව මාසෙකින් විතර කියයි සිංහරාජය වසර මිලියන 400ක් කියන්නෙ වැරදිලාය. මේක රාජසිංහ රජ්ජුරුවො වවපු එකක්ය කියලා. මේ සිදුවෙමින් පවතින්නේ සිංහල ජාතියේත්, රටේත් අවසානයයි.

:       0       5

L.G.P.Jathunarachchi Tuesday, 30 March 2021 07:37 AM

සිංහරාජ වනය ඉතිරිව ඇති ආකාරයක්... !!! 

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 225 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 155 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 820 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 1146 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 1165 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 319 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 132 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 36 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1072 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site