(යොහාන් භාසුර)
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් මෙට්‍රික්ටොන් 167000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 66000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 101,000ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැඟින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.
ඒ අනුව සහල් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 220 ක් හෙවත් රුපියල් 65,000 ක පමණ බද්දක් අයකළ බවද අරුක්ගොඩ මහතා කීය.
ආණ්ඩුව පසුගිය දෙසැම්බර් 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසරදීමෙන් පසුව මෙම මස 10 වැනිදා දක්වා මෙම සහල් ප්‍රමාණය ආනයන කර තිබූ බවත් ඉන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය ආනයන කර තිබූ බවත් ඒ මහතා කීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක්
k.g.s.p.n.rupasingha Sunday, 26 January 2025 05:49 PM
සල්ලි හොයන්න ඉම්පෝර්ට් කරනවා. නැතිනම් කන්න නැති දුප්පත් ජනතාවට ආදරේට නෙවෙයි. හැම එකෙන්ම ගසාකනවා. ඔක්කොම එකයි. ආණ්ඩුව කළත්, පුද්ගලික ආයතන කළත් හොරකමමයි . අවසානයේ ගෙවන්න ඕනෙ දුප්පත් ජනතාව හාල් කිලෝ 1කට රුපියල් 65 ක්... ටැක්ස්. හෙණම ගහන්න ඕනෑ...
රටවැසියා Sunday, 26 January 2025 06:09 PM
රජය මේ 65 බද්ද අයින් නොකරපු එක ඉතාමත්ම නිවැරදි තීරණයක් නැත්නම් මේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නැහැ. ඒ පිළිබඳව අතීත අත්දැකීම් තියෙනවා.
ටිකිරි මොළේ Sunday, 26 January 2025 06:47 PM
01. යහපාලනය කාලයේ ඇමතියෙක් කිව්වා ගම්මිරිස් ආනයනය කර ප්‍රතිඅපනයනය මගින් රේගුවට ආදායම් වැඩිවෙනවා කියලා... මිනිහාට තේරුම්ගන්න බැරිවුණා... දේශීය ගම්මිරිස් ගොවියා අනාථවෙලා කියලා 02. ලංකාවේ වැවෙන වී වලින් සහල් ගතහැකිව තිබියදී රටතුළ තියෙන විනිමය විදෙස් ගතකර සහල් ගෙන්වා රටතුළ තියෙන මුදල් රේගුව අයකර මෙච්චර මුදලක් උපයාගෙන තියෙනවා කියලා කොහොමද ටිකිරි මොළේ?