IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සුළඟ අප රැගෙන යාවී ජර්මනියේ

2016-10-11-ent-10

නුවන් ජයතිලකගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන සුළඟ අප රැගෙන යාවී (The Wind Beneath Us) චිත්‍රපටය මේ දිනවල ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර්ශනය කෙරෙනවා. එමෙන්ම එය ඇමෙරිකාවේ හූස්ටන් අන්තර්ජාතික සිනමා උලෙළේ රෙමී සම්මානය දිනාගැනීමටද සමත්වී තිබෙනවා. ‘සුළඟ අප රැගෙන යාවී’ චිත්‍රපටය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩන් ජාත්‍යන්තර ආසියානු සිනමා උලෙළ, නෙදර්ලන්තයේ සිනේකිඩ් සිනමා උලෙළ, ඉතාලියේ මිලානොහි සිනමා ඩි රින්ගේරා සිනමා උලෙළ, රෝමයේ සිනමා ඩි මැන්ඩෝ සිනමා උලෙළ හා පසුගිය මාසයෙහි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඉන්දියානු සිනමා උලෙළ යන සිනමා උලෙළවල අවසන් වට සඳහා තේරී පත්ව තිබෙනවා. එමෙන්ම එය මෙම මස අගභාගයේදී කැනඩාවේ Toronto World International Film Festivalහිද තිරගත වීමට නියමිතයි.

2016-10-11-ent-17මේ අතර, ලබන මස 16 වැනිදා ජර්මනියේ මියුනිච් නගරයේ සහ ඉදිරි මාස කිහිපයේ ඉතාලියේ වෙරෝනා සහ බ්‍රෙෂියා නගර දෙකෙහි මෙන්ම මිලානෝ නගරයේ විශේෂ දර්ශන 02ක්ද, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, පර්ත් සහ මෙල්බර්න් නගරවලදී එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙහි තිර රචනයද නුවන් ජයතිලකගේම වන අතර, නිෂ්පාදනය සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම විසිනි. එමෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා සහ නිෂ්පාදිකාව ඇතුළු ශිල්පීන් බහුතරයකගේ කුලුඳුල් චිත්‍රපටය මෙය වීමද විශේෂිත්වයක්.

‘සුළඟ අප රැගෙන යාවී’ චිත්‍රපටයේ රංගනයෙන් සුදම් කටුකිතුල, ප්‍රවීන් කටුකිතුල, සේමිනී හෙන්නායක යන ළමා නළු නිළියන් සමග අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල් යන ප්‍රවීණ නළු නිළියෝ රංගනයෙන් දායක වෙනවා.

විධායක නිෂ්පාදනයෙන් විමුක්ති ජයසුන්දර, කැමරාකරණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංගීතයෙන් චිත්‍රලාල් සෝමපාල, කලා අධ්‍යක්ෂණයෙන් වයි. දේශප්‍රිය, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් කේ. රාජපක්ෂ, වර්ණ සංයෝජනයෙන් ආන්නද බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණයෙන් මහේෂ් කන්කාන්නගේ, නිෂ්පාදන කළමනාකරණයෙන් ලසන්ක මදුශංක යාපා, ගයාන් දේශප්‍රිය, ඇඳුම් නිර්මාණයෙන් සංජීව කරුණාරත්න සහ වේෂ නිරූපණයෙන් හර්ෂ මංජුලද මේ සඳහා දායක වී තිබෙනවා.

 

තිසර ගංගාදර

2016-10-11-ent-16
2016-10-11-ent-15
2016-10-11-ent-14
2016-10-11-ent-13
2016-10-11-ent-12
2016-10-11-ent-11
2016-10-11-ent-09
2016-10-11-ent-08
2016-10-11-ent-07
2016-10-11-ent-06
2016-10-11-ent-05
2016-10-11-ent-04
2016-10-11-ent-03
2016-10-11-ent-02
2016-10-11-ent-01



අදහස් (0)

සුළඟ අප රැගෙන යාවී ජර්මනියේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 705 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1375 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 300 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1262 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 448 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1142 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site