අන්තර්ජාල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී හැකර් කිරීම හෙවත් දත්ත මකා දැමීම සඳහා තම ගනුදෙනුකරුවනට මෘදුකාංග හා උපදෙස් දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් මහ නුවර ගයාන් උෂාන්ත සිල්වා රුපියල් පනද් සහසක මුදල් ඇප සහ රුපියල් දස දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඔහු උසාවියට ඉදිරිපත් කළ රහස් පොලීසිය පැවසුවේ ඔහුගේ ක්‍රියාවෙන් රජයේ වෙබ් අඩවිවලට කිසිම හානියක් සිදුවූ බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් සොයා නොගත් බවයි. හානි සිදුවූයේදැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ කර ගෙන යන බවයි.
සැකකරුගේ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසුවේ තම සේවාදායකයා ඉංග්‍රීසි උපදෙස් සිංහලට පරිවර්ථනය කිරීම හැර පරිගණක අපරාධයක් කර නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහස් පොලිසියට වෙන මොනවාහරි අල්ලන්නකෝ (නි)
මිනී මරුවෝ කිසි ප්‍රශ්නයක් නැතුව තොත්ත බබාලා වගේ සමාජේ ඉන්නවා. ලොක්කොත් පිලිගන්නවා. කිසි වැඩකට නැති අය උසාවි එනවා. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔහුටත් සමහර විට අමතක වෙලා ඇති. (නි)
මේ ගයාන් අපේ රටේ සුපිරි මොලයක්. මෙයාට වදනොදී මෙයාගෙන් වැඩක් ගන්න.මොලේ පාවිච්චි කරලා (නි)
මම මේ නොදන්නා නිසයි අහන්නේ.වැරැද්දක් කළ බවට පිළිගත හැකි සාක්කි තියෙනවා නම් විතරයි නේද අත්අඩංගුවට ගන්නේ? මෙයාව අත්අඩංගුවට අරගෙන ඉවර වෙලයි සාක්කි හොයන්නේ. (නි)
මේ පොඩි කොල්ලටත් රුපියල් 50000 ක් දඩ ගහලාද?( නු)
නීතිය කාට උනත් එක සමාන වෙන්න ඕනේ (දී)
අද කාලේ අන්තර්ජාලයේ නිකරුණේ කාලය කා දමන අයට හොද දෙයක් තමයි හැකර් කරන්න ඉගෙනගන්න එක. (නි)
ඔව්. සඳුනි කියන්න වගේ ගයාන් වගේ සුපිරි තරුණයෙකුගේ මොලයෙන් අපේ රටට හොද වැඩක් ගන්න පුළුවන්. (නි)
රහස් පොලිසියේ ඉන්නේ කොහොම අයද මන්දා? (නි)
සමහරු දන්න දෙයකුත් නැහැ, මොකක් හරි දන්න එකෙකුට කරන්න දෙන්නෙත් නැහැ. මේක ලියලා මටත් 50000ක් දඩ කන්න වේවිද දන්නේ නැහැ. (නි)
මරුසිරා එකේ අපරාධකාරයෝ නම් නැ. සයිබර් සිකියුරිටි නැති නිසා තමා මේ අපේ රටේ වෙබ් අඩවි ගොඩක් නැතිවුනේ. ඉතින් රටට අවශ්‍ය දෙයක් ඒකට අසාව තියෙන පිරිසක් එකතුවෙලා කරගෙන යද්දි එකට මගපෙන්විවිමක් ලබා දීමයි සිදුවිය යුතුව තිබුනා.(නදී)