නියඟය පරාජය කළ පිරිසක් හිගුරක්ගොඩ මින්නේරිය සමගිපුරයේ සිටිති.පවුල් 250ක් පමණ එහි ජීවත් වෙති.ජලසම්පාදන මණ්ඩලය ජලය පිරිපහදු කිරිමෙන් පසුව ඉවත දමන ජලය රැස්කර වැවක් බැඳගෙන යලමහ දෙකන්නයම වැඩ කරති.අක්කර හයක් හතක් පමණ වන මෙම වැව ගමේ කප්රුක විය.පොළොන්නරුවේ අනෙක් ප්‍රදේශ වල ගංගා,ඇළදොළ,කුඹුරු,ගහ කොළද නියඟයෙන් වියළි ගොස් ඇතත් මේ ගමේ ගහ කොළ සරුසාරය.
නාගලකන්ද ගොවි සංවිධානයේ සභාපති නිමල් කුමාර මහතා පවසනුයේ මහ කන්නයේ වී වගාවට ද කුඹුරු සූදානම් කරන බවයි.
වෙනත් දිස්ත්‍රික් වල මීළග කන්නය වගා කිරීමට නොහැකිව ගොවියෝ ළත වෙති.වසර දහයකින් දොළහකින් නියඟයක් නොදුටු බව සභාපති කියයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමති සමයේ මෙම වැව හදාගැනීමට හැකිවු බවද අඩි 35ක කන්දක් කපා පිරිපහදුවෙන් පිටකරන ජලය රැස්කර තැබීමට මෙම වැව බැඳගත් ඔහු කියයි.
වැවේ ජලපාලක ආර්.ඒ පොඩිමහතා මෙසේ කියයි.
“අපේ ගමට ඕනැ තරම් වතුර තියෙනවා.ගහ කොළ සතා සිව්පාවට උමනාවටත් වඩා වතුර තියෙනවා.පොල් කොස් දෙල් හොදට වැඩෙනවා“
පොල්පිති වලින් තලා හදාගත් වෑකන්ද රැකගැනීම සදහා වැඩි වතුර පිටකරන ඔවුන්ගේ එකම ඉල්ලීම සවිමත් වේල්ලක් තනාගැනීමට උදව් කරන ලෙසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුලලා වගේ අයට තමයි "ගොට්ටෝ" කියන්නෙ. මේ අයට අනුකම්පා කරමු (බ)
අගය කළයුතු ආදර්ශවත් දිරිය මිනිසුන් (නි)
දහම්, ඔයා වගේ මිනිස්සු ඉන්නකම් අපේ රට දියුණු කරන්න අමාරුයි. තමන්ගේ දෙමව්පියෝ වගේ නේද මේ මිනිසුන්? හරි අසරණයි. මේ මිනිසුන්ට තියෙන මොළේ ප්‍රභූලට තිබුනා නම්...? (නි)
ඇයි හැමෝටම මෙහෙම හිතන්න බැරි? (නි)
ඔබ වැනි ලංකා පුතුන් රටට වාසනාවන්! (නි)
රට ගොඩ ගන්න අපට ඕනෑ උදේ ඉඳන් රෑ වෙනකම් බඩජාරිකමට කොත්තු කකා අරක්කු බිබී, නොදන්නා දේශපාලනයක් ගැන මැත දොඩන පුහු මිනිසුන් නොව ස්වශක්තිය කෙරේ විශ්වාසය තබා තමා කරන කර්මාන්තයට ස්වභාවයෙන් පිහිට ලබාගැනීමට මහන්සිවී වැඩකරන ජනතාවක්. රටේ අනෙක් පෙදෙස් වල ජනයා මේ ගමේ ගොවියන්ව ආදර්ශයට ගන්නේ නම් දේශපාලනයෙන් තොරව වුවත් රට දියුණු කරගන්න බැරි වන්නේ නැහැ. (නි)
අාදර්ශමත් ගොවි ජනතාවක්. ඔබලාට ජය! (නි)
හේමපාලගේ කතාවට මම ගරු කරනවා. බලන්න මාලදිවයින වැසි ජලය එකතුකොට ප්‍රයෝජනයට ගන්නවා (නි)
ප්‍රියාන්, ඇයි ඔයාට පෙනෙන්නේ නැද්ද ජනාධිපතිතුමා මහවැලි ඇමති සමයේ මේ වැව හදාගත්තා කියලා තියනවා. ඔයාලා වගේ අයට කියන්නේ දේශපාලන කුහකයෝ කියලා (නි)
අනුරාධ, මම හොඳට හිතලා තමයි මේකේ අදහස් දාන්නේ. කාට රිදුනත් මට කරන්න දෙයක් නැහැ. (නි)
සිංහල මිනිස්සු අවුරුදු දෙදහසකට ඉස්සර සිට වැව් සහ වේලි බැඳ පුරුදු හපන්නු බව අමතක නොකරන්න මෙය අපූරු සාධකයක්. (නි)
අගය කළයුතු ආදර්ශවත් දිරිය මිනිසුන් (නි)
ඔන්න නියම රජවරු! (නි)
අතුලගේ හිතිල්ල පෙනෙනවා දාන අදහස් වලින්. මේකේ කොහෙවත් කියලා තියනවද මෛත්‍රිපාල ඇමතිතුමා මේක හෑදුවා කියලා. එයා ඈමති කාලෙ ගොවියො තම මහන්සියෙන් වෑකන්ද පොල්පිති වලින් තලලා හදලා තියෙන්නෙ. මෛත්‍රිපාල මහතා එක් එක් ජාතියෙ ඇමතිලා වෙලා හිටියත් කරපු නම පවතින වැඩක් හිතලා කියන්නකො. (නි)
කූඹි වැහි කාලෙට කන්න වැහි නැති කාලේ එකතුකරලා තියනවා. අඩුමගානේ අපි කූඹිවත් අනුකරණය කරලා අපිත් වැහි කාලේදී ලැබෙන වතුර ටික එකතු කරගන්න ක්‍රමයක් හැදුවා නම්. හැබැයි කූඹි මේක කරන්නේ එකමුතුකම නිසා. අපට වෙලා තිබෙනේ කිසි එකමුතුවක් නැහැ. දේශපාලකයෝ ඔවුන්ගේ වාසියට අපිව බෙදලා. අපිත් බෙදිලා එකිනෙකාට දොස් පවරමින් ඉන්නේ නැතුව දැන්වත් එකමුතුවෙමු. (නි)
ජලසම්පාදන මණ්ඩලය ජලය පිරිපහදුකොට මුදාහරින බීමට නුසුදුසු ජලය තුළ මා දන්නා පරිදි රසායනික කොටස් අඩංගු වේ. මන්දයත් ජලය පිරිසිදු කිරීමට ක්ලෝරීන්, අැලුමිනියම් සල්ෆේට්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය යොදාගනු ලැබීමයි. මෙවැනි ජලය යොදාගෙන වගා කටයුතු කිරීම කොතරම් දුරට හිතකරද නැද්ද යනවග වගකිවයුත්තන්ගෙන් දැනගතයුතු කරුණකි (නි)
දැන් ඉන්න ජනපති මෙයාලට කළ දෙයක් නැහැ මෙතන මෙම පිරිස විසින් තමයි කළ දෙයක් තියෙන්නේ. (බ)
නිකන් බොරු එපා. අර්ජුන මහේන්ද්‍රන්ට කිසි දෙයක් කරන්නේ නැතුවට මෙන්න කැට. (බ)
ජලය පිරිපහදු කරන්න අහිතකර කිසිම දෙයක් ගන්නේ නෑ එහෙම නම් වගාවට කලින් මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකරයි නේ. (බ)
අනේ අතුලයි මමයි දන්න වෙනස,,ඕකට නෙවෙයි වෙනස කියන්නේ..එ්ක ඒ මිනිස්සුන්ගේ දහිරිය..එ්ක අගේ කරන්නේ නැතුව වෙන බහුභූත කියවන්න එපා..(බ)
මෙන්න සැබෑ දිරිය මිනිස්සු! (නි)
කලින් ජනාධිපතිතුමා හිටිය හම්බන්තොට මේ වගේ තැනක් හොයා ගන්නත් නැහැ. ඕකට තමයි වෙනස කියන්නේ. (නි)
රටටම ආදර්ශයක් දෙනවා. සුබ පැතුම්. (බ)
මේක ගිය ආණ්ඩුවෙන් කරපු වැඩක් නේද එතකොට? (නි)
ගොඩක් හොඳ වැඩක් (නි)
හැමෝටම ආදර්ශවත් වැඩක්. තම තමන්ගේ පළාතේ අය එකතුවෙලා මේ වගේ දේවල් කරගන්න බලන්න ඕනේ හැමදේම නිකන් ආණ්ඩුවෙන් දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව. ලංකාව තාම දුප්පත් රටක්. ණය වලින් තමයි ඔලුව උස්සන්න හදන්නේ. මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අඩුම ගානේ තමන්ගේ ගෙදර ඉස්සරහ පාරේ කානුව වත් සුද්ද කරලා පිළිවෙලට තියාගන්න බලන්න. එතකොට වතුරවලට පාර කැඩෙන්නේ වත් නැතිවෙයි. (බ)
කාලෙකට පස්සේ හිත සැනසෙන පුවතක් (බ)
තියෙන වැව් ටිකත් ගොඩවෙලා රජයේ කිසිම ප්‍රතිපත්තියක් නෑ , ඒවා හදන්න , රටට ඕනෙ තරම් වහිනවා , ඒවා එහෙම් පිටින්ම මුහුදට යනවා , ඒ වතුර හරියට ආරක්ෂා කළානම් නියගයට හොද විසදුමක් නේද ? , සොබාදහම ලස්සනට කිරල මැනල වැස්ස දෙනවා , මේ රටේ දේශපාලුවෝ රට කනවා (බ)
අඳුරේ ඉඳගෙන අඳුරට මැසිවිලි කීමෙන් නැත එළියක් එන්නේ. අඳුරට පහනක් දල්වන මිනිසා මිනිස් වගට එළියක් වෙන්නේ. වැහි එනකන් උඩ බලන් නොඉඳ ආදර්ශයක් වුන මිනිස්සු (බ)
ඔන්න දුරදක්නා නායකයෝ! විශ්වාසයි ජනපතිතුමා මේක දැක්ක ගමන් වැවු තාවුල්ලත් බඳිනවා. එතුමා දන්නවා ගොවි ජනතාව විඳින දුක (නි)
ඕක ගමේ හිත හොඳ ධෛර්යවන්ත මිනිසුන්ගේ වැඩක්. (නි)
දකිනකොටත් ආසයි මේවා (නි)
මෙන්න රත්තරන් ආදර්ශවත් මිනිස්සු. මේ වගේ මිනිසුන්ට තමයි පුලුවන් තරම් උදව් කරන්න ඕනෑ. (නි)
අතුල, මීට වැඩිය බුද්ධිමත්ව හිතුවොත් හොඳයි නේද.? (ර)
ඉතා අගය කලයුතුයි. ඔබට ජය. (ර)
වැසිවතුර වගාව සහ ප්‍රතිචක්රීකරනයේ පලදාව. (ර)
ඕක කවුරු මොන ආණ්ඩුවෙන් කලාද කියල වැඩක් නැහැ. හොද වැඩක් වගේම නුවන තියන හොද රටටම ආදර්ශමත් ක්‍රියාවක්. මේක අපි හැමෝම ආදර්ශයට ගන්න ඕන. (ර)
කෝ අනේ වැවේ වතුර.(හේ)