IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිඟන්නාගේ දාසයදාහ රාජසන්තකයි

යාචකයකුට අයිති   රුපියල් දහසයදාස් පන්සිය දාහතක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) රාජසන්තක කළේය.

කොළඹ කොටුවේ සිඟමනේ යෙදීමේ වරදට  පසුගිය ජනවාරියේදී අධිකරණයට ඉදිරිපත් කළ එම යාචකයා ළග තිබු  රුපියල් දහසයදාස් නවසිය දාහත උසාවි බාරයට ගෙන තිබිණි.

නඩුවෙන් වැරදිකරු වු ඔහුට රුපියල් දහයක දඩයක්ද ගැසිණි. එහෙත් හය මාසයක් පසුවී වුවද තැන්පත් මුදල ගැනීමට යාචකයා නොපැමිණිම නිසා එම මුදල රාජසන්තක විය.



අදහස් (0)

හිඟන්නාගේ දාසයදාහ රාජසන්තකයි

අමිළ කටුනායක Tuesday, 13 August 2013 06:46 PM

ඒ තැනැත්තාට මේ ගැන දැනීමක් නැතිව ඇති. හිගන්නගේ දේ ගන්නේ ඊට වඩා හිගන්නෝ.(නධී)

:       0       0

ලියනගේ Tuesday, 13 August 2013 01:23 PM

අයියෝ ඕවා මොනාද,,16000 කියන්නෙ දවසේ ආදායම වෙන්නැති.. අර පසුගිය දවස් වල අහුවුනේ වෑන් 2කුයි,කොලබින් ගේකුයි තියෙන හිඟන්නෙක්. (ස)

:       0       0

සුනෙත් Tuesday, 13 August 2013 01:27 PM

16000 ගන්න එන එක පාඩු ඇති මිනිහට (ස)

:       0       0

චමීර Tuesday, 13 August 2013 01:29 PM

හිඟන්නාගේ පාත්තරේට හෙන හුරා ගහලා..... භාගයක් හරි දෙන්න තිබිබෙ ඒ මනුස්සයට.. (ස)

:       0       0

ක්‍රිස් Tuesday, 13 August 2013 01:29 PM

අපෝ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නම් ඉක්මනට රජ සන්තක වෙනවා. හොර ජාවාරම්කාරයොගේ සල්ලි හොයාගෙන ගිහිල්ල එන්න කියල දෙන්නේ. (ස)

:       0       0

කැළුම් Tuesday, 13 August 2013 01:33 PM

අයියෝ රුපියල් දහය (ස)

:       0       0

වරුණ Tuesday, 13 August 2013 01:48 PM

හිගන්න හිතන්න ඇති ඔයගානට රස්තියාදු වෙනවට වඩා වෙන වැඩක් කරගන්න එක සමහරවිට ඔය ගාන මිනිහගේ දවසේ ආදායමද දන්නේ නැහැ?අර කොච්චිවල හිගා කනවා බරව කකුල් දෙකක් පෙන්නගෙන මිනිහගේ දවසේ අදායම මම හිතන්නේ 10,000 පන්නල බලන් යනකොට අපි තම හිගන්නෝ (අ)

:       0       0

ලියනගේ Tuesday, 13 August 2013 02:10 PM

අනුන්ට අයිති දේවල් රාජසන්තක කර, සියලු ජනතාවටම අයිතිකර අපිත් හිගන්නට ණයකාරයෝ කරන්ඩ එපා විනිසුරුතුමා! (දී)

:       0       0

රනා Tuesday, 13 August 2013 02:11 PM

මටනම් තේරෙන්නේ නැහැ මේ මොන නීතියක්ද කියල. (දී)

:       0       0

මනෝජ් Tuesday, 13 August 2013 08:29 PM

ඉඑළින් කියලා ඇති හිගන්නන්ගේ සල්ලි හරි ගෙනල්ලා රජයේ පාඩු පිරිමසන්න කියා.(නදී)

:       0       0

ගයන් Tuesday, 13 August 2013 02:56 PM

හිඟ කමත් වරදක්ද? අනෙ අපොය් අපේ රටේ නීතිය. පව් අහිංසක සිඟන්න. කාලයක් ඉතිරිකරපු සල්ලි වෙන්න ඇති සමහර විට. (දී)

:       0       0

ගයන් Tuesday, 13 August 2013 02:56 PM

හිඟ කමත් වරදක්ද? අනෙ අපොය් අපේ රටේ නීතිය. පව් අහිංසක සිඟන්න. කාලයක් ඉතිරිකරපු සල්ලි වෙන්න ඇති සමහර විට. (දී)

:       0       0

සමන් Tuesday, 13 August 2013 02:59 PM

දේශපාලකයෝ මොනවද කරන්නද මේකට (දී)

:       0       0

නිමලලලිත Tuesday, 13 August 2013 03:10 PM

මේ යාචකයට වඩා මහා ජනතව ගසාකමින් ජිවත්වන අය ඉන්නවා නේද. (දී)

:       0       0

ගයා Tuesday, 13 August 2013 03:15 PM

හිගන්නට නම් පාර්ට් එක දානවා ලොකු හොරෙක් අහු උනාම හැඟෙනවා ලැජ්ජයි අපිට මේවා දැක්කාම (දී)

:       0       0

ෆයිස් Tuesday, 13 August 2013 03:33 PM

හිගාකෑම තහනම් . නැති එකා මොකද කරන්නේ දැන් ඉතින් හොරකම් කරල තමා කන්න ඕන හිගන්නට පිලියමක් කරන්න රජය දැනගන්න ඕනේ

:       0       0

ලුම්බිණි Tuesday, 13 August 2013 03:43 PM

මේ වගේ දේවල් වලට නඩු දාන්න නම් අපේ පොලිසිය හරිම දක්ෂයි. (දී)

:       0       0

නාමල් Tuesday, 13 August 2013 11:31 PM

හිඟන්නාගේ පාත්තරේටත් බඩුම තමයි (ස)

:       0       0

සද රේඛා Tuesday, 13 August 2013 03:59 PM

පව් අනේ ඒ හිගන අයියා..., මට හරි දුකයි (දී)

:       0       0

බමුණු Tuesday, 13 August 2013 04:30 PM

රුපියල් දහසය දාහක් කියන්නේ අද මොනවද එත් එම මනුස්සයට එය ලොකු ගණනක්. පව් ඕකට තමයි කියන්නේ හිගන්නාගේ පාත්තරේ හෙනහුරා වැටුනි කියල. මහා ලොකු තැන්වල ඉඳගෙන මිනිසුන්න්ගේ සල්ලි පගා ගහන අය දැක්කම මෙ මිනිහාගේ හිගා කෑම මොකක්ද ? (දී)

:       0       0

අසේල + Tuesday, 13 August 2013 04:30 PM

අනුන්ගේ මුදල් හොරකම් නොකර ඉල්ලලා අරන් තියෙන්නෙ මේ මුදල හිගන්නට අය්තියි මෙය රාජසන්තක කිරීම පනතේ නැහැ වගන්ති කියවා බැලුවේ නැද්ද ........ (දී)

:       0       0

බමුණු Tuesday, 13 August 2013 04:32 PM

"දේශපාලකයෝ මොනවද කරන්නද මේකට" ඒ අයට මේකට තියා වෙනදේකට වත් කරන්න දෙයක් නැත. (දී)

:       0       0

අසේල Tuesday, 13 August 2013 04:35 PM

හොරකම් නොකර හිගා කෑවත් වැරදිද ,? (ත)

:       0       0

දයා අළහකෝන් Tuesday, 13 August 2013 04:49 PM

මම නම් හිතන්නෙ නැහැ එයා තමන්ගේ සල්ලි රාජසන්තක කරන්න කැමති වෙයි කියලා (නි)

:       0       0

ගයන් Tuesday, 13 August 2013 05:13 PM

අසේල, ඔබ යන්නේ කොහේද ඇහුවම මල්ලේ පොල්..වරද තියෙන්නේ සල්ල්ලි ඉල්ලීම නොවෙයි, සිඟමන් යැදිම තහනම් කලාපයක සිඟමන් යැදීම.(අ)

:       0       0

ලලිත් Tuesday, 13 August 2013 05:50 PM

කොළඹ කොටුවේ සිඟමනේ යෙදීමේ වරදට දඩය රුපියල් දහයක් නම් එයා ළඟ තිබුණු රුපියල් දහසයදාස් නවසිය දාහත උසාවි බාරයට ගත්තේ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3207 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2334 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3177 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3062 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site